fbpx

සඳක් කළ සක්මන් – 37

මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක රෑ බෝ වන තුරු ම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ යෙදුණෙමු. නෙරංජලා ගුරුගේ නිදි මරමින් තේ කෝපි තනමින් අපට වතාවත් කළා ය. මගේ පාඩම් කටයුතු වෙනුවෙන් අම්මා ගෙන් කිසි දා එබඳු සහයෝගයක් ලැබී නැති බව කිව හැකි ය. මා රෑ වන තුරු පාඩම් කරනවාද නැත්ද කියා හෝ ඇය දන්නේ නැත. එහෙම රැයක් වෙනුවෙන් එක තේ කෝප්පයකුදු ඇය තනා දී නොය.

මම ඒ ගැන සන්තාප වඩන්නට නො ගියෙමි. දෛවය විසින් ඇතැම් දේ අපට ලබා දෙන්නේ ය. නමුත් ඇතැම් දේ නො දෙන්නේ ය. කෙසේ වෙතත් මගේ අම්මා ගෙන් නො ලැබුණ විදිහේ හව්හරණයක් නෙරංජලා ගෙන් ලබා ගන්නට තරමට මා වාසනාවන්ත වී තිබිණි.

මා මුදල් ගෙවන නිසා පන්ති ගියාට නංගී ට ඉගෙනීම ගැන ලොකු උනන්දුවක් වූවා යි සිතිය නො හැකි ය. ඇය විටින් විට අලුත් ඇඳුම් ඉල්ලා සිටියා ය. මම ඒ ගැන තරමක් නොරිස්සුම් වීමි.

“ගිය මාසෙත් අලුත් ඇඳුමක් ගත්තනෙ. ඔය තරං අලුත් ඒව මොකටද…පන්තිනෙ යන්නෙ…ෆැෂන් ශෝ එකකට නෙවෙයිනෙ”

“අනේ මේ..එහෙනං මං පන්ති යන්නැතුව නිකං ඉන්නං. මට බෑ හිඟන්නෙක් වගේ යන්න. ළමයි එන හැටි ඔයා දන්නෑනෙ”

“අනේ මේ නංගි. මාත් තාම පන්ති යනව. ඉගෙන ගන්න යනවනං අපි අනිත් අය ඇඳං ඒව ගැන බල බල ඉන්නෑ හරිද..”

“එහෙනං මං යන්නෑ”

“යන්න බැරි නං නිකං ඉන්නං. මේකිට තාමත් තේරිල නෑ නැටිල්ලෙන් ඇති වැඩක් නැහැයි කියන එක. එක සැරයක් නටල ඇල්ලුවෙ හොඳ කස්තිරමක්. අල්ලනවකො තවත් අඩව්වක් ආයෙම සැරයක්”

මගේ හිතේ කැකෑරෙමින් තිබුණේ එදා රාත්‍රියේ නංගී ආකාශ් දෙස බැලූ බැල්සෙහි වූ සරාගී බව ම ය. කෝපයෙන් ඇයට හොඳට ම බැණ වැදුණත්, රැයේ ඇය ඇඳට වැටී දුක්බර ව සිටිය දී මගේ පපුව හෝස් ගා ගියේ ය. මට ද නව යෞවනයේ දී බොහෝ දේ නො ලැබී ගියේ ය. නමුත් මම ඒ ගැන තැවෙන්නට නො ගියෙමි. තාත්තා සමග වුව මා රණ්ඩු කළේ පොතක් පතක් ඉල්ලා ය. අපට නැති දේවල් අමතක කොට, මතු යම් දවසක ඒවා උපයා සපයා ගැනීම වෙනුවෙන් මම මගේ ශක්තිය යොදවා ඉගෙන ගත්තෙමි. නමුත් නංගී මා වගේ නොවේ. ඇය මා වගේ විය යුතු යයි බලාපොරොත්තු විය යුතුත් නෑ නොවේ ද? අතේ ඇඟිලි පහ වුව එක වගේ නැත. එක මවු කුසයක සිට බිහි වන සහෝදරියන් වුව එක වාගේ නො වන්නට පුළුවන.

“මේකෙන් ඇඳුමක් ගන්න”

කියමින් මම නංගී වෙත මුදලක් පෑවෙමි. ඇය වහා යහන මත හිඳ සිනා සී ගෙන එය අතට ගත්තා ය.

“මං මේවයෙ ණය ඔයාට ගෙවනව හරිද..”

“ණයනං නැති වුණාට කමක් නෑ. ඉගෙන ගෙන මේ ජීවිතේ හොඳ තැනකට අරං යන්න බැලුවොත් ඇති”

තව දුරටත් මගේ හිතේ ඇය වෙනුවෙන් ඉසිහින් නොමනාපයක් ශේෂ වී තිබුණා දැයි නො දනිමි.

“මේ දවස් වල සැලරි එකෙං ලොකු ගාණක් ගේ හදන්න ගත්ත ලෝන් එකට කැපෙනව කියල ඔයත් දන්නවනෙ නංගි. ඒකයි මං ටිකක් පරිස්සමෙන් වියදම් පිරිමහ ගන්නෙ”

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

මා ඇයට කීවේ මගේ ඇත්ත තත්වය ය. ඉන් පසු හෝ ඇය මා වටහා ගනු ඇතැයි බලාපොරොත්තු ඇතිව ය මා ඒ බව නංගී හා කීවේ.

“ඇයි අනේ. ඔය ලෝන් එකත් කපනවද ඔයාගෙ මාමණ්ඩි. ඒක කපන්නැතුව ඉන්න පුළුවන්නෙ ඒ මිනිස්සුන්ට”

නංගී ගත් කටට ම කීවේ එසේ ය. ඇයත් එක්ක මේවා කතා කොට පළක් නැතැයි මම වහා සිතුවෙමි. නමුත් හිතේ කේන්තිය ට කතා නොකරත් නො හැකි විය.

“මෝඩ කතා කියන්නෙපා නංගි. ඒක ආයතනයෙන් දීපු ලෝන් එකක්. ආයතනයක වැඩ කෙරෙන විදිහක් තියෙනව. ආනන්ද අංකල් මට එයා පර්සනල් අකවුන්ට් එකකින් සල්ලි අරං දුන්නෑ. අයතනයක සල්ලි එහෙම ඕන ඕන විදිහට වියදං කරන්න බෑ. එහෙම වුණොත් ඉක්මනටම ඒ කම්පනි එක වහල දාන්නයි වෙන්නෙ”

කියාගෙන මම එතැනින් නැගිට ගියෙමි. කීවාට නංගී ඕවා කනකට නො ගන්නා බව දැන් මා අත්දැකීමෙන් ම නො දන්නවා නොවේ.

“මට බයයි නංගි ආයෙත් කරදරේක පැටලෙයිද කියල”

ඒ ගැන කතා කරන්න ට මට සිටියේ ආකාශ් විතර ය. අම්මා එක්ක ඕවා කතා කොට ඇති වැඩක් නැත. ඇය ට කරන්නට තිබෙන්නේ සිනහ වෙන එක විතර ය. ආච්චම්මා වුණත් නංගී ට දොස් කියනු මිස අදහසක් මා වෙත ලබා දෙන්නට තරම් සමත් නො වන්නී ය.

ආකාශ් සුසුමක් හෙළුවේ ය. මගේ පපුව ඇතුළේ සුළි කුණාටුවක කැළඹීමක් ඇති විය.

“ඔයාට නොකිව්වට මගෙ හිතෙත් ඕක තිබුණා”

ඇයි කියා අසන්නට වුව මට ලැජ්ජා සිතිණි. නංගී ඔහු දෙස බලනා බැල්මේ වන සරාගී බව ගැන ආකාශ් ට නො දැනෙනවා යි සිතන්නේ කෙසේ ද?

“ඒ වගේ ළමයෙක් මං ඔය දැක්කමයි පූජා. එක අතකට අර එයා පැනල ගිය වෙලාවෙ පුනරුත්ථාපන කඳවුරකට දැම්මනං මීට වැඩිය හොඳයි කියලත් මට හිතෙනව”

“නංගි ලොකු ළමයෙක් වෙච්ච වෙලාවෙ නැකත් හදනකොටත් කියල තියෙනව…ඇස් දෙකේ තියාගෙන පරිස්සං කරන්න කියල”

“ඒක ඉතිං නැකත් කාරයො කියන්න දේකුත් නෙවෙයි එක අතකට. මේ කාලෙ ගෑනු පිරිමි කියල නෑ…ළමයිව ඇස් දෙකේ තියා ගෙන තමයි බලා ගන්න වෙන්නෙ. හැබැයි ඔයාගෙ නංගි වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න ළමයෙකුත් නෙවෙයිනෙ”

“අයියෙ”

එවර මා ඔහු ඇමතුයේ මඳ පැකිලීමකිනි. තමන් ගේ පෙම්වතා සමගින් මෙහෙව් දෙයක් කතා කරන්න ට වීම පෙම්වතියකට ඉහිලිය නො හැකි තරම් දෙයකි. විශේෂයෙන් ම තමන්ගේ නැගණිය සම්බන්ධයෙන් මෙහෙම මාතෘකාවක් ගැන කතා කරන්න ට සිදු වීම අවාසනාවකි.

“ම්…”

“නංගි…”

මගේ උගුර හිර වුණේ ය. නමුත් මේ ගැන කතා නො කරත් බැරි ය.

“නංගි කලිනුත් ඔයාට ලියුමක් දීල තිබුණ නිසයි මෙහෙම අහන්නෙ. එයා තාමත් ඔයා ගැන මොකක්හරි අදහසකින් ඉන්නව වගේද…”

ඒ තරම් අසීරු ප්‍රශ්නයක් මීට පෙර මගේ මුවින් කිසිවෙකුගෙන් මට අසන්නට ලැබී නැත. මින් මනතටත් කවදාවත් කාගෙන් හෝ එබන්දක් අසන්නට නො ලැබේවා කියා පතනෙමි. එය අසා ගත්තා ට පස්සේ මගේ මගේ හුස්ම වැටීම වේගවත් විය. මට දහදිය ද දමා තිබුණේ ය. ආකාශ් එක සිනහ බිඳුකුදු නැති වතින් මගේ අතක් අල්ලා ගත්තේ ය. ඒ උණුහුම තුළ මට දැනුණේ මහත් වූ විශ්වාසවන්ත සුරක්ෂිත බවකි.

“පූජා…සිදුහත් කුමාරයට කුමාරියක් තෝර ගන්න ස්වයංවරයක් තිබ්බා…නේද…කොයි තරං කුමාරිකාවො හිටියත් සිදුහත් තෝර ගත්තෙ යශෝදරාව. ඒක සංසාරෙං අරං ආව ආදරයක්. යශෝදරාට කවදාවත් ඒ ආදරේ සැක කරන්න හේතුවක් තිබුණෙ නෑ නේද…මාර දූවරු සිදුහත් ට අරමුණට යන්න බැරි වෙන්න කොයි තරං නැටුං නැටුවද…ඒත් සිදුහත් අරමුණ ට ගියා නේද….මට ඔයාට කියන්න තියෙන්නෙ…මං ගැනත් ඔයා බය වෙන්න එපා කියලයි. විශ්වාසෙං ඉන්න. මගෙ අතිං කවදාවත් ඒ විශ්වාසෙ බිඳෙන එකක් නෑ”

“මගෙ නංගිට වඩා මං ඔයාව විශ්වාස කරන්න කැමතියි අයියෙ…”

මගේ වචන බිඳී ගියේ ය. මෙවන් මොහොතක දී මනුස්සාත්මයක් මොන තරම් අසරණ වනවා ද කියා දන්නේ ඒ තත්වයට පත් වූ කෙනෙක් ම පමණ ය. ආකාශ් මුදු ලෙස මගේ හිස් මුදුන පිරිමැද්දේ ය. ඔහු වූ කලී දඟකාර යෞවනයෙකු බව මම දනිමි. නමුත් හෙතෙම දැමුණු මනසක් ඇත්තෙකු බව දැන් මට ඔහු ගේ ම වචන වලින් පසක් කර ගත හැකි විය. දින කිහිපයක සිට කුණාටු සයුරක් සේ කැළඹීමට පත් ව තිබි මගේ හදවත සන්සුන් කර ගන්නට, ආකාශ් මත මගේ හදවත තැබූ විශ්වාසය මට ප්‍රමාණවත් විය.

“ඔයා නංගිට ඉගෙන ගන්නයි කියල වියදං කරන සල්ලි අපරාදෙ වෙයි කියලයි මටනං හිතෙන්නෙ පූජා”

ඊට ටික දවසකට පස්සේ දිනක් නෙරංජලා ගුරුගේ මා හා කීවා ය. බොමින් සිටි තේ උගුර හිස් මොළයේ ගියේ ය. ආකාශ් වහා මගේ පිටට තට්ටු කළේ ‘මොකද්ද අමම’ කියමින් සිය නො මනාපය හඟවමිනි.

“නෑ මං කිව්වෙ පූජා මේවා දැනං ඉන්න ඕන නිසා. ඒ ළමයගෙ වැඩේම පාරට වෙලා එක එක කොල්ලොත් එක්ක කියව කියව ඉන්න එක. මං අහන්නෙ කවුද නොදන්නෙ එයා සැරයක් පැනල ගියා කියන එක…ඉතිං ඔය එක කොල්ලෙක්වත් හොඳ ඉතිං ඒ ළමයව ආශ්‍රය කරනවයි කියල හිතන්න පුළුවන්ද..”

නංගී ගැන අලුත් ගින්නකින් හදවත දැවෙන්නට වූයේ ය. මම ගෙදර ගිහින් නංගී ව නොව අම්මා ව අල්ලා ගතිමි.

“අම්ම බලන්න අරය කරන්නෙ කියන්නෙ මොනාද කියල. කොල්ලොත් එක්ක පාරෙ මුකුළු කර කර ඉන්නවලු. මං මෙහෙ දහස් ගණං වලිං පන්ති වලට සල්ලි ගෙවනව. අම්මා ගෙදරනෙ ඉක්නෙ. අනිත් එක අම්මගෙ වගකීම දැන්වත් මෙයාව හදා ගන්න එක. කියන දේ අහන්නෙ නැත්තං අලි බඳින දංවැලක් දාල හරි මෙයාව ගෙයි තියා ගන්න”

අම්මා බිම බලා ගෙන සිටියත් පරල වූයේ නංගී ය. 

“කයුද ඔය කේලං කියන්නෙ ආ…තමුසෙගෙ මහ ලොකු නැන්දම්මද…නැත්තං බෝයි ෆ්‍රෙන්ඩ්ද…අනේ මේ අනුංගෙ මගුල් හොයන්නැතුව ඒගොල්ලන්ට ඒගොල්ලංගෙ වැඩක් බලා ගන්න කියනව. තමුසෙට බැරිනං මං ම කියන්නංකො. ආව මෙතන මාව හදන්න…”

ඇය කෑ ගැසුවේ ගුරුගේ මැදුරේ ඇත්තන්ට සියල්ල කනේ තැබුවා සේ ඇසෙන පරිදි ය. මා එතෙකින් නිහඬ වූවේ නංගීට ඇති බියකට නොවේ. නෙරංජලා ගුරුගේ ගේ හිත රිදේවියි බියට ය. 

නංගී ගැන මහත් කලකිරීමකින් මම පැත්තකට වන්නට තීරණය කළෙමි. කෙසේ නමුත් පන්ති හා වෙනත් අවශ්‍යතා සඳහා දරන්නට පොරොන්දු වූ වියදම, අඩුවක් නො කොට දිගටම කර ගෙන ගියෙමි. ඈ සිටියේ මා එක්ක ද්වේශයකින් සේ ය. හැම විට ම නංගී මට ඇනුම් පද කියන්නට ද වූවා ය. මම ඉවසීම ප්‍රගුණ කරමින් සිටියෙමි.

දවසක් වැඩ ඇරී ආ වේලේ, නංගී ගැබ් ගෙන ඇතැයි අම්මා මට රහසින් සේ කීවේ ඔය අතරේ දවසක ය. උස්සා පොළොවේ ගැසුවා සේ මම කම්පිත වීමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x