දැඩි ලෙස අසාධ්‍ය වූ රෝගියකුට සුවය පතා මරණයට කැපවූ ගවයකු නිදහස් කිරීම වඩාත් හොඳ බවට අපේ සමාජයේ මතයක් තිබෙනවා.සුදාරක වෙනුවෙන් එවැනි දෙයක් කරන්නට මම සූදානම් වූයේ ඔහුගේ සුවවීම එන්න එන්නම ප්‍රමාදවීම නිසා.
එය බොහෝ මුදලක් වැයවෙන කාර්යයක්.මා සතුව මුදල් තිබුණත් මේ කාලය වෙන විට මගේ මුදල් සීග්‍රයෙන් වැය වෙමින් පැවතුණා.අනිත්...
මම නොදැන සිටියාට සුදාරකගේ කනිෂ්ඨ නිලධාරීන් ද මස් මාංශ අනුභව කළ බව මා දැනගත්තේ පසුවයි.ඔවුන්ට තමන් කැමති කැමැති කැමැති ආහාර ගන්නට හැකියාවක් නැහැ.පොදු මුලුතැන්ගෙයක සකසන ආහාර ඔවුන්ට අනුභව කරන්නට සිදු වෙනවා.ඒ නිසා ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම ඉතාම අයුක්ති සහගත බව මම දැන සිටියා.නමුත් මේ ආදරණීය තරුණයන් එදා පටන් සියලුම...
අපි ඒ ආරාමයේ දිගින් දිගටම බෝධි පූජා පැවැත්වූවා.පූජාව මාංශ සහිතව සිදු කළේ ඒ පූජාවට එය අත්‍යවශ්‍ය නිසා වුවත් එය එතැනින් අවසන් වුණා.නමුත් බෝධි පූජාව පැවැත්වීමේ දී මස් මාංශ අනුභව නොකර අපි සම්පූර්ණ නිර්මාංශ වී පැමිණෙතැයි මෙහෙනින් වහන්සේ අපේක්ෂා කළා.
"ඉතිං අද දවල්ට මොනවද කෑවෙ?"
දිනක් මෙහෙණින් වහන්සේ මගෙන් සහ නෑදෑ පිරිසගෙන්...
පූජාවට අවශ්‍ය බව පැවසූ සෑම ආහරයක්ම මම පිළියෙල කළේ මගේ දෑතින්.බිත්තර වර්ග ක්‍රම කිහිපයකට,හාල්මැස්සන් මස් මාළු ආදියත් පරිප්පු ව්‍යංජනයකුත් සැකසීමට සිදුවුණා.ඉන්පසු විශාල බත් මුලක් බඳින්නට කටයුතු කළා.මේ සියල්ලටම සුදාරකගේ කනිෂ්ඨ සේවකයන් මට විශාල ලෙස උපකාර කළා.නමුත් ඔහුගේ පවුලේ උදවිය මේ කටයුත්තට කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ.මම මේ විෂයට කිසිසේත්ම ඇලුම්...
මේ කියන්නට යන කතාව මගේ ජීවන අත්දැකීමක් මත ඔබට කියන කතාවක්.ජීවිතයේ මුහුණ දුන් සියලුම දෑ ඔබ සමග බෙදා ගන්න නිසා මම මේ කතාව ඔබට කියන්නට සිතුවේ.මෙවැනි කාරණා පිළිගැනීම හෝ පිළිනොගැනීම ඔබේ පෞද්ගලික තීරණය වන හෙයින් මේ ඔබට ගුප්ත විද්‍යාව වෙනුවෙන් පෙම් ඇති කරන කතාවක් නොවන වග කරුණාවෙන් සිහිපත් කර...
සුදාරක සුව කර ගැනීමේදී ගුප්ත ශාස්ත්‍රවල පිහිට පතන්නට මං කිසිම මොහොතක සිතුවේ නැහැ.හැම මොහොතකම වෛද්‍ය ශාස්ත්‍රය ඇරුණු විට මා බෞද්ධ වත්පිළිවෙත් වලට අනුව ඔහුට සෙත් පතන්නට ක්‍රියා කළා පමණයි.මා ගුප්ත විද්‍යාව ගැන කිසිවක් දැන සිටියේ නැහැ.ඒ හැරුණු විට දිල්හානි සහ සුදාරකගේ අම්මා කළ කී සමහර දේවල් නිසා ශාස්ත්‍රය ගැන...
මම දිගින් දිගටම සුධාරකට සුව වෙන ලෙස අයදිමින් ඔහු සමීපයට වී ඔහු සමඟ කතා කරද්දී සුධාරකගේ අම්මාට ද ඔහුට අමතන්නට උවමනා වුණා.එයට ඉඩ දෙන්නට වෛද්‍ය කණ්ඩායම් ක්‍රියා කළේ ඉතාම කැමැත්තෙන්.එවැනි මොහොතක අම්මා කෙනෙකු දරුවෙකුට පවසන වචන ලෙස ඔවුන්ට මින්පෙර ඇසී ඇති සංවේදි වචන මෙතැනදීත් ඇසේවියැයි ඔවුන් සිතන්නට ඇති.
"මගේ පුතේ...
සුධාරකගේ මොළයේ යළි සැකසීම වෙනුවෙන් ඔහුට ප්‍රතිකාර කිරීම ඇරඹී තිබූ බව මම ඔබට පැවසුවා මතක ඇති.ඒ වෙනුවෙන් ඔහු වඩාත් ආදරය කරන අයගේ කටහඬවල් ඔහුට අසන්නට සැලැස්වීම වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ක්‍රමයක් වී තිබුණා.සුදාරක මේ ලෝකයේ වඩාත්ම වඩාත් ම ආදරය කළ කෙනා රෝහලට රැගෙන එන්නට මට නොහැකි වී තිබුණා.
ඒ අපේ ආදරණීය දියණිය!
ඇයව...
සුධාරකගේ මොළයට දැඩි ලෙස හානි වී ඇති බව වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගනු ලැබුවේ ඒ කාලයේදී.රෝහල් දැඩි සත්කාර ඒකකයක පසුවන රෝගියෙකුගේ ඥාතීන්ට ඕනෑම දෙයක් ඕනෑම මොහොතක ඇසීමට සූදානමින් හිඳින්නට වනවා.ඒ කාලයේ හදිසි උවමනාවට රෝහලෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන විට මා මහත් ගැස්මකට ලක් වෙනවා.මගේ සියලුම සිහින ද ජීවිතය ද මගේ අත්ලෙන්...
අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය කටුක වූ අතීතය ගැන සිහි කරද්දී ඒ මොහොතේ අපව අතනෑර ළඟ සිටි සුන්දර තරුණයන් පිරිස ගැන ලියා තැබිය යුතුම බව මට සිතුණා.මේ කතාව අවසානය දක්වා මා මවක්...