ලොකු මාමා හදවත් රෝගියෙකු වී ඇති බැවින් ආච්චා ගේ වගකීම පොඩි මාමා හෝ වෙනත් කෙනෙකු භාර ගත යුතු යයි නයනා නැන්දා කියා තිබේ. මහ ගේ සහිත ඉඩම් කොටස ලබා දුන්නේ ලොකු හා පොඩි මාමලාට වන නිසාවෙන් ආච්චා ගේ වගකීම ඔවුන් දෙදෙනා අතරේ පැවතිය යුත්තක් කියා අනිත් මාමලා දෙදෙනා ගේ...
මට තනි වීමේ උවමනාවක් දැනෙන්නට විය. ලොකු අයියා අප වෙත ආවේ 'කෝ කෝ තේ බොමු' කියමිනි. නමුත් සැබවින් මා වෙත එහෙම සැහැල්ලු මානසිකත්වයක් වූවා නොවේ.
"මේ යං යං ඒ ළමයට නිදා ගන්න දීල"
කියමින් රවීන් ලොකු අයියා ව ගෙදර යන්නට පෙළඹුවේ ය. ඔහු ඒ තරම් පහසුවෙන් මා තෙරුම් ගත්තේ කෙසේ ද?...
මම ඉක්මනට යහන මත හිඳ ගනිමින් දුරකතනය සවනට ගතිමි.
"කියන්න ලොකු අයියෙ"
නමුත් එහා ඉමෙන් ලොකු අයියා කතා කළේ නැත. පසුබිමෙන් අපැහැදිලි හඬවල් ගණනාවක් ඇසෙමින් තිබිණි.
"හෙලෝ"
මම ඔහු ගේ අවධානය මවෙත යොමු කර ගන්නට උත්සාහ කළෙමි.
"ලොකයියෙ...හෙලෝ...කතා කරන්නකො අප්ප. වෙන වැඩ කර කර ඉන්නනං මොන එහෙකටද මට ඇහැරෙව්වෙ...හෙලෝ...ලොකූ..."
නමුත් මා තනිව කියවූවා පමණකි. ඉතින්...
ඒ වගේ දවසක් මගේ ජීවිතයට උදා වූ ප්‍රථම වතාව ඒ ය. ලොකු අයියා සහ රවීන් මේසය ළඟ හිඳ ලූණු පොතු ගැසූහ. මම ඒ ලූණු සිහින් ව කැපුවෙමි. තාත්තා ටික වෙලාවක් අයියලා සමග කතා කරමින් සිටියහ. ඊළඟට ප්‍රශ්න පත්තරයක් තනන්නට ඇති බව කියා කාමරයට ගියේ ය. මට හිතේ සැනසීමක් දැනිණ.
තාත්තා...
දුටු පළමු නිමේශයේ පටන් රවීන් විවාහකයෙකු බව මම දැන සිටියෙමි. නමුත් එය මසිත් හි ඔහු කෙරෙහි ඇති වුණා වූ කැළඹුම සමනය කරන්නට කිසි සේත් හේතු වූයේ නැත. රවීන් එක් බැල්මකින් හෝ මට අනුබල දුන්නා ත් නොවේ. ලොකු අයියා මට පෙන්වූ ආදරය හා ළෙංගතුකම නිසාවෙන් ඔහු ද පුංචි නංගියෙකු ගැන...
මා සුපිරි වෙළෙඳ සැල දෙසට අඩියක් දෙකක් තබත්දී, රවීන් ද මා සමගින් පිය නගනා බව දැනිණි. ඔහු වූ කලී දැවැන්ත පෞරුෂයනි. මා සිටියේ ඔහු ගේ උරහිසටත් වඩා පහළට ය. දවස පුරා හැඳ සිටියත් රැල්ලක් හෝ නො වැටී ඉතා ම පිළිවෙලට තිබූ ඔහු ගේ ඇඳුම්, ඔහු ප්‍රශ්නයක ඉන්නා බව හිතන්නට...
සුනෙත් ගේ වදයෙන් බේරෙන්නට බැරි තැන මම දවල් ඔහු සමගින් ජාතික රෝහගේ හෘද රෝග ඒකකය වෙත ගියෙමි. මා පුදුමයට පත් කරමින් වාට්ටුවට පිවිසෙන තැන මිදුලේ ලොකු අයියා සමග රවීන් වූයේ ය. කෙනෙකු අපේ සිතට බලපෑම් කරන්නට පටන් ගත් විට නො කඩවා හැම තැනකදී ම ඔහු ව දර්ශනය වන්නට ගන්නවා...
ලොකු අයියා ගේ දුරකතනය කිහිප වතාවක් හැඬවී නිහඬ විය. ඔහු පිළිතුරු දුන්නේ නැත.
"ලොකු අයිය ආන්සර් කරන්නෑනෙ"
මා එසේ කී විට එතැන සිටි කිහිප දෙනෙකු ගේ ම දෙතොල් අතරේ අමුතු සිනහා නැගිණි. පවුල තුළ ලොකු අයියා ගොඩ නගා ගෙන තිබෙන ප්‍රතිරූපය එතරම් හොඳ නැත.
"ඔය යකාට කියලත් වැඩක් නෑනෙ. මොකද දැං දුවගෙන...
ලොකු අයියා සමගින් ආ මිතුරා ගේ සිනහව කිහිප වතාවක් ම මගේ සිත්හි මැවෙමින් බිඳෙමින් තිබිණි. හිනා වෙත්දී සිහින් වන ඒ දෑස් වල, මා අල්ලා බැඳ ගත් මොකක්දෝ ආකර්ෂණයක් වන බව මට දැනුණේ ය. කාමරයේ ඇඳට වී ද නැවත අම්මා මහන කැනට එමින් ද නැවත කාමරයට යමින් ද ඉන්න බැරි...
දුර ඈත ශරදාකාශයේ වෛවර්ණ දේදුන්නක් පායා තිබේ. තවමත් හිරිකඩ වැස්සක් ඉතිරි ව තිබිණි ද මහ වැස්ස මුළුමනින් නතර වී, වැහි අඳුර පළවා හරිමින් බලයෙන් වාගේ හිරු ද අහසට ඇවිදිනි. තද වැස්සකට පසු නැගෙන හිරු ගේ එළිය මෙතරම් එළිය දැයි මට සිතිණි.
දේදුන්නේ පාට ගණන් කරන්නට පොඩි කාලේ සිට ම මම...