Novels

හිමංගි උණු තේ කෝප්පයක් රැගෙන පුස්තකාල කාමරයට ගියේ රහල් හිඳින්නේ එහි නිසා ය.ඔහු එනතුරු මඟ බලා හිඳින්නට තරම් ඇයට අලුත ගෙන ආ මනමාලියකගේ නුහුරු මිහිරියාවක් දැනෙන්නේ නැත.ප්‍රේමයක් ඇරඹු මුල්ම කාලයේ රහල් කළේ හිමංගි විසූ කුකුළු කූඩුවක් වැනි බෝඩිම් කාමරයෙන් ඈ මුදවා ඇයට මහල් නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී නිවහනක් රැගෙන දීම...
කිරි එක බී හිසේ සිට පොරවා ගෙන යළිත් මම ඇඳේ ගුලි ගැසුණෙමි. පිටත සිරි පොද වැස්සක හඬ ඇසුණේ ය. මම පොරෝනාව මෑත් කොට යහනේ සිට ම කවුළුව දෙස බැලුවෙමි. වීදුරුවෙන් නිල් කඳු යායේ චිත්‍රය පෙනේ. මම සිතින් ඒ පොද වැස්ස යටට වී කඳු යාය දෙස බලා සිටියෙමි.ඈත නිල්වන් නිම්න...
"ඔය කෙල්ල ඔතන වැඩට ගත්තේ රහල්ම තමා.." ලංකා පැවසුවේ දෙහි යුෂ වීදුරුව එක හුස්මට හිස් කිරීමෙන් අනතුරුව ය.ඇය සිටියේ පිපාසාවෙන් නොවේ.භීතියෙන් උගුර කට වේළි ගොස් ය. "රහල් නොදැනුවත්ව එතනට කෙනෙක් එන් නෑනෙ ලංකා.." ශිරානි එසේ පවසා ලංකාට තවත් දෙහියුෂ වීදුරුවට එක් කළා ය.ශිරානිගේ පුතු ට රැකියාවක් ලබා දෙන්නැයි පවසා රහල්ට කිහිප වතාවක්...
පිටත සුළං ගතියක් තිබිණ. වැරැන්ඩාවේ මා එල්ලූ සුළං සීනුව දිගට ම නද දෙමින් තිබිණ. ඒ සුළං සීනුව මා ගෙන ආවේ කොළඹ ගෙදර මගේ කාමරයේ ජනේලය ඉස්මත්තේ එල්ලා තිබී ගලවා ගෙන ය. බොහෝ පාළු දැනෙන වෙලාවන් හිදී මම ඒ සිහින් හඬ තුළ ආත්මයෙන් ම නතර වී ගෙන හිඳිමි. "සංකල්ප අයිය ඊයේ...
මෙවන් හිඳ ගත්තේ කළකිරීමෙනි.දික්කසාදය ලබා ගන්නට පෙර තාත්තා සමහර දිනවල අම්මා වෙසෙන නිවසට ආ ගිය දවස් ඇත.සෑම දවසකම අම්මා ගැටලුවක් ඇති කරන්නටත් එය සාකච්ඡා කළ යුතු බවට බෑඟිරි ගසන්නටත් පටන් ගත්තේ කෑම මේසයේ දී ය. "මෙවන්,ඔයා යන්න.ගිහින් තේජනත් එක්ක ටිකක් කතාබහ කරන්න.." ලංකා ගැන නොතකා රහල් පුතුට පැවසී ය. "මොනවද? අලුත් කුඩම්මට...
සංකල්ප මා කැටිව ගියේ කුඩා දිය ඇල්ලක් සහිත ස්ථානයක් වෙතට ය. දිය ඇල්ල සමීප ව දකින්නට ගල් තලාවක් මතින් මඳක් ඉහළට නැග යා යුතු විය. ඒ අවට වන තෙත් බර හරිත පරිසරය නෙත නිවා සනසන සුළු විය. කූඩැල්ලන් ඇත් ද යන බිය හැරෙන්නට වෙන දෙගිඩියාවක් මවෙත වූයේ නැත. දීප්තිමත්...
රහල් බමුණුසිංහ සිටියේ රාජකාරි අතර කාර්යබහුලව ය.ව්‍යාපාරික කටයුතු වලට හොඳ කාර්ය මණ්ඩලයක් හිඳීම ඔහුට සහනයක් විණි.ලංකා ඒවාට සහයෝගය දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ විවාහ වූ අලුත පමණි.මෙවන් සහ මන්දාරා කුඩා කාලයේදීම වෙනම ජීවත් වෙන්නට පටන් ගත් රහල්ගේ ව්‍යාපාර වලට අත ගසන්නට ලංකා පැමිණියේම නැත.නමුත් ඇය එහි ආදායම් ගැන විමසිලිමත්...
මම මගේ සිනහව වෙනස් නො කර ම සංකල්ප දෙස බලා සිටියෙමි. ඔහු ඉඩ කඩ ඇති තණ නිල්ලක් අයිනට කොට රිය නතර කළේ ය. "ඇයි ඔය බය වෙලා වගේ..." මා එසේ ඇසුවේත් සිනහවෙන් ම ය. "එතකොට ඇත්තද අර නීලා ඇන්ටි කියන කතාව..." "මොනාද නීලම්ම කියන්නෙ..." "ඔයාගෙ අම්ම බයෙං ඉන්නෙ කියල...ඔයා පැවිදි වෙයි කියල..." "අයියෝ..." මම හිසෙහි අතක්...
"මං ඉව්වේ නෑ.ලොකු මහත්තයා උදේ කෑමට ඉන්න දවසක් නෙවෙයිනෙ අද.." මුලුතැන්ගෙයට විත් හට්ටි මුට්ටි හඬ නංවන හිමංගි ජයන්තිගේ හඬ ඇසිණ. "මෙවන් කන්නේ නැද්ද?" හිමංගි ඇසුවේ ඔලොක්කුවට ය. "පුංචි මහත්තයා ඕඩරයක් දාගනී.." ජයන්ති පවසන්නේ සමච්චලයට ය.මේ ගැහැනිය තමන්ට වෙනස්කම් කර පන්නා ගන්නා බොළඳ උත්සාහයක නිරත වී ඇතැයි සිතූ හිමංගිට පහළ වන්නේ සිනාවකි. "එහෙනම් ඉතින් කමක් නෑනෙ..ජයන්තිත්...
කිසිවක් නො සිතා සන්සුන් ව නිදන්නට මට අවැසි වී තිබිණි. නමුත් රතු රිබන් පටිය ද ළදරු හා තුරුණු සංකල්ප ගේ මුහුණුවරයන් ද මගේ මනසේ හොල්මන් කරන්නට වූයේ ය. නින්ද යන්නේ නැති තැන මම නැගිට යූ ටියුබ් එකෙන් කසුන් කල්හාර ගේ ගීතයක් දමා ගතිමි. හැන්දෑවේ සාදයේ දී සංකල්ප එය ගැයුවේ...