සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක ඔහු තනි කරන්නට හිතුවේ නැහැ.හැම උදෑසනක ම මා ඔහු දකින්නට ගොස් පැයක් පමණ වේලාවක් ඔහු අසල සිටියා.ඔහුගේ හිස අතගාමින් කතා කරමින් මා ඔහු සමඟ සමග සිටින බව...
ඒ අසීරු කාලයේ මගේ දින චරියාව ඉතා පුදුමාකාර එකක් වුණා.මගේ නිවසෙන් ඈත් ව මගේ දියණියගෙන් ඈත්වී මා ගෙවා දැම්මේ ඉතා දිගු දවස්.නමුත් ඒ දවස්වල වූ වෙහෙස ගැන මගේ හිතට කුඩා හෝ පසුතැවීමක් නෑ.මගේ සෑම වෙහෙසක් ම සෑම කඳුලක්ම වැය කළේ මා මේ ලෝකයේ වඩාත් ආදරය කරන මිනිසා වෙනුවෙන්.
ඒ කාලයේ...
දෛවය අපේ ඉරණම කොයි ආකාරයට විසඳාවිදැයි නොදැන සිටියත් මම සුධාරක වෙනුවෙන් ඒ කාලයේ නිරන්තරයෙන්ම කැප වුණා.කතා කරන්නට නොහැකි වුණත්,මගේ අතින් වතුර උගුරක් හෝ බොන්නට නොහැකි වුණත් මා එතැන හිඳින බව ඔහුට හැඟෙන බව මට සිතුණා.
"මම රටට ලොකු වීරයෙක්.මහා වගකීමක් තියෙන රස්සාවක් කරන මිනිහෙක්.මට මහා ආරක්ෂාවක් දැනෙන්නේ ඔයා මගේ ළඟ...
මම මේ කතාව තුළ සහමුලින්ම විවෘතව ඔබට පෙන්වන්නේ මගේ චරිතය පමණයි.සුධාරක සම්බන්ධයෙන් ද ඔහුගේ පෞද්ගලිකත්වය සුරකිමින් බොහෝ දේ මම ඔබට කියනවා.නමුත් මම අනෙක් අය ගැන කතා කළේ ඉතාමත් අඩුවෙන්.ඒ මගේ පාර්ශවයෙන් වගේම ඔවුන්ගේ පාර්ශවයෙන් ද කතාවක් තිබිය හැකි නිසා.නමුත්, ඔබේ සමහර ප්‍රතිචාර කියවාගෙන යද්දී මට එක් දෙයක් වැටහෙනවා.මා විනිශ්චයට...
දරුවෙකු අසනීප වීම මවකට ලෝකයේ ඇති දරුණුතම වේදනාව වන බව කවුරුත් දන්නා දෙයක්.නමුත් මේ අසීරු මොහොතේ පවා සුදාරකගේ අම්මා සිටියේ ඉතා සාමාන්‍ය ලෙසටයි.බට ගසා යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ පුතු දුටු මොහොතේ වත් ඇගේ ඇසින් කඳුළු බිංදුවක් වත් වැටුණේ නැහැ.මම අවසාන පිහිට යදිමින් රුවන්වැලි සෑය වටා සක්මන් කරද්දී ඇය එක්...
සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව ම මම ඒ වෙනුවෙන් ගියේ සුදාරක වෙනුවෙන් සත්‍ය ක්‍රියා කර ඔහුගේ සුවය පැතීමටයි.මා වෙනුවෙන් ඒ ගමනට සුදාරකගේ අම්මා සහ නංගි ද එක් වුණා.
"පහේ කාසියක් ගන්න.ඒ කාසිය දෙහි...
සුධාරකගේ තත්වය යහපත් වන තුරුම කල් බලන්නටත් ඔහුට සම්බන්ධ කර ඇති යන්ත්‍ර නොගලවන්නටත් මට වෛද්‍ය කණ්ඩායම අවසානයේ දී පොරොන්දු වුණා .
"මේ රට ජාතිය වෙනුවෙන් බොහෝම විශාල මෙහෙවරක් කරපු විශිෂ්ට රණවිරුවෙක් බව අපි දන්නව.ඔහුගේ එඩිතරකම ගැනත් රට වෙනුවෙන් කරපු දේවල් ගැන අපි අහල තියෙනවා.මේ විදියෙන් හෝ හදවත ක්‍රියා කරන තුරුම...
එසේම මට තිබූ විශාල ම බියක් වූයේ සුධාරකව සම්බන්ධ කර තිබූ යන්ත්‍ර ගලවා දැමීම කිනම් මොහොතකදී සිදුවේදැයි යන්නයි. බේරාගත නොහැකි බව වෛද්‍ය කණ්ඩායම් වලට වැටහුණහොත් අවස්ථාව වෙනත් අයකුට ලබාදීම සඳහා යන්ත්‍ර ගලවා දමන බව මා දැන සිටියා.නමුත් යන්ත්‍රයකින් හෝ සුදාරක ජීවත් විය යුතු බව මම තරයේ ම සිතමින් සිටියා
"ඩොක්ට,සුධාරකගේ...
සුධාරක දකින්න අනුරාධපුරය රෝහලට ගියේ මමත් ඔහුගේ නැගනියත් , මස්සිනාත් බව මම පැවසූ හැටි ඔබට මතක ඇති.අපි එදා හවස් වන තුරුම රෝහලේ රැඳී සිටියා.එතැන සිටි සෑම කෙනෙකුම,වෛද්‍ය කාර්යමණ්ඩලයේ හැමකෙනෙක්ම මාව හඳුනා ගත්තේ ඔහුගේ බිරිඳ ලෙසට.ඒවා නිවැරදි කරමින් සැබෑ තත්වය පැවසීමේ උවමනාවක් හෝ හැකියාවක් ඒ මොහොතේ මට තිබුණේ ද නැහැ....
මට ඔබට කියන්නට මඟ හැරුණු කාරණාවක් තිබෙනවා.ඒ සුධාරක දකින්නට අපි ගියේ අනුරාධපුර රෝහලට බවයි.ඒ කාරණාව ගැන විශේෂයෙන් ලියන්නට අමතක වූ නිසා මම අද එය මුලින්ම ඔබට සිහිපත් කරන්නට සිතුවා.ඔහු මන්නාරම රෝහලින් අනුරාධපුර වෙත මාරු කර එවා තිබූ අතර අපට කොළඹ සිට යා යුතුව තිබුණේ අනුරාධපුරයටයි.නමුත් උදෑසන තේ බී හීන්...