කාර්යාලයේ මිනිසුන් ට දිසත් ව අමතක වූවා නොවේ. නමුත් අනිත් කටයුතු අතරේ ඔහු යට ගියේ ය. ඔහු ආයතනයෙන් ඉවත් වූ නිසා කේෂි යළි ඔහු සොයා ගෙන එහි ආවේ ද නැත. ඒ නිසා එය ඉස්මතු වන යමක් වූයේ ද නැත. අවසානයේ අමාරසී පමණක් කැළලක් සේ ඔවුන් ගේ ඇස් ඉදිරියේ ඉතිරි...
හිරු දවසේ විඩා නිවමින් බටහිර අහසේ ගිලී යන්නට සූදානම් ව තිබිණි. ඒ අවට අහසේ වූයේ දීප්තිමත් රතු තැඹිලි හා කහ පැහැයන් ය. වැරැන්ඩා කුළුණකට හේත්තු වී අමාරසී නෙතු පිය දල්වා එදෙස බලාන සිටියා ය. ඇගේ හිත සුදු කඩදාසියක හිස් බව දැරී ය.
දිසත් සමගින් අජිත් කතාවට වැටී සිටියේ ආලින්දයේ ය....
දිසත් එදා රෑ බෝ වන තුරු ම අමාරසී ගේ ගෙදර රැඳුණේ ය. නමුත් වෙනදා ඔහු සිටි මොහොතක දැනුණ සතුට හෝ සැහැල්ලුව අමා වෙත වූයේ නැත. ඇය තුළ කිසියම් භීතියක් ලියලමින් තිබිණි. සමහර විට ඒ කුමක් දැයි ඇය වුව නිසැක ව දැන නො සිටියා ය. නිර්මලා, අජිත් හා දිසත් අතරේ...
මුදු සුළඟ වුණත් රුදු වන අවස්ථා තිබෙන්නේ ය. චණ්ඩ ප්රචණ්ඩ වී විනාශයන් කරන්නට එහෙව් සුළඟට පුළුවන. මේ හමා එන සුළඟත් එවැන්නක් බව අජිත් ට ජීවන අත්දැකීම් විසින් සිහිපත් කරවන ලදී. නමුත් මහ පර්වත මුදු පවනටත් රළු සුළඟටත් මුහුණ දෙන්නේ එක ම හදවතකිනි.
"කෝ අර කෙල්ල..."
අජිත් හැසිරුණේ පසු ගිය කාලය පුරා...
දිසත් සිය ඉල්ලා අස් වීම විද්‍යුත් තැපෑලෙන් අදාල අංශ වෙත යොමු කළේ ය. සියල්ල සිදු වූයේ හරි ඉක්මනින් කෙටි කාල පරාසයක් තුළ දී ය. ඔහු ගේ හදවතේ නිරන්තර මැවි මැවී පෙනුණ දර්ශනයක් විය. අමා පාද වල ඇඟිලි තුඩගින් එසවී, ගෙල මඳක් දිගු කොට ගිනුම් අංශය දෙස බලා ඇගේ මුදු...
අමාරසී ගේ ඇස් රතු වී තිබිණි. අම්මා ට කඳුළු නො පෙනෙනු වස් මූණ තදින් පිස දා ගෙන ගෙදරට ගියාට, ඇස් පොඩි කිරීමත් හැඬීමත් නිසා ඇති වූ රත් පැහැය නිර්මලා ගෙන් සැඟවිය හැකි වූයේ නැත. කිසිත් ප්‍රශ්න කළ යුතු ද නැත්ද කියා ඇය හුඟක් සිතුවා ය. අන්තිමට,
"මුකුත් ප්‍රශ්නයක් එහෙම වුණාද.."
කියා...
පරාක්‍රම කියන්නේ හැම දාමත් සිය දියණියට වඩා බෑණා නිවැරදි යයි සිතූ කෙනෙකි. දිසත් කේෂි ගෙන් නීත්‍යානුකූල ව වෙන් වෙන්නට තීරණය කළ එක ගැන ද හෙතෙම දොසක් නොකීවේ දිසත් නොව කේෂි වැරදි බව ඇසින් දුටු බැවිනි. කනින් ඇසු බැවිනි. නමුත් දිසත් සිය කාර්යාලයේ තරුණියක සමග පෙම් සබඳකමක් ඇති කර ගෙන...
නිරිත දිග මෝසම සක්‍රිය වී වස්සානය ඇරඹී තිබුණෙන් නිතර වැහි වසින්නට වූයේ ය. විශේෂයෙන් ම මේ හැන්දෑවට වැහි වැටෙන දවස් විය. අවන්හලෙන් පිටත වැහි වැටෙන හැන්දෑව මනහර දර්ශනයක් මවා තිබුණේ ය. ඉබි ගමනේ හෙමිහිට ඉදිරියට ඇදෙනා පෙළ දෙසත්, ඈතින් පෙනෙනා දිය නාන රොබරෝසි ගස් පෙළ දෙසත් අමාරසී මාරුවෙන් මාරුවට...
වැස්සට තෙමුණ මුදු පෙති ඇති මලක් සේ අමාරසී ශෝක වර්ෂාවෙන් පෙඟී සිටියා ය. ඒ වුණත් ඇය සිය ආත්ම ශක්තියට ඉස්සර වී ඉන්නට ඉඩ දුන්නා ය. වෙනදා වගේ උදේ පාන්දර ගේ ඇතුළේ ඇගේ සිනා කතා හඬ ඇසුනේ නැත. අජිත් හා නිර්මලා වෙනසක් නැති සේ හැසිරෙන්නට උත්සාහ කල ද, ඒ උත්සාහය...
ඒ වෙලාවේ අමාරසී සිටියේ සිය මිතුරියන් දෙදෙනා හිඳ උන් සෝෆාවේ පිටුපස හිටගෙන ය. කේෂි ව දැකීමෙන් මුළුමනින් වියළී ගියා සේ දැනෙත්දී ඕ ළඟ වූ බිත්තියට හේත්තු වී සෝෆාවේ කොනක් තදින් අල්ලා ගත්තා ය. සුවාසු දහසක් වාර ගණනක වේගයෙන් ඇගේ හදවත ගැහෙමින් තිබිණ.
"අද ඔෆිස් නැති නිසා මං ඇනෙක්ස් එකට ගියා....