(අ)හිමි සිහින -137

මට ඔබට කියන්නට මඟ හැරුණු කාරණාවක් තිබෙනවා.ඒ සුධාරක දකින්නට අපි ගියේ අනුරාධපුර රෝහලට බවයි.ඒ කාරණාව ගැන විශේෂයෙන් ලියන්නට අමතක වූ නිසා මම අද එය මුලින්ම ඔබට සිහිපත් කරන්නට සිතුවා.ඔහු මන්නාරම රෝහලින් අනුරාධපුර වෙත මාරු කර එවා තිබූ අතර අපට කොළඹ සිට යා යුතුව තිබුණේ අනුරාධපුරයටයි.නමුත් උදෑසන තේ බී හීන් සීරුවේ ඇඳ පැළඳ ගත් මස්සිනාට අපව අනුරාධපුර රැගෙන යන්නට එතරම් වෙලාවක් ගත වුණා.සුධාරක මන්නාරමේ ම සිටියානම් ඒ වෙලාව තවත් කල් ගත වෙන බව දැනෙද්දී මට සැබෑවටම තවමත් දැනෙන කෝපය නිම්හිම් නැහැ.

මා ඔහු සමඟ විවාහ වී සිටියානම් මේ කිසිවක්ම සිදු බවට ඔබ සියලු දෙනා අදහස් පළ කර තිබුණා.මාස කිහිපයක් තිස්සේ මගේ කතාව අසමින් මා ඔබේ සොහොයුරියක් තරමට ම ළං කර ගත් ඔබ එසේ පවසන්නේ මට ඇති සැබෑ ආදරය නිසා බව මම දන්නවා.නමුත් මා ඔබට දෙයක් පැවසිය යුතුමයි.සුදාරක මගේ වසර ගණනක් පැරණි ප්‍රේමයයි.කිසිවක් ම නො දන්නා වයසේදීම විවාහ වූ මගේ පළමු සැමියායි.ජීවිතයේ බොහෝ දේ අහිමි වී තිබියදී අපි අපට හමු වුණා.අපි නැවත ආදරයෙන් එක්ව විසීමට තීරණය කළා.සුදාරක සමහරවිට දිල්හානි සමඟ දික්කසාදයට නොපෙළෙඹෙන්නට ඇත්තේ ඔහු ඔහුගේ දරුවන්ට ආදරේ කළ නිසා වෙන්නට ඇති.දරුවන්ට පිය අයිතිය අහිමි නො කරන්නට ඔහු සිතන්නට ඇති.ඒ නිසාම මටත් මගේ දියණියට තාත්තාව නිත්‍යානුකූලව අහිමි කරන්නට උවමනා වූයේ නැහැ.නීත්‍යානුකූල බැඳීම් එලෙසම තබා අපි හදවතින් බැඳී සිටියා.ඒ ලෝකය තුළ අපි තිදෙනා බොහොම සන්තෝසයෙන් ජීවත් වුණා.

ඔව්! ඔබ නිවැරදියි.මෙවැනි මොහොතක් ද එන්නට ඉඩ ඇති බව මටත් ඔහුටත් කල්පනා කරන්නටත් තිබුණා.නමුත් ආදරය ඇති තැන අපට එතරම් දුර නොපෙනුණු බව  පිළිගත යුතුමයි.සමහර ප්‍රශ්න වලට අපට මුහුණ දෙන්නට සිදුවන බව ද අපට තේරුම් යන්නේ ප්‍රශ්නයට ලක් වූ විටයි.ඒ මා ගෙවමින් සිටියේ එවැනි මොහොතක්.ජීවිතේ සමහර අවස්ථා අපට කල්තියා සැලසුම් කරන්නට බැහැ.නමුත් විය හැකි නරකම දේ ගැන සුළුවෙන් හෝ කල්පනා කළහොත් සමහර ඛේදනීය සිදුවීම් වලක්වා ගන්නට පුළුවන් බව මම පිළිගන්නවා.එය එසේ නොවූ නිසා මේ මොහොත තනිව විඳගන්නට මට සිදු වුණා.

සුදාරක ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකම මා ඔහු වෙනුවෙන් බාර හාර වීම ගැන තරයේ විශ්වාස කළා.වෙඩි තැබීම් ශූරයකු වූ ඔහු තරගයකට යන්නට පෙර හැමදාමත් මගෙන් ඉල්ලීමක් කළා.

“මං වෙනුවෙන් බාරයක් වෙන්නකො මැනිකේ.ඔයා මං වෙනුවෙන් භාරයක් ගැට ගහල නෑනෙ.මොකද්ද මැණිකේ ඔයා මට කිසි ආදරයක් නෑ.”

මම ඒ ඉල්ලීම් හැමදාමත් ඉටු කළ ඉතාමත් සන්තෝෂයකින්.මම ඔහු වෙනුවෙන් වන බාර කිසිම අවස්ථාවක වැරදී ගියේ ද නැහැ.ඒ නිසා මට ඉක්මනින් අනුරාධපුරයට යන්නට වුවමනා වුණා.එහි ගොස් මගේ සුදාරක වෙනුවෙන් භාරයක් වන්නටත් මට තිබුණේ නොඉවසිල්ලක්.ජීවිතයේ අසරණවූ අවස්ථාවල නොපෙනෙන පිහිට පතනවා යැයි කියන්නටත් බැහැ.අපේ වන්දනීය පූජා අපිට හොඳ විශ්වාසයක් තිබුණා.

මම ගත කළ අතිමහත් අති මහත් මානසික පීඩාව බිඳී ගියේ ඔහුගේ ඉහළ නිලධාරියෙකු මට ගත් වීඩියෝ ඇමතුම නිසා.ඒ ගැන වෙද්දිත් මා ඉතාමත් සංවේදී වෙනවා.බිරිඳක ලෙස මා දරා ගත් ඒ මොහොත ගැන මම හෙට දිනයේ ඔබට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content