විවාහක ගැහැනියක ගේ වඩාත් ම හද බිඳවන ඛේදවාචකයක් වනුයේ සිය සැමියාට තවත් පෙම්වතියක, අනියම් බිරිඳක සිටිනවා ය යන්න දැන ගැනීමයි. එය ඈ තුළ දනවන්නේ සිය අභිමානය බිඳ වැටීම පිළිබඳ හැඟීමකි. ප්‍රතික්ෂේප වීම පිළිබඳ හැඟීමකි. හීනමානය පිළිබඳ හැඟීමකි. ආදිත්‍යා ගේ සිත ද මේ සියල් සිතිවිලි වලින් කීතු කීතුවට ඉරී ගොස්...
වැස්සක් වහිමින් තිබිණි. ආදිත්‍යා මින්දුල ව වඩා ගෙන සඳැල්ලට වී වැස්ස දෙස බලාන සිටියා ය. දුමාල් ගේ කාමරයේ දොර වැසී තිබුණේ ය. ඔහු උදේ රැකියාවට යනු පිණිස පිය ගැට පෙළ බහිනවා ආදිත්‍යා කාමරයේ වීදුරු ජනේලයෙන් දුටුවා ය. කාර්යාල ඇඳුමට ඔහු බෙහෙවින් කඩවසම් යයි ඇය ට සිතිණි.
රැකියාවක් කළා නම් හොඳ...
විකුම් කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය. ඔහු ට අමුත්තක් දැනෙමින් තිබිණි. හැන්දෑවේ වූ සිද්ධිය වරින් වර ඔහු ගේ මනසේ මැවේ. ආදිත්‍යා- සිය බිරිඳ මින් පෙර කිසි දාක එවැනි බැල්මකින් ඔහු දෙස බලා නැත.
ඒ තරම් ශක්තියක් ඈ වෙත ළඟා වූයේ කොතැනක සිට දැයි ඔහු ට සිතා ගත...
දුමාල් ව දුටු ආදිත්‍යා ගේ හැඬුම මඳකට සමනය වූයේ ය. පිටස්තර පිරිමියෙකු ට පේන්නට විවාහක ගැහැනියක මෙසේ හඬා වැටෙනා එක හොඳ නැති බව, සියල් මනස්තාපයන් අතරේ ම ඇය ට කල්පනා වූයේ ය.
දුමාල් මුහුණේ හා ඇස් වල ඉරියව් වලින් ඇයි කියන ප්‍රශ්නය නැගුවේ ය. ආදිත්‍යා අතැඟිලි වලින් දෑසේත් කොපුල් වලත්...
"අම්ම ඉන්නව ආදිත්‍යා"
දුමාල් ඒ වචන ටික කීවේ සුසුමකිනි. ඒ සුසුම තුළ තැවරී තියෙන්නේ ශෝකයක් ද සතුටක් ද සැනසීමක් ද කියා වෙන් කොට හැඳින ගන්නට ආදිත්‍යා ගේ හිතේ නිරවුල් බවක් වූයේ නැත.
"අම්ම කඩේ වැඩ කරන්න පටං ගත්තට පස්සෙ අපේ ජීවිත ටික ටික වෙනස් වෙන්න පටං ගත්ත. අපේමයි කියල අටෝගත්ත පැල්...
මග එමින් සිටි ත්‍රීරෝද රථයකට අත දමා ආදිත්‍යා එය නවතා ගත්තා ය. දුමාල් සන්සුන් දෑසකින් බලා සිටියේ ය. අනතුරුව ත්‍රීරෝද රිය පිටුපස සිය කළු පාට ස්විෆ්ට් රිය පදවා ගෙන ගියේ ය. ඔහු ඇය හඹා ඒවියි ආදිත්‍යා සිහිනෙනුදු සිතුවේ නැත. ඈ රිය නතර කරවූයේ පෙර දාක ආමන්තා හා දුමාල් සමගින්...
ඔවුන් ගියේ ඇවිදින මං තීරු, හංසයන් පීනන පොකුණු සහිත උද්‍යානයකට ය. කොළ පාට ඇස් මත ලියැවී ඇති කතා ගොන්න වරින් වර තරුණයා ගේ අවධානය ට ලක් විය. මින්දුල ව ඇවිදවන්නට ත් ඔංචිලි පදවන්නටත් උපක්‍රමශීලී වෙත්දී ඒ ඇස් මත වූ බලාපොරොත්තු සහගත ප්‍රීතියට යටින් ලොකු දුකක් තදින් ඇලවී තිබුණේ ය....
විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො හැකි දුකකි. වාවා ගත නො හැකි ආත්ම අසරණ කමකි.
විකුම් ඇය ට පෙම් නො කරනා බව ආදිත්‍යා මුල සිට ම දැන සිටියා ය. ඔවුන් දෙදෙනා අතරේ...
තරුණියන් දෙදෙන මින්දුල සමගින් විහාරය තුළට යත්දී දුමාල් විතානාච්චි ද ඔවුන් පසු පස ආවේ ය. බලහත්කාරයෙන් ම ඔහු මේ විදිහට උදව් කරන්නට ඉදිරිපත් වීම ගැන සතුටක් ආදිත්‍යා තුළ වූයේ නැත. නමුත් ආමන්තා ගේ සිත උත්කර්ෂයට පත් ව තිබිණි. අක්කා ඔහු ගැන ඒ හැටි වගක් නැති ව පය ඉක්මන් කොට...
විකුම් විජයවික්‍රම හිතුවක්කාර සිනහවක් නගා ගත්තේ ය. ඔහු වෙතින් මත් පැන් සැරක් හැමුවේ ය. ඒ ඇස් වල සුදු ඉංගිරියා රතු වී ඇති සැටිත්, ඇස් පියන් අඩවන් වී ඇති සැටිත් ආදිත්‍යා ට මැනවින් දැක ගත හැකි විය.
"මගෙං ඔහොම ප්‍රශ්න කරන්න තමුන්ට මොකද්ද තියන අයිතිය ආ.."
විකුම් එහෙම ඇහුවේ සිනහ වී ගෙන...