මොරීන් සියල්ල කදිමට සැලසුම් කළා ය. නිවර්තනා ව අහිමි කර ගන්නට ඇය ට කොහෙත් ම ඕනෑ වූයේ නැත. කිසල් ට පෙම්වතියක හිඳින බව නිවර්තනා ගෙන් වසංගා, ඉක්මනින් විවාහ ගිවිස ගැනීම සිදු කිරීම ඇගේ අරමුණ විය. මුලින් ම ඕ ඒ ගැන නිවර්තනා ගේ මව හා ඇගේ පැරණි මිතුරිය වන ප්‍රියානි...
මම හැල්මේ දිව ගියෙමි.දැඩි සත්කාර ඒකකය වෙත දිව යාමට තරම් ඇඟට පණ නැති බව දැනෙද්දී පවා මා ගියේ දිවගෙන ය. විදුලි සෝපානය අමතකව වේගයෙන් පඩිපෙළ නගින මගේ පිටුපසින් චාරුනී ද දිව ආවා ය.
"සංකට ඇයි??"
හති හලන අතරතුර මා නිසල්ගෙන් ඇසුවේ ආවේගයෙනි. ඔහු පුදුමයට පත් බැල්මක් හෙළුවේ ය.
"සංකල්පගේ කම්පැනි එකේ සීඊඕ...
චාරුනී කෙටි කෑම වර්ග කිහිපයක් ගෙන මේසය මත තැබුවා ය.කෑමට පිරියක් නැති මම හිස් බැල්මක් පා කරමින් සිටියෙමි.පුපුරා එන තරම් කකියන හිස අතකින් තද කරගනිමින් හුන් මගේ දෑසට හසු වූයේ ගැබිණි යුවතියක අතින් අල්ලාගෙන යන මවකගේ දසුනකි."අම්මා ඕනෑ" යන හදිසි සිතුවිල්ලක් හිත පුරා අකුණු ගසන්නට විය. එහෙත් අම්මා හිඳින්නේ...
"ඔයාට පුලුවන්ද නංගි පවීලගෙ ගෙදර යන්න.නීතා මේ මොකුත්ම දන්නේ නෑ.. සීනු වුණත් පවී ගෙදර එන්න ලේට් වෙනකොට අප්සට් යයිනෙ.."
තිසුරි වරදකාරී හැඟීමක් සහිතව අප දෙස බලා සිටියා ය. මේ මොහොතේ පැවසීමට නොහැකි යමක් ඇගේ හිතේ සිරව ඇති සෙයක් මට දැනිණ.ඈ වචන සොයන්නට යත්න දරද්දී ලෝචනා වහා හඬ අවදි කළා ය.
"ආ..හරි...
නිවර්තනා කියන්නේ මොරීන් ගේ පවුලේ හිතවතියකි. විදේශයක සිට පැමිණි ඇය වෙත මොරීන් සුවිශේෂ විවාහ යෝජනාවක් ද ඉදිරිපත් කොට තිබේ. එහෙවු ඇය නිතර දෙවේලේ මොරීන් මුණගැහෙන්නට විශ්ව විද්‍යාලයට පැමිණීම පළිඟු ට නම් පුදුම වන්නට කාරණයක් නොවේ. ඒ යන එන අතර වාරයේ, ආසන්නයේ වන මේ අවන්හලට යම් හේතුවක් මත ගොඩ වීමත්...
එදා රාත්‍රී ආහාර සඳහා නිවර්තනා ට මොරින් ගෙන් ඇරයුම් ලැබී තිබිණි. ඒ ඔවුන් ගේ නිවසට ය. ඊට පෙර දිවා ආහාරය සඳහා මොරීන් යුවතිය ව ප්‍රකට බොජුන් හලකට කැටිව ගියා ය. ඒ ගමනෙ හි යටි අරමුණක් තිබිණි.
"ඕගොල්ලො පොඩි කාලෙ ඉඳලම ප්‍රියානියි මායි කතා වෙලා හිටියෙ දවසක ඔයයි කිසලුයි මැරි කරන්න...
ඒ උදේ වත්සලා ත් පළිඟු ත් අතර ඒ හැටි කතා බහක් නො වුණ තරමි. සිය හදවත අරක් ගත් ප්‍රේමයක් ඇති බව පළිඟු ට කියා තිබුණ එක ගැන වත්සලා පසු තැවුණා ය. ඒ චමල් බව ඇයට දැනෙන ලෙස හැසිරීම ගැනත් ඇය තමන්ට ම සමාව නො දුන්නා ය. මේ අතීත කතාව...
හාත්පස අඳුරේ ගිලී පැවතිණි. කුඩා ඉස්තෝප්පු කොටසේ දැල්වෙන විදුලි ආලෝකය මිදුල ට මඳ ආලෝක කදම්බයක් පතිත කළ ද, පිවිසුම් දොරටුව ආසන්නයේ වූයේ අඳුරු ගතියකි. එනිසාවෙන් ම ගේට්ටුව අරින තැනැත්තා කවුද යන්න එක්වර ම දැකිය හැකි වූයේ නැත. 'මොරීන් මැඩම් ද? කිසල් ව හොයං ඇවිත් ද? පුංචාටත් එක්කම දොස් කියල...
ඒ වාගේ කැත වැඩක් ඇයට කළේ අක්ෂි කියා හෝ මොරීන් කියා හෝ හිතන්නට පළිඟු ට ඕනෑ වූයේ නැත. නමුත් එහෙම හිතෙන එක නවතාලන්නට ඇය ට හැකි වූයේ ත් නැත. තවමත් පුහුදුන් මිනිස් ගති ඉක්මවා උසස් මානසික තල වලට ඈ පිවිස සිටියේ නැති නිසාවෙනි. අක්ෂි සමගින් කතා කරන්නට නො හිතෙන...
දිගටම ඉකි ලමින් හුන් මා සිටියේ ජීවිතය මට දෙන දරුණු දඬුවම් දරා ගත නොහැකිව කම්පිතව ය.අද ජූනි මාසයේ එකොළොස් වැනිදා ය.මීට හරියටම සත් වසරකට පෙර දේවක අප හැර යන්නට ගියේ ය.අද සංකල්ප අනතුරට ලක් වී යැයි ඇමතුමක් පැමිණ ඇත.මා නැවත නැවත එකම අත්දැකීමක පැටලී ගෙන ඇත.
"අක්කි, අඬන්න එපා.ලෝචනා අක්කි...