(අ)හිමි සිහින -156

මම නොදැන සිටියාට සුදාරකගේ කනිෂ්ඨ නිලධාරීන් ද මස් මාංශ අනුභව කළ බව මා දැනගත්තේ පසුවයි.ඔවුන්ට තමන් කැමති කැමැති කැමැති ආහාර ගන්නට හැකියාවක් නැහැ.පොදු මුලුතැන්ගෙයක සකසන ආහාර ඔවුන්ට අනුභව කරන්නට සිදු වෙනවා.ඒ නිසා ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම ඉතාම අයුක්ති සහගත බව මම දැන සිටියා.නමුත් මේ ආදරණීය තරුණයන් එදා පටන් සියලුම ආකාරය මස් මාංශ වලින් වැළකෙන්නට වගබලාගෙන තිබුණේ මගේ ඉල්ලීමකින් පවා තොරවයි.

පසුවදා පූජාවට මමත් නොයා ඉන්නට තීරණය කළේ ඥාතීන්ගේ සිත සැබෑවටම බිඳී ඇත්දැයි යන සැකය නිසා.ඔවුන්ගේ හිත හැදෙන්නට ඉඩ හැර හෙමින් සීරුවෙ ඒ ගමන යන්නට මම තීරණය කළා.නමුත් ඔවුන් බොහොම කෝපයට පත්වී ඇති බව මට තේරුම් ගියේ ඔවුන්ගේ කතා විලාශය නිසා.ඉතා සිල්වත් මෙහෙණින් වහන්සේ නමක් ලෙස නගරය පුරා ප්‍රසිද්ධ වූ එතුමිය ගැන බොහොම අප්‍රසන්න කතා කියන්නට ඔවුන් පටන් ගත්තා.ගැහැනියකට කළ හැකි අප්‍රසන්න මට්ටමේම චෝදනා කරමින් ඇයට ගරහන්නට ඔවුන් ක්‍රියා කරන අන්දම මම බලා සිටියේ දැඩි අප්‍රසාදයකින්.සැබෑවටම එතුමිය හැකි උපරිම අන්දමින් වෙහෙසෙන්නේ ඔවුන්ගේ ම සහෝදරයා සහ පුතු වෙනුවෙන් බව මේ කාන්තාවන් පිරිස අමතක කර තිබීම මට ගෙන ආවේ දැඩි කළකිරීමක්.තවත් ගැහැනියකට මෙතරම් පහසුවෙන් නින්දා කළ හැකිදැයි සැබෑවටම මට හිතාගන්නටත් අසීරු වුණා.මිනිස් ශරීරයේ නම්‍යශිලීම අවයවය වන්නේ දිව බව පසක් කරමින් ඔවුන් හිතන හිතන අන්දමට කතන්දර කියන්නට පටන් ගත්තා.පසුදා ඒ පූජාවට නොගිහින් සිටීමට මම තීරණය කළා.ඉන්පසු මම සුදාරක ගෙන් කනිෂ්ඨ නිලධාරියකු අතට සුධාරකගේ ජංගම දුරකතනය ලබා දුන්නා.වීඩියෝ ඇමතුමකින් පූජාවට සම්බන්ධ වීමට මම කටයුතු කළා.එය සුදාරකගේ එක් නැගණියක් දුටු බව මට පෙනුනත් මම එය එතරම් සැලකිල්ලට ගත්තේ නැහැ.

“අපි ආයෙ ඔය පූජාවට එන්නේ නැහැ යන නොඑන එක ඔයාගේ වැඩක්.”

ඔවුන්ගේ සහභාගි නොවීම මම ගැටලුවක් කරගන්නට නුවුවමනා බවත් මම එයට සහභාගි වීම ඔවුන්ට ගැටලුවක් නොවන බවත් ඇය ප්‍රකාශ කර සිටියේ පවුලේ මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමි කර ගත් ආකාරයෙන්.

“ඔවු නේද? මම එහෙනම් යන්නම්.”

පූජාව මඟ නොහැර ගන්නා ක්‍රමය කල්පනා කරමින් සිටි මම වහාම ඇයට එයට එකඟ වන්නට තීරණය කළා.ඒ සියල්ලම කරන්නේ සුදාරක වෙනුවෙන් බවත් ඔහු වෙනුවෙන් කිසිවක් ම කරගන්නට නොහැකි වූ බවට පශ්චත්තාප වනවාට වඩා අවශ්‍ය දේ කිරීම යහපත් බවත් මම ඇයට ද තේරුම් කර දුන්නා.

සුදාරක වෙනුවෙන් අනුරාධපුරයට පැමිණ සිටියාට එය ඔවුන්ට නිවාඩුවක් ගත කිරීම හා සමාන වුණා.කොරෝනා වසංගතයේ තදින් පැතිරෙමින් තිබූ කාලයක් නිසා රැකියාවන් හෝ පාසල් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ කාලයේ අනුරාධපුරයට වී සැපට කා බී හිඳීම ඔවුන්ගේ තෝරාගැනීම වී තිබුණා.උදෑසන පටන් රාත්‍රී කාලය  දක්වාම රූපවාහිනිය නරඹමින් සුදාරකගේ අම්මාද කාලය ගත කරන්නට පටන් ගත්තේ පුතු සිටින තත්ත්වය ගැන කිසිම සිත් පීඩාවකින් තොරවයි.

මේ සිදුවීම් මේ ආකාරයෙන් සිදු වෙමින් පැවතෙද්දී ටිකෙන් ටික ඔවුන් සහ මා අතර සිත් බිඳීම් ඇතිවෙන්නට පටන් ගන්නා බව බව මට වැටහෙන්නට පටන් ගත්තා

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles