ඇගේම මිතුරිය නිසා විනාශ වූ ඇගේ විවාහය.

විවාහ ජීවිතය තුළ ඔබ ගනුදෙනු කරන්න ඕනෑ ඉතාම ප්‍රවේසමෙන්.ඔබ ගන්නා අනුවණ තීරණ, ඔබ පවසන වචන ඔබේ විවාහ ජීවිතය එක මොහොතකින් කුඩු පට්ටම් කරන්න ඉඩ වැඩියි.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඇගේ උපදේශන කටයුතු ඇසුරෙන් ඔබට ගෙන එන මේ විශේෂාංගය වෙන් වෙන්නේ එහෙම විසිරී ගිය පවුල් ගැන ඔබට කියන්න.

ප්‍රියංවදා සහ රංගන කුඩා කාලයේ ඉඳන්ම අසල්වැසි නිවෙස් වල ජීවත් වුණු හොඳ මිත්‍රයන්. බාලකාලේ යාළුකම ආදරයකට පෙරළිලා ඔවුන් විවාහ වෙලා දැන් අවුරුදු විසි තුනක්.ලොකු පුතා නදීර සරසවි අධ්‍යාපනය හදාරන කෙනෙක්.ඔහුගේ පෙම්වතිය ප්‍රියංවදාට කිහිපවතාවක් මුණ ගැහිලාත් තියනවා.

ඉතිං ප්‍රියංවදා හිතන විදියට දැන් ඔවුන් “කසාද බඳින්න කිට්ටු ළමයි ඉන්න පේරන්ට්ස්ල.”

ෂෙරීන්, ප්‍රියංවදාගේ පැරණි කාර්යාල මිතුරියක්.ඇය විවාහයෙන් පස්සේ විදෙස් ගත වෙලා හිටියත් ඒ විවාහය අහවර කරලා මව්රටට ඇවිල්ලා ටික කාලයක්. ප්‍රියංවදා සහ ෂෙරීන් ආයෙම හිතවත් වෙනවා.ප්‍රියංවදා දැන් රැකියාවෙන් ඉවත් වෙලා ගෙදරම ඉන්න නිසා ෂෙරීන් ඇය බලන්න නිතරම එනවා.ඇගේ ඔන්ලයින් බිස්නස් කරන්න නදීර නදීක පුතාලගෙන් උදව් පවා ලැබෙනවා.රංගනටත් ඇයව මුණ ගැහෙන්නේ ඔය අතරේ.

දවසක් පවුලේ සාදයක් ඉවර වෙලා ෂෙරීන් ඇයට යන්න ටැක්සියක් කතා කරලා දෙන්න කියලා නදීරට කියනකොට ප්‍රියංවදා ඒකට බාධා කරනවා.

“ඕකට ටැක්සි ඕනයැ.රංගන ඔයාව ගෙදරට ඇරලයි අනේ..”

ඊට පස්සේ රෑ මැදියම වෙනතුරු ෂෙරීන් නිතර නිතර ගැවසීම වැඩි වෙන අතරම රංගන ඇයව ඇරලවන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.දවසක් ඇයට එහෙම යන්න නොලැබෙන්නේ වාහනයේ දෝෂයක් නිසා.එදා ෂෙරීන් ප්‍රියංවදාගේ ගෙදර නවතිනවා.

රෑ හදිසියේ ඇහැරලා ප්‍රියංවදා රංගනව හෙව්වට ඔහු කාමරයේ නෑ.අහඹු සැකය නිසා ඇය පහත මාලයට එන ප්‍රියංවදා දකින්නේ විවාහක බිරිඳක් නොදැකිය යුතුම දසුනක්.පුතුන් දෙදෙනා නිසා කලබල නොකර ඇය ආපහු කාමරයට ගියත් තමන්ගේ මිතුරිය තුරුළු කරගෙන නිදා සිටි සැමියාව අමතක වෙන්නේ නෑ.

ඊට පස්සේ ඇය නිතරම රංගන එක්ක රණ්ඩු කරනවා.ඔහුගේ සම්බන්ධය දුටු බව කියනවා.

“ඇයි තමුසෙ මෙහෙ ඉන්නෙ.මේ ගෙදරින් පලයං..”

නිතර නිතර ඇය මෙහෙම කියද්දී රංගන ඒක තමන්ට හොඳ පාලමක් කරගන්නවා.

“පුතේ, අම්මා දැන් මට කැමති නෑ.අම්මා පලයං කියනකොට මට ඉන්න බෑනෙ.මං යනවා.” ඔහු එහෙම කියලා ගෙදරින් ගිහින් දික්කසාද නඩු පවරනවා.
දැන් ඔහු ෂෙරීන්ව විවාහ කරගෙන.ඒ සිදු වූ දේ ඇති කළ කම්පනය නිසා ප්‍රියංවදා මානසික ප්‍රතිකාර ලබා ගන්නවා.

රත්නා පුෂ්පකුමාරි මහත්මිය මේ කතාව ඇසුරෙන් ඔබට දෙන උපදෙස් මේ,

පළමුවැන්න, ඔබේ මිතුරියන්ට ඕනෑවට වඩා දිගදුර ගිය සම්බන්ධතා සැමියා සමඟ ගොඩ නගා ගන්නට ඔබම ඉඩ දෙන්න එපා.ඔබම ළං කරන ඔවුන් ඔබ හිතනවාට වඩා දුර ගියාම ඔබටම පසු තැවෙන්න සිදු වෙනවා.එතකොට ඔබ පරක්කු වැඩියි.

අනිත් කාරණාව සැමියා සමඟ රණ්ඩු වෙනවිට ඔහුට “පලයං, මට දැන් මේක ඇති වෙලා ” වගේ කතා කියන්න එපා.ඔහු සමාජයෙන් සහ දරුවන්ගෙන් අනුකම්පාව ගන්න ඒ වචන පාවිච්චි කරන්න පුලුවන්.ඒ නිසා ගැටලුවක් ආවම සෘජුව කතා කරන්න.

විවාහ ජීවිතය තුළ ගනුදෙනු කළ යුත්තේ ඉතාම ප්‍රවේසමෙන්.අපි ඊළඟ දවසෙත් ඔබට වැරදිය හැකි තැනක් ගැන කතා කරමු.

ඔබට උපදේශනය අවශ්‍ය නම් 071 411 3457 / 0777645921 අංකයෙන් රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles