මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද සතුට ද මිශ්‍ර වූ ත්‍රාසය ද භීතිය ද කරුණාව හා ආදරය ද සම අනුපාත වලින් එක් වූ අරුම පුදුම සිදුවීම් වලින් ගහන චිත්‍රපටයක් වන් එකකි. ආපසු හැරී...
මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක් නොදුටු දුක ම වැළඳූ මගේ ජීවිතයේ මේ තරමින් මා ශෝක වූ දිනයක් වෙන නැත්තේ ය. මේ මොහොත තුළ මා කෙතරම් නම් අසරණ ද? මල්ලී කිසි වරදක් නොකළේ...
මා දුරකතන ඇමතුම දී අඩ හෝරාවක් ගත වන විට ලෝචන අපේ ගෙදරට පැමිණ සිටියේ ය. නමුත් ඒ වෙත්දීත් මහ ගෙදර ගිය අම්මා පැමිණ සිටියේ නැත.
"මොන එහෙකට එහෙ ගියාද...කකුල් දෙක ළඟ වැඳ වැටිල බැගෑපත් වෙන්නද ගියේ..."
අම්මා මහ ගෙදර යාම ගැන ලෝචන සිය අප්‍රසාදය පළ කළේ එසේ ය.
"අනේ අයියෙ...මල්ලිව කොහොම හරි...
මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත් මා කළේ මන්දහාසයකින් ජීවිතය දෙස බලා හිඳිනා එකයි. එය වූ කලී පහසුවෙන් කළ හැකි දෙයකැයි නො සිතුව මැන! ඇතැම් අවස්ථාවන් කටු ඉඹුලේ යනවා සේ ම වේදනාකාරී වූයේ...
තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා නග්න ව තිබි පොළොව මත පතිත වන ප්‍රථම වැස්ස මේ ය. බුරුල් වී තිබි පස් අංශු වැහි දියේ මුහු වී බොර වතුරක් ව ගලා යන්නට විය. කාලයකට...
ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා පහසක් නො ලැබී ඇති බවට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නොවී ය. පර්චස් විස්සක් වූ ඒ ඉඩම වට කොට තාප්පයක් ගසා තිබුණේ ය. තාප්පය අලුත් බව පෙනුණත් එහි...
බුරා හැළුණ ගිනි රොටු වල බල පරාක්‍රමය අඩු වී යමින් තිබිණ. ඒ කුඩා දර මඩුව අළු කොට දමන්නට ගින්නකට මහ වෙලාවක් ගත වන්නේ නැත. අවුරුදු විස්සකට ආසන්න කාලයක මතක කන්දක් ඒ විදිහට අළු කොට දමන්නට ගින්නකට වුව පුළුවන් ද?
අප හිටියේ ලෑලි බංකුව මත ලං ව හිඳ ගෙන ය. අප...
මධාරා අක්කලා මීගමුවේ හෝටලයෙහි රාත්‍රියක් ගත කොට පසු දා සිංගප්පූරුව බලා නික්ම ගියේ සතියක මධු සමයක් වෙනුවෙනි. ඔවුන් ගේ දෙවන ගමන පැවතියේ ඉනික්බිති වන අතර, මම මුලින් ම ඊට සහභාගී වීම ප්‍රතික්ශේප කොට සිටියෙමි. ඊට හේතුව මධාරා අක්කා නොමැති විට ඒ ගෙදර මට කිසිදු පහසුවක් නො දැනීම ය. මදුරාපුර...
ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ. කුස පිරෙන්නට කන්නට නැතත් ඒ දුප්පත් නිවහනේ හිත පිරෙන්නට ආදරය තිබිණි. හද උතුරා යන්නට සැනසිල්ල තිබිණ. කුස ගින්නේ අප මිය යාවිද කියා කිසි දාක නො සිතූ, කට්ට...
ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ ය. මම මදුරාපුර මැදුර පැත්ත පලාතේ නො ගියෙමි. විටෙක එහි යෑමේ බරපතල උවමනාවක් මට දැනුණේ ය. එය අසහනයක් සේ මා වියවුල් කරන්නට ද විය. ඒත් මම හිත...