Stories

ahimi sihina
සුධාරකගේ ජීවිතය ඉක්මනින්ම අවසන් වන බවට ඔහුගේ ඥාතීන්ට දැඩි විශ්වාසයක් තිබුණා.යථාව පිළිගන්නට අකමැති වීම සහ ඕනෑම දරුණු අවස්ථාවකදී සටන් කරන්නට ඇති උවමනාව නිසා මම එය නොපිළිගත්තත් ඔවුන් එය දැඩිව පිළිගනිමින් සිටියා. "දේපලවලට මොකද කරන්නේ?" දිල්හානි සමඟ එක් වී අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම මේ මොහොතේ ඔවුන්ට විශාලම ගැටලුව වී තිබුණා.ජීවිතයේ එක්තරා...
සීත මාරුතේ
මුණිවර ගේ අතට මගේ අතේ මැණික් කටුව තද වී තිබියදී මසිත දිව ගියේ පෙර එක දවසකට ය. ඒ මිස්ට් ෆීල්ඩ් හි පිරිත් රාත්‍රියයි. මා කාර්යාල මේස ලාච්චුවෙන් ස්ටේප්ලරය ගෙන නික්ම යන්නට හදත්දී මුණිවර මගේ අතින් අල්ලා ගත්තේත් මේ විදිහට ම ය. ඒ වෙලාවේ රිද්මයෙන් ම දැනුත් මගේ හෘදය ස්ඵන්දනය...
හිමගිරි අරණ
"ඒ මේ රටේ ජනාපතිගේ දුව වුණත් කමක් නෑ." රවිඳුගේ අම්මා සුරම්‍යා ඉතා සාම්ප්‍රදායික අම්මා කෙනෙකුගේ වෙස් ගන්නට ගත වූයේ මිනිත්තු කිහිපයකි.අනතුරුව ඇය උස් හඬින් වැළපෙන්නට ද වූවා ය.රවිඳු අකම්පිතව බලා හිඳින්නට තීරණය කර තිබිණ.සියළු ආශිර්වාදය පිරිනමමින් අම්මා සන්තෝසයෙන් ඇලලෙනසුළු පුවතක් ඇයට දීමට නොහැකි වීම ගැන ඔහු තුළ කම්පාවක් නොවී ය.මේ...
ahimi sihina
සුධාරක සුවපත් කර ගැනීමට මා  පමණක් ඔහු ඇමතීමේ තේරුමක් නොමැති බව මට වැටහුණා.ඒ නිසා මට ලැබෙන කුඩා කාලසීමාවේ ඔහුගේ කනිෂ්ඨයන්ද ඔහු වෙතට යවන්නට මම කටයුතු කළා.සිරුරෙන් දැවැන්ත තරුණයන් තමන්ගේ වැඩිමහල් සහෝදරයා අසල වැලපෙන්නාක් මෙන් සුදාරක අසල වැළපුණු අන්දම මට තවමත් මතකයේ තිබෙනවා. "නැගිටින්න සර්.මේ කාලේ අපට කරන්න කොච්චර වැඩ තියෙනවද?...
සීත මාරුතේ
ගුරුතලාව වැස්සෙන් වට වී තිබිණ. එක ටර්පන්ටයින් ගසක් හෝ දැන් පෙනෙන්නේ නැත. හාත්පස සුදු දුමාරයකින් පිරවූවා සේ ය. මට දැනුණේ මා අයිස් කුට්ටි වලින් තැනූ ඉග්ලූ නිවාසයක් තුළ සිටින්නා සේ ය. ගුරු නිවාසය පිහිටන්නේ උස් බිමක ය. මෙතැනට වටාපිටාව හොඳින් පෙනේ. කිසිත් නො පෙනී සුුදු මීදුම් දුමාරයකින් වට වී හිඳීමේ...
මුහුදු රළ සරැළි නඟමින් වෙරළට ඇදී ඒ.නැවතුමක් සොයන කුඩා සිප්පි කටුවක් වැලි මත තබා නැවත සයුරට ඇදී යයි."ඉරිසියාකාර කේලමුන්" නැති තැනකට මුහුදු වෙරළ තෝරා ගන්නට සිත් වූ කාරණාව කුමක්දැයි හිමාෂාගෙන් ඇසීම රවිඳු කල් දැමී ය.නමුත් ඔහුගේ හදවත කියවා ගන්නට ඇයට එතරම් වෙලාවක් ගත නොවී ය. "දෝනි ලැබෙන්න ඉන්න කාලේ මට...
ahimi sihina
සෑම කළු වලාවකම රිදී රේඛා ඇඳෙන අවස්ථා ඕනෑ තරම්. සුදාරකගේ නෑදෑයන් මගේ ජීවිතය සම්බන්ධයෙන් ඔවුන්ට ඕනෑ  පරිදි උගුල් අටවමින් සිටියදී මා මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි එක් දෙයක් සිදුවෙමින් පැවතුණා. සුදාරක ඉන්නවාට වඩා සුවයෙන්! අප බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ තත්ත්වය මඳක් යහපත් වන්නට පටන් ගත්තා.ඔහු අත් කකුල් සෙලවීම් කරන්නට,ඇස් කරකවමින්...
සීත මාරුතේ
දහවල සිට ම මන්දාරම් ව තිබි අහස පිනි පොදයක් ඉහිරවන්නට පටන් ගෙන තිබුණේ ය. අදීශ් පණ්ඩිතරත්න පැමිණියේ ඒ පිනි පොදයෙන් මුවහ වෙන්නට සේ අතක් හිස් මුදුනේ තබා ගෙන මඳක් නැවී දිව ගෙන වාගේ ය. මවෙත පැමිණි විගස ඔහු කේක් එක මගේ අත පත් කළේ ය.  "ඇයි මේ..." මගේ ස්වරයේත් පෙනුමේත් වන්නට...
චමරි ගෙදර ආවේ හරිම මහන්සියෙන්.ඇත්තටම ඇඟට දැනෙන මහන්සිය අද හරිම කාර්ය බහුල දවසක් වුණු නිසාද එහෙමත් නැත්නම් මේ කාලයේ දැනෙන අපහසුතා ද කියලා විශ්වාස නැතත් ඇයට තිබ්බේ හරිම වෙහෙසක්. "අපි එළියට ගිහින් මොනවා හරි කමුද?" අද දවල් ඔෆිස් එකේදී කම්මැලි වෙලාවක ෆේස්බුක් යනකොට තෝසේ සහ ඉන්දියන් කෑම වර්ග කිහිපයක ඡායාරූප දුටුව...
හිමගිරි අරණ
සමහර හැඟීම් බවට වචන බවට පත්වූ විට ඒවා නැවත ආපසු ගැනීම කළ නොහැක්කක් බව හිමාෂාට සිතෙද්දී ඇගේ හැඟීම් වචන වී අවසන් ය.ඇය ගල් ගැසී ගියේ එනිසා ය.ඇයට රවිඳුගේ මුහුණ බලන්නට අපහසු විය.ඔහු තමන්ගේ වචන ඕනෑවටත් වඩා තේරුම් ගන්නට ඇති බව ඇයට සහතික ය.ඉඳුරාම සහතික ය. "සමහර වෙලාවට අපට කරන්න වෙන...