Mini Stories

Alyssa Carson සහ ඇගේ අභ්‍යවකාශ ප්‍රේමය ඇරඹෙන්නේ ඇය කුඩා දැරිවියක වියේ සිටියදී.ඇයගේ සුවිසල් සිහිනය වන්නේ අඟහරු ලෝකයේ පළමු ජීවියා බවට පත්වීමයි.විසි හැවිරිදි හිරිමල් යුවතියක වන ඇය ලොවම පුදුම කරවන ඇයගේ සිහිනය වෙතට ළඟා වීමේ අරමුණින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා."මම අභ්‍යවකාශය වෙත ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ ඉතාමත් කුඩා කාලයේ සිටමයි.මට...
"ඔයාගේ දරුවා මානසික රෝගියෙක්.මෙයාව නම් මේ ඉස්කෝලෙ තියාගන්න බැහැ." "මෙයා වගේ ළමයෙක් නම් මම ජීවිතේට දැකල නැහැ." "හැම ලමයටම මේ ලමය කරදරයක් , මගේ පංතියේ මේ දරුව තියාගෙන අනෙක් ලමයින්ට උගන්වන්න මට බෑ" ඔයා අම්ම කෙනෙක් කියලා හිතන්න.ඉතින් ඔයාගෙ දරුවට ගුරුවරුන්ගෙන් හැමදාම ඔය වගේ ප්‍රතිචාර එනවනම් ඔයා කොතරම් මානසික පීඩාවකට වෙනවද කියලා...
" බලාපොරොත්තුව දෝත දරා මගබලා හිඳියි ඔබ එනතුරාආයෙ හෙට දවසක් තියේවිද අද වාගේජීවිතේ සුන්දරද මෙතරම් " මං ටීවි එක දානකොටම රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟයක්. විනිශ්චය මණ්ඩලය සම වැදිලා වගේ ගීතය අහගෙන ඉන්නවා. ෆෝන් එක අතට ගන්න ගමන් මං වාඩිවුනේ රූපවාහිනීයේ හඬ වැඩි කරමින් " සුවඳ දැනී.. දැනී දැනෙනවා…" හුරුපුරුදු කටහඬක්. මං උනන්දුවෙන්...
මාරි කොන්ඩෝ ,මේ නම දැනටමත් ඔබ දන්නවා ඇති.ඇය පිරිසිදුකම සහ පිලිවෙල පිළිබඳ විශේෂඥවරියක්.ඒ වෙනුවෙන් ලොව පුරා දේශන පවත්වන්නියක් සේම ඉහළම අලෙවියක් හිමි පොත් කිහිපයක කතුවරියක්. ලොව පුරා ජනප්‍රිය අස්පස් කිරීමේ ක්‍රමවේදයක් වන konmari ක්‍රමයෙහි නිර්මාතෘවරිය ඇයයි. සමහර විට ඔබ තරමක් පුදුමයට පත්වනවාත් ඇති.අප බොහෝවිට විශේෂඥ තාවයන් ආරූඪ කරන්නේ වෛද්‍ය,විද්‍යාත්මක,ඉංජිනේරු,කළමනාකරණ,ආදී සුපුරුදු වෘත්තීන්...
"ආදරේ විවාහයෙන් අවසන් වෙනවා" ඒ කතාව මුලින්ම අහපු දවසේ අමා ඒක විහිළුවකට ගත්තා.ආදරේ විවාහය නිසා තව වැඩි වෙනවා.ඇය හිතුවේ ඒ විදියට.අවුරුදු ගාණක් පුරා ආදරේ කරපු සහන් එක්ක විවාහ වුණාට පස්සේ ජීවිතය තවත් සුන්දරව ගලන්න පටන් ගත්තා.සහන් හැමදෙයකටම අමාට උදව් වුණා.හැම වැඩක්ම අපේ වැඩක් මිසක් අමාගේ වැඩ කියලා නොහිතන සහන් නිසා...
මම පහළ මිටියාවත දෙස බලා හුන්නෙමි. කන්ද පහළ ඇත්තේ පටු මාවතකි.මා මේ මාර්ගය දිගේ මෙතරම් දුරක් පැමිණි බව මට විශ්වාස කරන්නට නොහැකි තරම් ය. "ඇත්තටම ඔය ළමයිව මේ කාලෙ හොයන්න අමාරුයි ළමයෝ.." විදුහල්පතිතුමා මට උපරිම කාරුණික හඬින් පැවසී ය. ඔහු බොහෝ කල් සටන් කරන්නට ඇත.බොහෝ දෑ අත හරින්නට ඇත.මට එසේ කරන්නට...
උමා තමන්ගේ ස්ථීර නිවස උන ළමා නිවාසයේ ගේට්ටුව දිහා බැලුවේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින්. මාස කීපයකට තමන්ට අම්මා තාත්තා වෙච්චි ඒ ආදරණීයයන් දෙන්න ආයේ එයිද කියලා උමා හැමදාම මග බැලුවා.ඇයට ඕන උනේ ඒ ගෙදර හැදුන රස කෑම බීමවත් , සැප පහසු ජීවිතයවත් නෙමෙයි , අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි ආදරේ....
"ආනේ භාෂි අක්කා..ඔයා මේ වීක් එකත් නිවාඩු කියලා අපි හිතුවේ.." භාෂිණී ස්ටාෆ් රූම් දොර ඇරගෙන ඇතුළට එනකොටම අපේ ස්ටාෆ් එකේ පුංචිම කෙල්ල චතූ ගිහින් භාෂිණීගේ අත අල්ලා ගත්‍තා.මහන්සි පාට වුණත් සන්තෝසෙන් ඔප වැටුණු ඇස් දෙක දිහා මම බැලුවේ ආදරෙන්. "අනේ..අක්කගෙ ඇස් ඉදිමිලා.නිදාගත්තෙම නෑ නේද?" චතූ ආයෙමත් කියනවා.භාෂිණී හිනා කටක් පුරවාගෙන වාඩි වුණා. "චතූ...
"අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?" නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය. "අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න." අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට...
ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව ඇස් මානයේ තබා ගැනීම මගේ අරමුණ විය. හෘදයාබාධයක් නිසා හදිස්සියෙ මියගිය අම්මාව සිහිපත් කරමින් තාත්තා මහ රෑට කඳුළු සලන බව මට ඕනෑ තරම් දැනී ඇත. "...