පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට කතා කර ගත්තේ මා හා නංගී දෙදෙනා ම විභාග වලට සූදානම් වෙමින් සිටි නිසා ය. මගේ විභාගය නිම වූ පසු සුදුසු තැනක් බලා බෝඩින් විය...
මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා යළි ඊළඟට පාසල් යන දිනයේ දී ඒවා ගෙන ගියා පමණි. පන්තියක් කියා දෙයකට ඇය ගියේ මගේ පෙරැත්තයට අම්මා දැමූ ශිෂ්‍යත්ව පන්තියට පමණකි.
පන්ති යාම ප්‍රමාණවත් යයි...
මා ගෙදර යත්දී නංගී පුපුරු ගසන මුහුණෙන් යුතු ව පරණ ඇඳ මත හිඳ ගෙන සිටියා ය. අම්මා ගේ මුහුණේ ත් හොඳක් නො වුණෙන් මම ඔවුන් දෙදෙනා ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූයෙමි.
"මෙයා අජිත් එක්ක රණ්ඩු වෙලා ඇවිත් තියෙන්නෙ"
මගේ කුහුල් සිත සන්සිඳවනු වස් අම්මා කීවා ය. මම සුසුමකින් ගොස්...
මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා හිතන්නට මට ඕන වුණේ ය. මම නෙරංජලා ට නො පෙනෙන සේ යන්තම් මගේ අතක් කොනිත්තා බැලුවෙමි. අත රිදුණේ ය. ඒ නිසා මේ සිහිනයක් නොවේ යි මම සිතා ගතිමි.
"ආ පූජා...ඔයාගෙ අකමැත්තක් නෑ නේද පුතේ...ඕනෙනං මං ඔයාගෙ අම්ම තාත්තා එක්කත් අද ම කතා කරන්නං"
"අනේ...
අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිඵල ලබා ගත්තේ ආකාශ් ය. මම පරිගණක තිරයට හෝ නෙතු නො යොමා පාෂාණිභූත ව පසෙකට වී බලා සිටියෙමි. ආකාශ් ගේ මුවග සිනහවක් ඇඳුණේ ය. මගේ හදවතට සිහිල් සැනසිලිදායක බවක් දැනිණ.
ආකාශ් ඇවිත් මා වැළඳ ගත්තේ ය. නෙරංජලා ඉදිරියේ එය ලැජ්ජාවක් සේ දැනුණත්, ඊළඟට මා නතු වූයේ ඇගේ...
මම ඉතා සතුටෙන් මෙඩි කෙයා සාත්තු නිවාසයේ වැඩ කරන්නට වූයෙමි. පෙර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කිරීමත්, මෙවන් ස්ථානයක වගකීම් සහගත තනතුරක් දැරීමත් අතරේ විසල් වෙනසක් තිබෙන බව මට හොඳින් ම අවබෝධ විය. කුඩා දරුවන් පිරිසක් අතරේ ගෙවුණ ජීවිතය බෙහෙවින් සුන්දර ය. රෝහලක ඖෂධ, රෝගීන්, වෛද්‍යවරුන් හා වගකීම් අතරේ ගෙවෙන...
සඳ එළිය වඩාත් සෞම්‍ය වූයේ ය. මගේ කාමරය මට අහිමි වී තිබුණෙන් මම ගෙදර දොරකඩ උළුවස්ස මත හිඳ, ළමා වියේ පටන් දකින්නට මා මහත් සේ ආශා කළ සඳ දෙස බලා ඉන්නට වීමි. වැඩි වියට පැමිණීමෙන් පසු මා සඳ දෙස වුව බැලුවේ යන්තම් හොරැහිනි. ඒ, මිදුලේ නානා ප්‍රකාර පිරිමින් රංචු...
ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට වුව මට සිහිපත් නොවූ තරමි. මේ පුදුමය මගේ පුංචි හිතට විසල් වැඩි වූ තරම ය.
"පූජා ඇයි බය වෙලා වගේ...."
ආකාශ් මඳහස තවත් පිපෙන්නට හරිමින් ඇසුවේ ය....
නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක අස්වැසිල්ලක් ගෙන එන්නටවත් ද කියා මට සිතිණි. ඒ තරමට ම ඕ මගේ හිත හැදෙන කතා කීවා ය. මගේ හිතට දිරි ලැබෙන කතා කීවා ය.
කිසිදු වටිනාකමක්...
වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම් හතකවත් මළ ගෙවල් අත් හරින්නෙකු නො වන බැවිනි. හත් දොහක් ගෙවෙන තෙක් තාත්තා මළ ගෙවල බූරු පොලෙන් නො නැගිටින බව ආච්චම්මා කියන්නී ය. එවිට ඔහු...