නික්මෙන්නට පණ ගැන්වී තිබි රියෙහි එන්ජිම විසල් විසින් නවතා දමන ලදී. ඒත් එක්ක ම සුසුමක් ගිලිහෙන්නට ගිය මගේ පපුව මම සුරතින් තද කොට ගතිමි. විසල් පිටුපස හැරී හෙළූයේ දැවී අළු වී යන විදිහේ බැල්මකි.
"දැං ඔහොම හිර වෙලා හතර දෙනෙක්ට යන්න පුළුවන්ද..."
ඊළඟට ඔහු ඉෂිනි දෙස බලාන තදින් ප්‍රශ්න කළේ ය.
"ඇයි...
හුඟක් වෙලාවට ගැහැනුන් එපා කියන්නේ වඩාත් ම ඕනෑ දේ ය. ලං ව හිඳිනා පිරිමි ඒ එපා කියනා දේවල් ලබා නොදුණ හොත් එපා කී ගැහැනු ම වියරු වැටෙති. පිරිමින් ට කිසි දා ගැහැනුන් තේරුම් ගත නොහැකි බව ඔවුන් ප්රත්යක්ෂ කර ගන්නේ එවන් අවස්ථා වල ය.
මා විසල් ව ගෙදර යැවිය යුතු...
ප්‍රේමය, නිර්වාණයක ශාන්තිදායක බව දරයි. වලාකුළු වලටත් මත්තෙන් උඩු ගුවනේ වන සැහැල්ලුව උසුලයි. මහා වැසි වනාන්තරයක වන ගුප්ත බවින් ආතුර වෙයි. නිදහසේ හිස් බවින් පිරෙයි.
මම ප්‍රේමයෙහි ඒ සියල් හැඩයන් හා වර්ණ දෙස සන්සුන් ව බලා සිටියෙමි. මේ දවස් හා මේ සංවේදනා ඉතා ඉක්මනින් අතීතයට එක් විය හැකි බව දැන...
විසල් එන්නට ඇත. පහළ මහල දෙසින් කට හඬවල් ඇසිණ. නමුත් මම යහනේ ම වැතිර සිටියෙමි. විසල් ව දින ගණනාවකට පසු දකිනා ආශාවක් හදෙහි නොවුණා නොවේ. ඒ ආශාව පැරදවිය හැකි උදාසීන කමක් ද මා යට කර ගෙන තිබුණේ ය. අමාරුවෙන් සොයා ගත් ඔහු ට යළි නික්ම යා නොදී වැරෙන් අල්ලා...
අම්මා, පුංචී හා නදීරා විසල් ගේ ගෙදර තත්වය ගැන තව නොයෙක් දේ කතා කළහ. එ් සියල්ල මට ඇහුණේ සිහිනයකින් සේ ය. එතැනින් නැගිට ඒ කිසිත් නෑසෙන තැනකට යාමේ උවමනාවක් ගැන යටි හිත කෑ ගසා කියමින් තිබිණ. අවසන මම ඒ හඬට කන් දුනිමි.
කාමරයට ගිය මම අතට හසු වූ ඇඳුමක් දමා...
විසල් මල්වැන්න ගේ තුරුණු මුහුණ දෙස මම බලා ගෙන ම සිටියෙමි. පිටාර ගලනා පැහැදුල් පොකුණු සරි ඒ දෑස් වල මේ මොහොතේ වූයේ කැළැතුණු ස්වභාවයකි. එහි ගැඹුරේ ම දුකක් තියෙන්නට ඇත. මට ලං ව බැලිය හැකි වූයේ නැත. නමුත් දුක යටපත් කර ගෙන සිනහ වෙන්නට දරනා ඔහු ගේ උත්සාහය මගේ...
රොද බැඳෙනා උණුහුමක් හාත්පස වූයේ ය. එය වූ කලී හිත ගත පිරිමැද ගෙන යන අදෘශ්‍යමාන වූ යමකි. මිනිස් ඝෝෂා සිව් දෙසින් නැගිණි. සමාජ දේශපාලන හා ආර්ථික පෙරළියක අවශ්‍යතාවය රළ නගමින් තිබිණි. අරගල බිමක වන්නේ එක හදවතකින් විසිර ගිය කැබලිති ය. හැම හදවතක් පණ ගැහෙන්නේ එක ම රිද්මයකිනි. එක ම...
මගේ මුහුණේ විසල් ගේ රැවුල් කොට ඇණෙනු දැනුණේ ය. තදින් මුහුණ සිප ගත් ඔහු ඉනික්බිති දැඩි ව මා වැළඳ ගත්තේ ය. කලින් දැන ගෙන සිටියා හෝ පෙර පුරුද්දක් ඇතිව සිටියා සේ මම ඒ පපුතුර ගුලි ගැහුණෙමි. ඒ තරම් සුව දායී හැඟීමක් ඉන් පෙර කිසි දා මා විඳ නො තිබි...
විසල් මල්වැන්න ව නො තකා හිඳින බව හඟවනු වස් කාමරයට ආවාට නිදි මතක් කියා දෙයක් මට දැනුණේ ම නැත. හිතේ තිබුණේ සීරුම් තුවාලයක රිදුමකි. කුස ගින්නක් නො වුණත් කුසත් උදරයක් අතරේ දැවිල්ලක් එහෙ මෙහෙ වූයේ ය. මම ඇස් දෙක තද කර ගෙන ඇඳට වැටී සිටියෙමි. එතකොට සහනයක් සැනසීමක් දැනෙනු...
සතුටත් දුකත් එක පදමට කැලතුන තැන ඇති වෙනා හැඟීම මා තුළ වූයේ ය. එයට ආදරය කියා නම් දෙන්නට මම කැමැත්තෙමි. විසල් මල්වැන්න මා තුළ විසල් කන්දක් තරම් බරක් ව පැටවී ඇති බව දැනිණ. ඒ බරැති හැඟීම ට ආදරය යයි කියන්නට මම කැමැත්තෙමි. එසේ වනයින් ආදරය මා අස වූයේ ය....