Novels

මා දෙවන වරට පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණියේ මා කොහෙත් ම අපේක්ෂා නොකළ විදිහේ ප්‍රතිඵලයක් මගේ දෝතට වඩම්මමිනි. මම අධි සාමාර්ථ තුනක් හිමි කර ගෙන සිටියෙමි. සැබවින් ඒමගේ ම ප්‍රතිඵලය දැයි මම නැවත වතාවක් ප්‍රතිඵල ලයිස්තුව විමසුවෙමි. එහි වෙනසක් වූයේ නැත.විභාගය ආසන්නයේ වූ අවාසනාවන්ත සිදුවීම මගේ මනස...
"ඔයාට මහන්සි වෙන්න හොඳද ඔච්චර දඟලන්නේ.." කාලය ගෙවී ගියේ අවිශ්කට ඒ ප්‍රශ්නය අමන්දීගෙන් අසන දවස කැඳවමිනි. පාසලේ දහසකුත් එකක් වැඩ ද නයනිගේ කුඩාවුන්ගේ රාජකාරි ද අඩු නැතුව ඉටු කරන අතර තාරා ගමනකින් ඇවිද යමින් එළවළු පැළ වලට වතුර දමන අමන්දී අවිශ්කගේ දෑසට ගෙන එන්නේ සෙනහසක මිහිරියාව ය. "අප්පච්චි වගේ හිත හයිය...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු, ආශා හා පැතුම් සියල්ල අවසාන වශයෙන් මා වෙත පැමිණි ආකාරය මේ ද?  කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම ගිනි ගන්නවා බඳු දැවීමක් මට දැනෙමින් තිබිණ. නමුත් මේ...
රට අතැර ගොස් සන්සුන් කාලයක් ගෙවා දමන්නට හිතක් ඉඳුවරට පහළ වූයේ ජානක සෙනෙවිරත්නගේ චිත්‍රපටියේ ගී ගයා අහවර වූ පසු ය.ඉගෙනීම සහ නිස්කලංක ජීවත් වීම උදෙසා අබිනික්මන් කරන්නට ඔහු අනේක වාරයක් සිතී ය. "මල්ලි ඔය තීරණේ ගන්නේ හැංගිලා ඉන්නවද නැත්නම් ඉගෙන ගන්න හිතාගෙනද?" රවීෂා ඔහුගෙන් විමසා සිටියා ය.ළමා තරු තරගය නිසා තේමිය...
නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට යමක් එහි නැත. නමුත් එසේ වූයේ නැතියෙන් මට සැනසුමක් දැනිණ. නො පෙන්වා සිටියා ට අම්මා ට හා තාත්තා ට ද එසේ වන්නට ඇත. ඇය ගැබ් ගෙන...
දුලනි ළමා ගායිකාවක ලෙස කළ එළි බැස්සා ය.ඇය ජානක සෙනෙවිරත්නයන්ගේ ළමා චිත්‍රපටියේ ගී ගැයීම වෙනුවෙන් පුරුදු පුහුණු වූයේ ආශාවෙනි.රට පුරා රසිකයන්ගේ ආදරය සමඟ ඉදිවෙමින් පැවති නිවස ඇගේ කුඩා ජීවිතය සතුටින් පුරවමින් තිබිණ. "අමන්දී..ජානක සර්ට දුලනි ගැන යෝජනාවක් තියනව." ඉඳුවර එසේ කියන්නට අමන්දී ඇමතුවා ය.දුලනි අගනුවර ඉහළම බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන්නට ඉඩ...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක රෑ බෝ වන තුරු ම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ යෙදුණෙමු. නෙරංජලා ගුරුගේ නිදි මරමින් තේ කෝපි තනමින් අපට වතාවත් කළා ය. මගේ පාඩම් කටයුතු...
"කෝ පුතේ අම්මා.." මිදුලේ වැලි කෙලියක නිරතව හුන් නයනිගේ වැඩිමහල් දියණියගෙන් අමන්දී ඇසුවා ය.සෙල්ලමට වැටී හුන් ඇයට ඒ ගැන පිළිතුරු දෙන්නටවත් නිනව් වූයේ නැත.අනෙක් කාරණය ඈ තවම දෑවුරුද්දක්වත් නොපිරුණු සිඟිත්තකි.ඇයට අම්මා අවශ්‍ය වන්නේ බඩගිනි වූ විටත් ශරීර කෘත්‍යයන් කිරීමටත් ය.නයනි නිරන්තරයෙන් කෑගසා බනින හෙයින් ද අහේතුක කෝටු පාරවල් ලබා දෙන...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර ආවේ ය. ඔහු පැමිණියේ අතින් කටින් බඩු මලු එල්ලා ගෙන ය. ළමා වියේ දී අපට අත්හැරී ගිය කිසියම් දෙයක්, සතුටක්, අප වෙත නැවත සපැමිණෙමින් තිබෙන...
"ඉඳුවරත් එක්ක ඩුවට් එකකට කතා කරා මට.." අමන්දී සිහින් හඬින් පැවසී ය.අවිශ්ක නිහඬව හුන්නේ ය.අමන්දී දක්ෂ ගැහැනියකි.ඇයට බොහෝ අවස්ථා ලැබෙන බවත් ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ දීම තමන්ගේ යුතුකමක් බවත් අවිශ්ක සිතී ය. "ඉතින් ඔයා ඒක කරන්න.." අමන්දී සිනා වූයේ සැහැල්ලුවෙනි.ඇය දැනටමත් ඒ ගැන තීරණයක් ගෙන අවසාන ය. "මං ඒකට කැමති වුණේ නෑ අවිශ්ක.මං...