Novels

ඇහැට පෙනෙන මානයේ ළඟින් හිඳ පෙම් කරනවාට වඩා දුරින් හිඳ ආදරය කිරීමේ අමුතු තිගැස්මක් වන බව මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටියෙමි. ජීවිතයේ මා වඩාත් ම සතුටෙන් සිටි දින ටික ඒ ය. ආකාශ් සතියකට දිනක් දෙකක් නුවර ආවේ ය. මම නිදහස් සිතින් ඔහු ගේ ප්‍රේමය විඳ ගතිමි. "මට පේන්නෙ පූජා ට...
"අර…කිඩ්ස් ස්ටාර් එකේ ඉඳුවරත් කෝච් කෙනෙක්.." සඳුනි පෙන්වන්නේ තරගයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් ය.අමන්දී එය ගැහෙන හදවතක් සහිතව බලා හුන්නා ය.ඇය සිතා සිටියේ දුලනි සවියක් වන්නට ඈ රැගෙන තරගයට යන්නට ය.තමන්ගේ මහ ගෙදර නැවතී දුලනිව තරගයට ගෙන යන්නට පවා ඇය සැලසුම් කරගෙන හුන්නා ය. "අපෝ ප්‍රසන්ටින් කරන්නෙ අර හෝන්තුවනෙ.මං ආසම නෑ.." සඳුනි පෙන්වූයේ...
නුවර අහසට උඩින් සඳ පායා ඇවිත් තිබිණි. මේ වෙලාවේ ආකාශ් සිටිනවා ඇත්තේත් බැල්කනියට වී සඳ දෙස බලා ගෙන විය හැක. ඇතැම් සඳ පායා ඇති රාත්‍රීන් හි මම ඔහු ව එතැන දැක ඇත්තෙමි. පපුවේ පත්ලෙහි දැවීමක් හට ගනු දැනිණ. ඇතැම් විට දුරකතනයේ හැඬවුම නවතින්නට ඔන්න මෙන්න ව තිබි අන්තිම මොහොතේ...
අමන්දී ගී ගයන කුඩා දැරිය දෙස බලා හුන්නේ ආසාවෙනි.ඇය හැකියාව පමණක් නොව කුමක් හෝ සංසාරගත හැකියාවක් සහිත දැරියක බව අමන්දී සිතුවා ය.ඒ කිංකිණි හඬ පාසල පුරා පැතිර යද්දී සියල්ලන්ම දැරිය වර්ණනා කරන්නට ගත්තේ එක හිතිනි. "රූ ටීවි එකේ කිඩ්ස් ස්ටාර් එකට ඇප්ලිකේෂන් කෝල් කරලයි තියෙන්නේ" අමන්දී සමඟම පත්වීම් ලැබූ ගණිත ගුරුවරයා...
ආදරණීය පිරිමියෙකු අතින් අල්ලා ගත් විට කෙල්ලකට ඒ ලෝකයෙන් බැස යන්නට හිතෙන්නේ නැත. ඔහු ව සිය සූර්යයා කොට ගෙන ඔහු වටා පරිභ්‍රමණය වෙමින් ඉන්නට ම සිදු වන්නේ ය. ප්‍රේමයේ ආකර්ෂණය වූ කලී එයයි.  මගේ අත අල්ලා ගත් ඔහු කුමාරයෙක් ය. මම ඔහු දෙස නෙතු පිය නො සලා බලා සිටියෙමි. මගේ...
අමන්දී ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්නට නැවත සිතුවා ය.එහෙත් මේ ඉඳුවර ය.ඔහුව ප්‍රතික්ෂේප කරන්නට ඇත්තෙන්ම ඇයට සිතෙන්නේ නැත. "ටීචිං යනව කියල ආරංචි උනා.මං විෂ් කරන්න ගත්තේ.." අමන්දී ඒ ඇමතුම බලාපොරොත්තු වූයේ නැත.නමුත් ඇය ස්තූති කළා ය.ඉඳුවර සුසුමක් හෙළන හඬ ඇයට ඇසිණ. "ඔය ඔයාට ඕන වෙච්ච දේනෙ.දැන් ඉන්නෙත් දුෂ්කර පළාතක හින්දා හීනෙට ලේසි.." දුෂ්කර...
නංගී අජිත් ගේ ගෙදරට පැමිණ ඇති බව ද තාත්තා විසින් පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ම එහි කැඳවුණේ ය. අපේ ගෙදරින් පොලීසියට ගියේ තාත්තා හා අම්මා ය. ආච්චම්මා ව එහි කැටිව නො ගිය නිසා, අම්මලා යන්නට පෙර ඇය එක ම එක උපදෙසක් දුන්නා ය. "රංජි මහ මෝඩය. ඔය...
"අයියා අලුත් ගෙයක් හදනව කියන්නේ මාත් යනව එහෙ.." සඳුනි තම තීරණය දැනුම් දුන්නේ උස් හඬිනි.පවුලේ එකම පුතු වෙනුවෙන් තැනූ මාළිගාවක් බඳු නිවස හැර දමා යන්නට ඔහු තීරණය කර අවසන් ය.ශාන්ති හුන්නේ ඒ තීරණයෙන් වේදනාවට පත්ව ය. "මේ ගේ හැදුවෙ උඹට පුතේ.." ඉඩම කෙලවර ඇති නටබුන් වූ පැරණි නිවහන දෙස බලාගෙන ශාන්ති පැවසුවේ...
ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි. "අපි තව ටිකක් බලමු සර්. මං හිතන්නෙ කෙල්ල මේ ළඟ පාත කොහෙ හරි ඇති. මට හිතෙන විදිහට අපිව බය කරන්න කරපු වැඩක් මේක" එහෙම කියමින් තාත්තා සිනහ වෙන්නට හැදුවේ ය....
නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා ගමේ පාසලේ ගුරුවරියක වීම ඇයට සතුටකි.ඇයට දැනුණේ ඈ ගුරු පත්වීමක් ලද තරමේ සතුටකි. "මට ආයේ ඒ ලෙවල් කරන්න තරම් හිතුණ.." අමන්දීට සාරි හැට්ට මහන්නට යන්නට එක් වෙමින්...