Novels

මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා සිටියේ අනන්තාපරිමාණ තාරකා පිපුණු අහසට නෙත් අලවාගෙන ය.ඒ සෑම තරුවකටම කතාවක් ඇති බව ඇයට සිතේ.අහසේ වඩා දීප්තිමත් තරුව කාව්‍යා දෙස බලා සිටින වගක් ඇයට හැඟේ.මේ නපුරු ලෝකයෙන් මිදී ඒ තරු අතර සැඟව ගන්නට තිබුණානම් හොඳ බව සිතමින් සිටි කාව්‍යාගේ සිතුවිලි විසිර ගියේ ගේට්ටුව අසල සිටින කුඩා පිරිස දුටු...
ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි ඇය සිතුවා ය. ගේ ඉදිරිපස ට නෙරූ සඳැල්ලත් පිටුපසට නෙරූ සඳැල්ලත් දෙස ඇය මාරුවෙන් මාරුවට බැලුවා ය. සඳළුතලා හතර ම එක ම කොරිඩෝරයකින් එක ට...
"මට සමා වෙන්න දූ..අවුරුදු විසිපහක් තිස්සෙ ඔයාව හොයාගන්න බැරි වුණා,ඔයාට දුක් විඳින්න ඉඩ ඇරිය කියන්නේ මං සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි." හිමංගි තුරුළු කරගත් සුනෙත් එසේ පවසද්දී හිමංගිගේ වචන වලට පෙර කඳුළු ඉක්මන් විණ.හයහතර නොදන්නා බිළිඳියක කාලයේ පටන් ආදරය යන වචනය නොදන්නා ලෝකයට ඇතිදැඩි වූ ඈ සුනෙත්ගේ පපුවට හිස ගසාගෙන...
රිය පදවන ගමන් විකුම් ගේ සිත තුළ මාරුවෙන් මාරුවට ආදි ගේ ත් මින්දුල ගේ ත් මුහුණු මැවිණි. ආදිත්‍යා ට අවසාන වශයෙන් කී කතාව දරුණු වැඩි බව ඔහු ට නො දැනුණා නොවේ. නමුත් තව දුරටත් ඔහු සිටින්නේ සිය පාලනය තුළ නො වන බව විකුම් ට වැටහිණි. ආදිත්‍යා කෙරේ අනුකම්පාවක් ඔහු...
"ඔයා ඔය ඇත්ත අවුරුදු ගාණක් හෙව්වනෙ හිමා.දැන් ඔයාට ඒ ඇත්ත දරා ගන්න වෙනව.සත්‍යය ප්‍රබන්ධයක් තරම් ලස්සන නැත්තේ ඒකයි.ඔයා හිතන්න ඇත්තේ ඔයාගෙ අම්මා අසරණ වුණු කෙනෙක් කියලනෙ.ඒත් මෙතන තියෙන්නෙ ඒ කතාව නෙවෙයි කියල පිළිගන්න එක ඔයාට අමාරු වෙයි.." රහල් සම්පූර්ණ කතාව හිමංගිට පහදා දීමෙන් අනතුරුව එසේ පැවසුවේ ය.අම්මා දකින්නට ආසාවෙන් සිටි...
ආදිත්‍යා විජයවික්‍රම නොහොත්, උප්පනැන්න සහතිකය ප්‍රකාර ව ආදිත්‍යා වරුසවිතාන, යහන මත නිදන සිඟිති පුතු දෙස බලා ගෙන උන්නා ය. මින්දුල විජයවික්‍රම! ඔහු කොයි තරම් නම් අහිංසක දරුවෙක් ද? මේ වගේ රුදුරු දඬුවමක් පමුණුවන්නට දෛවය ඔහු වගේ අහිංසකයෙකු තෝරා ගත්තේ ඇයි කියා ආදිත්‍යා ට තවමත් සිතා ගත නො හැකි ය....
"ඔය මට කීවනෙ හිමාලි කියන කෙනාව හොයලා දෙන්න කියලා.එහෙම මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ පුතේ, මේ ඉන්නේ එයා.හිමාලි අතුරුදහන් වුණු හේතුව නෙවෙයි එයා හිමංගිව අතාරින්න හිත හදා ගත්තු හේතුව අහන්න..ඒක මටත් දැන ගන්න ඕනෑ.." සුනෙත්ගේ ඉවසිලිවන්ත කටහඬ මන්දාරා සසල කළා ය.හිමංගි සෑමතැනකම සොයන ඇගේ අම්මා හිමාලි වීම මන්දාරාට දරා ගැනීමට...
අපේ පස් වන විවාහ සංවත්සරය අදට යෙදී තිබේ. මම අන්තර්ජාලයෙන් වෙනස් කෑම වට්ටෝරු පීරමින්, අද රාත්‍රී භෝජනය වෙනුවෙන් තනන්නට ආහාර වට්ටෝරු කිහිපයක් තෝරා ගතිමි. රෑ කෑම පිළියෙල කරන්න ට මා සූදානම් වන්නේ දවල් සිට ය. නීලම්මා අත් උදව් දෙන්නට ආවත් මම ඇගෙන් වැඩි වැඩක් නො ගත්තෙමි. කොහොමටත් ඈ දැන්...
"ආ සුනෙත්, ඔයා දැන් මෙහෙ නේද නිතරම?" අසංවර සිනාවකින් මෝටර් රථයෙන් බැස ගත් ලංකා දුටු හිමංගිට ගේට්ටුව හැර තබන්නට කී මෝඩකම ගැන පසුතැවීමක් හට ගත්තේ ය.නමුත් කම්පනයක් දැනුණේ සුනෙත්ට ය.ඒ මෝටර් රථයේ ඉන්නා අනෙත් කාන්තාව නිසා ය.ඒ හිමාලි ය.බොහෝ කාලයකට පසු දකින හිමාලි ය. "මේ බලන්නකො හිමාලි.රහල් නැති වෙලාවට මෙහෙ යන්න...
හැම දේ ම සිදු වූයේ ටිකක් ඉක්මනට හා අමුතු විදිහකට ය. ජීවිතය කියන්නේ එහෙම දේකට යයි හිතන්නට මට ඕන විය. මීට හාර පස් මසකට පෙර සිටි මා, අප්පච්චි ගේ මරණයත් එක්ක මුළුමනින් වෙනස් විය. ඇතැම් විට මගේ ම අම්මා පවා මා උමතු වී ගෙන එනවා දැයි සිතන තරමට ඒ...