fbpx

සඳක් කළ සක්මන් -30

මම ඉතා සතුටෙන් මෙඩි කෙයා සාත්තු නිවාසයේ වැඩ කරන්නට වූයෙමි. පෙර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කිරීමත්, මෙවන් ස්ථානයක වගකීම් සහගත තනතුරක් දැරීමත් අතරේ විසල් වෙනසක් තිබෙන බව මට හොඳින් ම අවබෝධ විය. කුඩා දරුවන් පිරිසක් අතරේ ගෙවුණ ජීවිතය බෙහෙවින් සුන්දර ය. රෝහලක ඖෂධ, රෝගීන්, වෛද්‍යවරුන් හා වගකීම් අතරේ ගෙවෙන ජීවිතය ඊට වඩා බරපතල ය. නමුත් මම ඒ වගකීම් සහගත බවට රිසි වීමි. ජීවත් වෙනවා කියා දැනෙන්නේ ජීවිතය වගකීම් වලින් බර වෙන විට ය.

දොස්තර විනූ පසෙක සිට මගේ සිත කීරි ගස්වන්නට සමත් වූ අවස්ථා ගණනාවක් තිබිණි. ඇයට මාත් සමග වූ නො මනාපය කුමක් දැයි මා දන්නේ නැත. ඒ හින්දා ම හමු වෙන මුණ ගැහෙන ඕනෑ ම අවස්ථාවක සිනා සී ඈ දෙස බලන්නට මම දෙවරක් නො සිතුවෙමි. ඒ බොහෝ වාර වල විනූ සිනාසුණේ නැත. එසේ නො කොට ම බැරි වූ වෙලාවක නම් යන්තම් කට ඇද කළා පමණකි.

මම ඒ ගැන දුරට දිගට සිතන්නට නො ගියෙමි. ඊට හේතු තිබුණේ ය. පළමු වැන්න ඇය මේ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන වෛද්‍යවරිය වීම ය. වෘත්තීය මට්ටමෙන් ඈ මට වඩා බෙහෙවින් ඉහළින් හිඳිනා කෙනෙකි. අනිත් අතට මා මෙම ආයතනයේ සේවයට බැඳුණේ අලුතෙනි. ඇය මට වඩා ආයතනයට පැරණි ය. ඉතින් ඇය සිනහ වුණත් රැව්වත් මා එය ප්‍රශ්නයක් නො කොට ගත යුතු යයි මම සිතා ගතිමි. ඒ වුණත් ආකාශ් ගෙන් ඈ ගැන නො විමසා ඉන්නට තරම් මට ශක්තිමත් විය හැකි වූයේ ටික දිනක් පමණකි.

“ඩොක්ටර් විනූ එක්ක ඔයාගෙ තියෙන හිතවත්කම මොන වගේද…”

මා එසේ අසත්දී ආකාශ් සිටියේ ඇනවුම් කරන්නට නියමිත ඖෂධ ලැස්තුවක් පරීක්ෂා කරමිනි. හිස නගා මදෙස බැලූ ඔහු සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහවට පෙරළා සිනහවකින් පිළිතුරු දීමේ උවමනාවක් මට වූයේ නැත. 

“පුදුමයි”

ඒ සිනහව අතරින් ම ආකාශ් කීවේ ය.

“මොකද්ද පුදුම…”

“ඔය ප්‍රශ්නෙ අහන්න පරක්කු වුණ එක…මං ඒත් බල බල හිටියෙ ඇයි පරක්කු කියල”

ඔහු ගේ සිනහව කෙතරම් නිර්ව්‍යාජ වූයේ ද යත් මගේ මුවට සිනහවක් ආවේ ඉබේට ම ය.

“ඕක ඇහුවෙ නැත්තං ගෑනු කියන වර්ගෙට දාන්න බැරි වෙයි කියලයි මං මේ බයේ හිටියෙ”

“අනේ මේ අයියෙ”

ඔහු හඬ නගා හිනැහුණේ ය. මම ඒ සිනහව තුළ වසඟයකට පත් ව ඔහු දෙස ම බලා සිටියෙමි.

“හරි. ඔයාගෙ ප්‍රශ්නෙට එමුකො. එයත් එක්ක මගේ තියෙන හිතවත්කම ෆැකල්ටි එකේ කාලෙ ඉඳල තියෙන එකක්”

“අර ට්‍රයි කරපු කෙනෙක්ගෙං කෙනෙක් වෙන්නැති නේ…”

ආකාශ් මේසයෙහි ඉදිරියට නැඹුරු ව මගේ වත දෙස ම බලා ගත්තේ ය. මම ඒ ඇස් අතරේ අතරමං වෙමින් ද තව තවත් එහි වල් මත් වෙමින් ද තත්පර කිහිපයක් ගත කළෙමි.

“විනූ ගැන ඒ කාලෙ මං කැමැත්තකිං හිටිය තමයි. ඒත් එයා මට කැමති වුණෙ නෑ. ඒ කාලෙදිම එයා ෆැකල්ටි එකේ වෙන එකෙක් එක්ක සෙට් වුණා. ඒත් ෆැකල්ටි අවුට් වෙද්දිම ඒ දෙන්නගෙ අෆෙයා එක බ්‍රේක් වුණා”

මගේ වත අඳුරු වන බවක් මට ම දැනෙමින් තිබිණ. ආකාශ් නැවතත් සිනහ වූයේ ය. නමුත් මම සිනහ වෙන්නට අමතක කොට සිටියෙමි.

“අපේ සීමාවාසික ඉවර වෙද්දි තමයි තාත්තා කිව්වෙ මට මෙහෙ ඕපීඩී කරන්න කියල. අර පරණ සම්බන්දෙ බ්‍රේක් වෙච්ච එක ගැන විනූ හිටියෙ අවුලෙං. හිත හදා ගන්නත් එක්ක වෙන්න ඇති විනූ මගෙං අහලමයි මේ හොස්පිට්ල් එකට ආවෙ”

“මං හිතන්නෙ එයා ඉන්නෙ ඔයා ගැන හෝප්ස් තියා ගෙන”

ආකාශ් කෙළින් ම මගේ ඇස් දෙස බැලුවේ ය. ඔහු ගේ හිතේ ඒ මොහොතේ වූයේ කවර හැඟීමක් ද කියා මට නිශ්චිත ව කිව නො හැකි ය. කෙසේ වෙතත් ඒ බැල්ම ඉදිරියේ මා දැවී යමින් හිඳිනා බවක් නම් මට දැනිණ.

“ඔයාට හිතෙනවද පූජා එයාට බලාපොරොත්තු දෙන දෙයක් මගෙන් සිද්ද වෙනව කියල…”

මම නිරුත්තර වීමි. නමුත් හුදු ගැහැනු ගතියට ලෙහෙසියෙන් පරාජය පිළි ගන්නට ද මට ඕනෑ වූයේ නැත.

“එ්ක වෙන්න පුළුවන් ඉතින්…ඒත්…”

“ඉතිං දරුවො එහෙනං එච්චරයිනෙ. කවුරු මං ගැන හෝප්ස් තියං හිටියත් මං මොකක් කරන්නද…මට මොකද්ද ඒ ගැන කරන්න පුළුවන්…”

“එයා මාත් එක්ක හේතුවක් නැතුව තරහෙං වගෙයි ඉන්නෙ”

මම යන්තම් කොඳුරා ගතිමි. ආකාශ් කිරි දරුවෙකු සේ සිනහ වූයේ ය.

“ඒක තමයි ගෑනු ගතිය කියන්නෙ”

“ආ…”

“එයාට දැනෙනව ඇති මං ඔයාට විශේෂයි කියල. ගෑනු ඊරිසියයිනෙ තව ගෑනියෙක්ට”

“අනේ මේ අපිනං ඊරිසියා නෑ”

ඒ කතා බහ නිසා හිතේ වූ කහටක් තුනී ව ගියා කියා මම සිතමි. ආකාශ් වෙනුවෙන් දොස්තර වීනු තබා වෙනත් තරුණියක සමගවත් තරග කරන්නට හෝ තරග කොට දිනන්නට තරම් සුදුසුකමක් මට වනවා කියා මම නො සිතමි. මගේ දුප්පත් ආත්මය සන්තක වූ එක ම වත්කම ආකාශ් ගේ සෙනෙහස පමණකි. 

නමුත් ආකාශ් ගේ හිතේ ද අතීතයේ එක යුගයක කැමැත්තක් තිබූ තරුණියක දැන් ඔහු ගැන බලාපොරොත්තුවකින් පසු වන බව දැනෙත්දී, පුහුදුන් ස්ත්‍රියක වශයෙන් මසිත් හි ගැස්මක් ඇති වීම අරුමයක් කියා මම නො සිතමි.

“හිත කියන්නෙ හරි පුදුම දෙයක් පූජා. ඩොක්ට කෙනෙක් විදිහට අපි මනුශ්‍ය ශරීරය වැඩ කරන හැටි ඉගෙන ගන්නව තමයි. ඒ වුණාට මනෝ විද්‍යාඥයෙක්ටවත් හිත නං හරියටම තේරුං ගන්න පුළුවන් කියල මං හිතන්නෑ”

එදා ඒ කතා බහ සිදු වූ දවසේ හැන්දෑවේ ගෙදර යන ගමන් ආකාශ් බෝ තැන්පත් කමකින් මා ඇමතුවේ ය.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“ඒ කාලෙ විනූ ගැන අදහසක් තිබුණා තමයි. ඒත් විනූ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගෙන කියල දැන ගත්තට පස්සෙ මං එතනිං අයිං වුණානෙ..ඊට පස්සෙ කවදාවත් මට ආයෙ එයාව ඕන වුණේ නෑ. දැං ඔය වීනුගෙ ඒ සහ්බන්දෙ නැති වුණාට පස්සෙ අපි මෙහෙ එකට වැඩ කරන්න ගත්තනෙ. එතකොට මං ඔයාව දැකලවත් තිබුණෙ නෑ. ඒත් මට වීනු ගැන ආයෙ එහෙම හිතන්න ඕන වෙලා නෑ. ඒකයි මං කියන්නෙ හිත තේරුං ගන්න අමාරුයි කියල. සමහර විට එයා බලාපොරොත්තු තියං ඉන්න ඇති.මං ආයෙ එයාට ප්‍රපෝස් කරයි කියල. එ්ත් දැං මගෙ හිතේ ඒක නෑ”

ඔහු මට ඒ තරම් නිදහසට කාරණා කියන්නට උවමනා නැත. නමුත් ආදරය එසේ වන්නට ඇත. ඔහු මුදු සුමුදු සිසිලක් ව මහදෙහි තැවරෙමින් සිටියේ ය. මම මේ මොහොතේ පමණක් ජීවත් වීමේ ආදීනව ගැන සිතුවෙමි. අනාගතය කියන්නේ තවමත් උදා වී නොමැති දෙයකි. සිදු වී නොමැති දෙයක් ගැන සිතමින් කම්පා වීම, මේ මොහොත පවා අපතේ හැරීමකි.

එදා මා ගෙදර යත්දී නංගී පෙනෙන්නට හිටියේ නැත. මා ඒ ගැන අම්මා ගෙන් විමසූයේ දිය නාගෙන ද ආවාට පස්සේ ය.

අම්මා මුලින් ම කළේ ඇය ට පුරුදු සිනහව හෙළනා එක ය. කුමක් හෝ අලුතෙන් සිදු ව ඇති බව ඒ සිනහව මට නො කියා කීවේ ය.

“ඇයි අම්මෙ…නංගි කෝ…”

“ඔය ගියෙ..”

“ගියා කිව්වෙ…කොහෙද…”

“කොහෙ යන්නද ඉතිං….අජිත් ලගෙ ගෙදර මිසක්…එහෙ නැත්තං මෙහෙ…මෙහෙ නැත්තං එහෙ…වෙන යන්න තැනක් තියනව කියලයැ”

ඔවුන් යළි එහි නික්ම ගියා නම් යහපත් ය. මේ ගෙතුළ තවත් පවුලකට ජීවත් වන්නට තරම් ඉඩක් නොවන බැවිනි. නමුත් මේ හදිසියේ නංගිලා නිකං ම නික්ම ගියා වන්නට බැරි ය.

“මොකද වුණේ…ඇයි නංගිල ගියේ…”

අම්මා කලින් කතා කළ තාලයට මට හිතුණේ නංගී අම්මා එක්ක බහින් බස් වීමක් වන්නට ඇත කියා ය.

“තාත්තත් එක්ක කතාවක් වුණේ”

“තාත්තත් එක්ක…”

අම්මා නැවතත් සිය සිනහව පෑවා ය.

“හ්ම්…ගේවත් අතු ගාල නෑ අඩු ගානෙ ඇඳ උඩ පොරවපු රෙදිවත් නවල අස් කරල නෑ කියල තාත්තා කෑ ගැහුව. ඒකට එකට එක කියා ගෙන ගිහිං ඊළඟට ඔය ගියේ. බලමුකො ගිහිං කී දවසක් ඉඳීද කියල”

නංගී තවමත් යුග දිවියක් කියන දේ ගැන හයක් හතරක් දන්නේ නැත. කොහොමටත් ඇය පවුල් ජීවිතයකට සුදුසුකම් සපුරන්නට තරම් වයසක් ගෙවා විත් නැත. තවමත් පාසල් යන වයසේ දැරියක වන ඇය පිරිමි පහසක් ලැබුවා කියා මනසින් පරිනතියකට පත් වේ යයි සිතිය නො හැකි ය. 

“මට බය දහ අටක් වෙනකල්වත් ඔය මනුස්සයත් එක්ක ඉන්නෙ නැති වෙයිද කියලයි. කසාද බන්දෝල දෙනකල්…”

අම්මා සුසුමක් හෙළමින් කීවා ය. වගකීම් සහගත මවක වශයෙන් අම්මා ව කිසි දා මට නො පෙනුණත්, ඇගේ සිතේත් මවක ගේ දරු දුක නැතැයි කියන්නේ කෙසේ ද? සිය කුසෙහි හොවා දස මසක් දුක් විඳ වැදූ දියණියකගේ අනාගතය අපැහැදිලි වී තිබියදී අම්මා කෙනෙකු වශයෙන් ඇගේ සිත් හි ගින්දරක් ඇවිළී තිබෙනවා විය යුතු ය.

“අජිත්ට රස්සාවක් හොයා ගන්න බැරි වෙයිද ලොක්කි ආකාශ් සර්ට කියල…”

මම අම්මා වෙතට අනුකම්පා සහගත දෑස් දැල්වීමි. තාත්තා ගෙට ගොඩ වී තිබුණේ ඒ වෙලාවේ ම ය.

“හාපෝ…මේ..ලොක්කි. ඒවනං කරන්න යන්නෙපා. අන්තිමට නරක නාමෙ විතරයි ලොක්කිට එන්නෙ හොඳේ. මං ඔය අයියල ගැන දන්න නිසයි මේ කියන්නෙ”

තාත්තා අම්මා අත එළවළු මල්ලක් තැබුවේ ය.

“ඕකෙ හොඳ මාළු කෑල්ලක් ඇති. ලොක්කිට උදේට ගෙනියන්න හදල දෙනව”

මම හෙමිහිට කාමරය වෙත ගොස් ඇඳෙහි ඇතිරිලි අලුතෙන් දමා සකස් කළෙමි. මේ ජීවිතය වූ කලී නො නැවතී ගලනා ගඟක් බඳු දෙයකි. හෙට එය කොයි අත කෙසේ ගලාවි දැයි අප කිසිවෙකු ට අද අනාවැකි පළ කළ නො හැකි ය. නංගී ගැන මසිත් හි වන්නේ කම්පාවකි. ඇය ව පරයා ගොස් ජයග්‍රහණයන් අත් පත් කර ගන්නට කිසි දා මට උවමනා වී නැත. පාසල් දැරියක වශයෙන් ද මා නිතර ම උත්සාහ කළේ ඇයට විභාගයේ දී එක ලකුණක් හෝ වැඩි කොට දෙන්නට ය. නමුත් නංගී එය තේරුම් ගත්තා නොවේ. ඇතැම් විට ඇය මා හා කෝප ගත්තේ මා ඇයට වරදක් කරන්න ට ගියා මෙනි. ඒ නො තේරුම් බව අදටත් ඇය වෙත වේ.

අජිත් කියන්නේ ගැහැනියක ගේ අනාගතය සදන්නට තරම් වගකීම් සහගත පිරිමියෙකු නොවන බව මට නම් දැනේ. නමුත් දැන් නංගී ඔහු වෙනුවෙන් බලා සිටිය යුතු ය. කෙතරම් කාලයක් ඔවුන් ඔවුන් වෙනුවෙන් බලා සිටීවිද යන ප්‍රශ්නය පමණක් අද අප අභියස නතර වී තිබේ.

“පූජා…”

තාප්පයට එපිටින් නෙරංජලා ගුරුගේ ගේ හඬ මට ඇසිණි. මම වහා ඇඳෙන් පැන මිදුලට දිව ගියෙමි. නෙරංජලා සඳළුතලයේ සිට කතා කළා ය.

“හොට් නිවුස් එකක් තියෙනව. එන්නකො”

මා ඔවුන් ගේ ගේ දෙසට ඇවිද ගියේ සිත්හි මඳ ගැස්මකින් යුතුව ය. ඒ ගැස්ම නෙරංජලා මට කතා කරන බොහෝ අවස්ථා වල හදවතේ ඇති වන්නකි. හරියට ළඟ එතැයි බලාපොරොත්තුවෙන් සිටින පිපිරීමක් ගැන අශුභ ආරංචියක් වන් දෙයකි එය.

“ඔන්න හෙටයි දවස. මං සෑහෙන දවසක ඉඳල බලං හිටිය දවස… ඒ ලෙවල් රිසල්ස් අවුට් කරනවලු හෙට”

සැබවින් ම හදවත ගැස්සී ගියේ ය. නමුත් නෙරංජලා ගේ ඇස් වල වූයේ බලාපොරොත්තුවක දීප්තියකි. මටත් වඩා ඇය මගේ විභාග ප්‍රතිඵල ගැන අපේක්ෂාවෙන් සිටියේ ඇයි කියන පැනය, ඒ ගැස්ම අතරේදීත් මගේ හදවතේ ස්පන්දනය වෙමින් තිබිණ.  

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x