fbpx

සඳක් කළ සක්මන් -19

ආදරණීය පිරිමියෙකු අතින් අල්ලා ගත් විට කෙල්ලකට ඒ ලෝකයෙන් බැස යන්නට හිතෙන්නේ නැත. ඔහු ව සිය සූර්යයා කොට ගෙන ඔහු වටා පරිභ්‍රමණය වෙමින් ඉන්නට ම සිදු වන්නේ ය. ප්‍රේමයේ ආකර්ෂණය වූ කලී එයයි. 

මගේ අත අල්ලා ගත් ඔහු කුමාරයෙක් ය. මම ඔහු දෙස නෙතු පිය නො සලා බලා සිටියෙමි. මගේ අත අල්ලා ගත් ඔහු ගේ අත, දෝතින් ම වැළඳ දෙතොලට තබා සිප ගතිමි. හද දෙවොලෙහි ඉහළ ම මළුවේ ඔහු දේවතා රූපයක් සේ වැඩ හිඳිනා බවක් මට දැනුණේ ය.

අහසෙහි දීප්තිමත් තද නිල් පැහැයක් විය. සුදු පුළුන් කුට්ටි සේ වලාවන් එහෙ මෙහෙ පැතිර තිබිණ. හිතේ වූයේ ප්‍රබෝධයක් ද නැත්නම් කාංසාවක් ද කියා වෙන් කර ගන්නට මට ඕනෑ වූයේ නැත.

හුදෙකල අවන්හලක් අස රිය රිය නැවතිණ. ඒ වෙලාවේ එහි වූයේ අප දෙදෙනා පමණි. ආහාර ඇණවුම් කළ ආකාශ් ‘ඉතිං’ කියා ගෙන මවෙත යොමු වූයේ ය. මම ඇස් වල සිනහවක් තියා ගෙන බලා සිටියෙමි. 

සමහර දේවල් කවදාවත් නොවී තිබුණා නම් හොඳයි කියා අපට සිතෙන අවස්ථා උදා වන්නේ ය. නංගී මේ තරම් ළා බාල වියක දී අජිත් වැනි මත් ද්‍රව්‍ය ලෝලියෙකු සමග වහන් වී නො ගියා නම් හොඳ ය. ආකාශ් කවදාවත් මට හමු නොවී තිබුණා නම් හොඳ ය. නමුත් එය එසේ ය කියා කෙසේ නම් මම ඔහු ගේ මූණ බලා ගෙන කියම් ද? අඩු තරමින් ඔහු මට ආදරේ කරන්නට තරම් කලබල නොවී හිටියා නම්…ආදරයක් සිත් හි වූවත් ඒ බවක් මට නො කියා ඉන්නට තරම් ඉවසිලිවන්ත වූවා නම්….

“මොනාද කල්පනා කරන්නෙ…ම්…”

“ඇයි ඔයා මට ආදරේ කළේ කියල”

මම දුක්බර මඳහසකින් කීවෙමි. ආකාශ්, මේසය මත වූ මගේ අත් දෙක ම අල්ලා ගත්තේ ය.

“ඔයා මට හුඟක් වටින නිසා. ඇත්තටම මං ඔයාට හුඟක් ආදරේ නිසා. සමහර විට මීට කලිනුත් අපි මුණ ගැහිල තියෙනව වගේ මට දැනුණ නිසා…”

“වෙන් වෙන්න මුණ ගස්සන්න තරං ඉරණම නපුරු වෙන්නෙ ඇයි කියල ඒ හැම දාකම මං හිතල ඇති…”

“විකාර කියවන්නෙපා”

“අපේ ගෙදර තත්වෙ දැක්කහම…මං කියන්නෙ ආර්ථික ප්‍රශ්න ම නෙවෙයි…දැං මේ නංගි කර ගත්ත දේ වුණත්…ඔයාට හිතෙන්නෙ නැද්ද අපේ පවුල කියන්නෙ ඔයා වගේ කෙනෙක්ට පෑහෙන්න හොඳ තැනක් නෙවෙයි කියල…”

ආකාශ් සුසුමක් හෙළුවේ ය. ඒ සුසුමේ කෙළවර ඔහු ගේ බැල්මෙහි නො රිස්සුමක් තැවරී තිබිණ.

“අයියෝ…ඕක විතරද අපිට කතා කරන්න තියෙන්නෙ…”

“මට ඇත්තම ඇත්ත උත්තරේ දැන ගන්න ඕනෙ”

ඒ වෙලාවේ වෙන කිසිදු අවස්ථාවක නොවූ තරමට මම හිතුවක්කාර වීමි. ආකාශ් කෙළින් මදෙස බැලුවේ ය.

“ලොකු ගෙවල් ඇතුළෙත් ඕන තරං ඔය වගේ දේවල් සිද්ද වෙනව පූජා. මොකද ඒවයෙ ඉන්න කෙල්ලො පැනල යන්නැද්ද…ඒවයෙ ඉන්න ගෑනු මිනිස්සුන්ට අනියම් සම්බන්ධකම් නැද්ද… ඒත් පොඩි ගෙවල් වල වෙන දේවල් ලෝකය දකිනව වැඩියි. ලොකු ගෙවල් ඇතුළෙ වෙන දේවල් එළියට පේන්නෙ නෑ. තාප්ප වලිං වට වෙලානෙ”

ඔහු කියන්නේ ඇත්ත වන්නට පුළුවන. නමුත් අප දෙපසකට කොට ඇති සමාජ ආර්ථික වෙනස යා කරන පාලමක් තනන්නට ආදරය ට හැකි ය කියා කෙසේ නම් සිතන්න ද?

“අයියෙ…අපේ නංගි නිසා තාත්තගෙ ඇස් වලට උනපු කඳුළු මං දැක්කනෙ…ඒ කඳුළු වල දිය වෙලා තිබුණ හැඟීම් වචන කරන්න කවදාවත් කිසි කෙනෙකුට බැරි වෙයි. ඔයා මාත් එක්ක සම්බන්ධයක් තියෙනව කියල දැන ගත්ත දවසක ඔයාගෙ අම්මගෙ තාත්තගෙ ඇස් වලින් ගලන්නෙත් ඒ කඳුළුමයි අයියෙ. දැන දැනම මට ඒක වෙන්න දෙන්න බෑ. දැන දැන ම මට ඒ පව පුරව ගන්න බෑ අයියෙ…”

“ඒ කියන්නෙ මාව ඕන නැද්ද…”

“ඒ වගේ ප්‍රශ්න අහල මාව අසරණ කරන්න එපා. මටත් වඩා ඔයාගෙ අම්මට තාත්තට ඔයාව ඕනෙ. එහෙම හිතල මං හිත හදා ගන්නං”

“එතකොට ඒකද අන්තිම තීරණේ…”

ඔහු ඇහුවේ තදිනි.

“මං මේ ජීවිත කාලෙටම වෙන කෙනෙක්ට ආදරේ නොකර ඉන්නං. බඳින්නෙත් නැතුව ඉන්නං. මේක අපේ අන්තිම මුණ ගැහීම අයියෙ. ඒත් මගෙ හිතේ තියන ආදරේ කවදාවත් වෙනසක් වෙන්නෑ. ප්ලීස්…මාව තේරුං ගන්න”

ඔහු පුටුව පස්සට තල්ලු වී යන සේ නැගිට ගත්තේ ය. අප වෙනුවෙන් ඇණවුම් කළ කෑම බීම මේසය මත නො හිස් ව තිබිණ. රිය ඇදී ගියේ විදුලි වේගයෙනි. ආකාශ් වචනයක් හෝ කතා කළේ නැත. ඔහු ගේ මූණ දෙස බලන්නට බිය හිතෙන තරම් විය. 

හන්දියේ දී යන්තම් කොඳුරා රිය නතර කර ගෙන මම ඉන් බැස ගතිමි. මා යනවා කියන්නටත් කලින් ආකාශ් සුළඟක් සේ නික්ම ගියේ ය. ගෙදර ඇවිත් ඇඳට වැටී මම ඉකි බිඳ හැඬුවෙමි.

හැන්දෑ වන තුරුත් ආකාශ් ගේ රිය ගෙදර පැමිණියේ නැත. මගේ හිත ද තෝන්තුවාවට පත් ව තිබිණ. රාත්‍රියේ ඔහු ගෙන් කෙටි පණිවිඩයක් තබා ස්ටිකරයකුදු වූයේ නැත. මහත් සංකාකූල හැඟීමකින් මම හිස් ව යමින් සිටියෙමි. මේ ටික දිනට ඔහු ජීවිතයේ ජීවය බවට පත් ව තිබේ! 

සියල්ල එතෙකින් සමාප්ත ය කියන ශුන්‍යත්වය මා වෙලා ගෙන තිබිණි. මට විටින් විට නංගී ව ද සිහි විය. ඇය කුස පිරෙන්නට යමක් කන්නට හෝ ඇත්ද? 

මගේ ඇසින් නිරායාසයෙන් කඳුළු ගලා ගියේ ය. එයට එකම එක හේතුවක් කියා නො විණි. මා විසින් අහිමි කර ගත් ආකාශ් ගේ ප්‍රේමය සේ ම මට අහිමි වී ගිය නංගී ද කඳුළු වල දියවී තිබෙන්නට ඇත. 

පලා යාමේ අවශ්‍යතාවයක් දැඩි ව මට දැනෙන්නට ගත්තේ ය. ආකාශ් ව දැක දැක මෙතැන මේ ලෙස ජීවත් විය නො හැකි බවක් හිත කෑ ගසා කීවේ ය.

මම පුවත් පතක වූ රැකියාවක් සඳහා ඉල්ලුම් කළෙමි. එහි වූ බොහෝ රැකියා දැන්වීම් අතරින් මා තෝරා ගත්තේ එය පමණකි. ඊට හේතු වූයේ එය ජාත්‍යන්තර පාසලක් විසින් පවත්වා ගෙන යනු ලබන පෙර පාසලක සහකාර ගුරුවරියන් අපේක්ෂාවෙන් පළ කොට තිබූ දැන්වීමක් වීමයි. එම  පාසල පිහිටියේ මහ නුවර නගරයේ වීම වඩාත් මගේ සිත් ගත්තේ ය. පෙර පාසල් ඩිප්ලෝමාවක් හෝ පුහුණුවක් නැතත්, පුහුණු කිරීම සඳහා මෙම සහායක ගුරුවරියන් ව බඳවා ගැනිණ. අන්තර්ජාලය ඔස්සේ යොමු කළ ඉල්ලුම් පත ට අනුව මා වද තෝරා ගෙන ඇති බව දැනුම් දී තිබිණ. වැටුප ඉතා කුඩා එකක් වූවත් මම ඉක්මනින් ම මගේ ඇඳුම් ටික හා පොත් පත් කිහිපය බෑග් එකක අසුරා ගතිමි. ඥාති නිවසකින් සාරි කිහිපයක් සකසා ගන්නට හැකි විය. 

“නෙරංජලා මැඩම් ට කිව්වනං සාරියක් දෙකක් හරි අලුතෙන් අරං දෙයි”

අම්මා කීවා ය. නමුත් මම ඊට එකඟ නො වුණෙමි.

“ඒගොල්ලො කරපු උදව් ඇති”

යන බව මා නෙරංජලා ගුරුගේ ට කීවේ පිටත් වන්නට ටිකකට පෙර ය. ඇය දෑස් විදා ගෙන බලා සිටියා ය.

“ඇයි පූජා ඔයා කලිං කිව්වෙ නැත්තෙ…”

මම මළානික සිනහවක් පෑවෙමි.

“මේක හරියයි කියල මං දැනං හිටියෙ නෑ ආන්ටි. දවස් දෙකකට කලින් තමයි මාව සිලෙක්ට් කර ගත්ත කියල ඉන්ෆෝම් කළේ..”

මා තුළ වූයේ වරදකාර හැඟීමකි. ඒ තරම් මට ළෙංගතු වූ ඇය ට එය වසැංගීම වරදකි. නමුත් මා එය රහසක් කොට තබා ගත්තේ ආකාශ් ගේ කනට එම පුවත නො වැටෙනු වස් ය.

“මගෙ හිත අවුල් වෙලා තියෙන්නෙ ආන්ටි. නංගි කර ගත්ත දේත් එක්ක…මට හිත සන්සුන් කර ගන්න ඕන. තාවකාලික ව ඒ ලෙවල් රිසල්ස් එනකල් හරි මේක මං කරනව. චූටි බබාලත් එක්ක දවස ගෙවන එක මගෙ හිත සන්සුන් කරන්න හේතු වෙයි”

මම අර්ධ සත්‍යයක් පැවසූවෙමි. නෙරංජලා ගුරුගේ එය නො පිළිගන්නට හේතුවක් නැත.

“මගෙත් ඔළුව අවුල් වෙලා පුතේ හිටියෙ පහු ගිය ටිකේ. අයියගෙ විකාර වැඩ නිසා. ඒක නිසා මට ඔයත් එක්ක කතා කරනනවත් බැරි වුණානෙ”

“ඇයි ආන්ටි….අයිය මොකද…”

එසේ අසත්දීත් මගේ හදවත ගැස්ම අතිශය වේගවත් වී තිබිණ. නමුත් මට ඒ ගැන නො අසා මේ ගමන යා නො හැකි ය.

“දැං දවස් දෙක තුනක් ම රෑ වෙලා ගෙදර ආවෙ හොඳට ම ඩ්‍රිංක්ස් අරගෙන”

“ආ…”

“මන් දන්නෑ මේ ළමයට මොන විදිහෙ ප්‍රශ්නයක් තියෙනවද කියල…අනේ මන්දා දරුවො”

මා ප්‍රතික්ෂේප කරත්දී ම නෙරංජලා ගුරුගේ මගේ අත සැලකිය යුතු මුදලක් තැබුවා ය. ඒ අලුතෙන් සාරි කිහිපයක් මිල දී ගන්නා ලෙස ය. ඇගෙන්, ඒ නිවසින් සමු ගත්තේ මට හැඬිණි. නෙරංජලා ද කඳුළක් පිස ගත්තා ය.

“පූජා කලිං මේ ගමන ගැන කියල තිබුණනං කීයටවත් මං ඔයාට යන්න දෙන්නෑ. රිසාල්ස් එනකල් ජොබ් එකක් කරන්නම ඕනනං අපේ කම්පනි එකේ හරි මොකක් හරි කරල දෙන්න තිබුණනෙ. ඒ නැතත් අංකල් දන්න වෙන තැන් තියනවනෙ. මේ මොහොතෙ හරි පූජා නතර වෙනවනං මට ඒක කරන්න පුළුවන්”

“අනේ බෑ ආන්ටි”

හිත වෙනස් වෙන්නට පෙර මම ඉක්මන් කොට කීවෙමි.

“මං පොරොන්දු වුණා එනව කියල. ඒ අය මං ගැන තියපු විශ්වාසෙ කඩන්න බෑ”

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“කොහේ කොතනක ගියත් ඔයාට වරදින්නෑ පුතේ. ඒත් මට දුකයි. පාළුයි ඔයත් නැති වුණහම. මොනා කරන්නද…ජීවිතේ එහෙම තමයි”

ඇය සුසුමක් හෙළුවා ය. මා ඒ ගෙදරින් නික්ම ආවේ මහත් බරක් හදවත මත පටවා ගෙන ය. නමුත් යළි හිත දුර්වල කර ගැනීම නො කළ යුතු බව මම තදින් සිතා ගතිමි. ආකාශ් ගේ වෙනසට හේතුව මා ඔහු ගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම බව මට සිතා ගත හැකි ය. නමුත් අප මේ තත්වයට කෙසේ හෝ මුහුණ දිය යුතු ව තියේ. කවදා හෝ මුහුණ දිය යුතු ව තිබේ. තව පහු වෙත්දී බිඳෙන්නට බැරි තරමට බැඳීම් දැඩි වන්නේ ය. එදාට මේ සමු ගැනීම අදටත් වඩා අසීරු වන්නේ ය.

තාත්තා මාව මහ නුවර එම ජාත්‍යන්තර පාසල තෙක් ඇරලුවේ ය. නවාතැන් පහසුකම් පාසල විසින් සැපයෙන බව පැවසුණෙන් ඒ ගැන වද වෙන්නට කාරණයක් නොවී ය.

“ගෙදර ගැන වෙනදට වැඩිය බලන්න තාත්තෙ”

රියෙන් බැස ගත්දී මම කීවෙමි.

“ලොක්කි ඔය ඕන්නැති දේවල් හිතන්න ඕන්නෑ”

තාත්තා ඉවත බලා ගෙන කීවේ ය. මම ඔහු ගේ දෙපා වැඳ, ගේට්ටුවෙන් ඇතුළට පියවරක් තැබුවෙමි.

“ලොක්කි”

මම හැරී බැලුවෙමි. තාත්තා ගේට්ටුව සමීපයට ම පැමිණ සිටියේ ය. 

“ලොක්කි මෙහෙම දුරකට එන්න තීරණේ කළේ…අපිට නොකියන මොකක් හරි ප්‍රශ්නයක් ලෙක්කිට තියෙනවද…”

“අනේ නෑ තාත්තෙ. මං යන්නං”

මා ඉක්මනට ඔහු වෙතින් මිදුණේ තවත් රැඳී සිටියා නම් මට හැරී ගෙදර යන්නට සිතේවියි ඇති වූ බිය නිසා ය. ඇස් දෙක දිය වෙන්නට හැදුවේ ය. මම හැකි වෙර යොදා කඳුළු වලකා ගෙන විදුහල්පති තුමිය ගේ කාර්යාලය වෙත ගියෙමි. මා සමග ටික වෙලාවක් කතා බහ කොට අවශ්‍ය කාරණා ගැන දැනුවත් කළ ඕ තොමෝ, දුර බැහැරින් පැමිණෙන ගුරුවරියන් සඳහා වන නේවාසිකාගාරය වෙත මා යොමු කළා ය. පසු දා සිට මා වැඩ භාර ගත යුතු ව තිබිණ. 

මම හැකි තාක් ගෙදර අමතක කොට ඉන්නා උත්සාහයක් ගතිමි. මේ විදිහට මා ගෙදරින් පිට දවසක් ගෙවන ප්‍රථම වතාව ය. ඒ දවස මේ තරම් ඉක්මනින් හා අහඹු ලෙස උදා වේවි යයි මම නො සිතීමි. එතැන තවත් තරුණ ගුරුවරියන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටියහ. එක්කෙනෙක් ගාල්ලේ ය. අනෙක් තැනැත්තිය මීගමුවේ ය. හැන්දෑවේ ඔවුන් දෙදෙනා සමග මම දලදා වඳින්නට ගියෙමි. වැව රවුම රොබරෝසියා මලින් පාවඩ එලා තිබුණේ ය. ඇයි දෝ මන්දා මට දිගට ම සිහිපත් වූයේ ආකාශ් ය. කඳුළු සලන්නට ම හදන ඇස් දෙක දරා ගන්නට මට ලොකු සටනක් කරන්න ට සිදු විය.

රාත්‍රියේ ආකාශ් ගේ අංකයෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. එයට පිළිතුරු දෙම්ද නො දෙම්ද කියා මම දුරකතනය දෙස බලා ගෙන ම කල්පනා කරන්න ට වීමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x