Stories

අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා. "අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?" ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා. මාර්ගය ඉතා දුෂ්කර එකක්. දුර්ග සහිත මාවතේ පාලම් මතින් සීතල දරාගනිමින් අමිත් සහ ඔහුගේ ආයතනයේ රියදුරා ඒ රූපවාහිනි අලුත්වැඩියාව වෙනුවෙන් ගමනේ යෙදෙනවා. ප්‍රධාන මාර්ගයට ගසක් කඩා...
මලිඳු මහත් සැහැල්ලුවෙන් අම්මා සමඟ කියවමින් සිටියේ ය. අපේ ගෙදර පිරිමි දරුවෙකු සිටියා නම් මෙවැනි සැහැල්ලු දසුනක් විරල නොවනු ඇතැයි හිතට දැනෙද්දී මට අඬන්නට ඕනෑ විය. එහෙත් අමාරු සිනාවක් සොයා ඔහුට විසි කරගැනීම මට අසීරු වූයේ ද නැත. "ඔයාලා එක්ක එන්නත් තිබ්බා.. පස්සෙ මතක් වුණේ.." මා හදිසියේ ආවාට ලොකු කතන්දර කී...
නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී අහස දෙස බලා ඉන්නා ගමන් මම සිතුවෙමි. සොබා දහම වූ කලී පුදුම අතරින් ද මහත් වූ පුදුමය යයි මම සිතමි. ඒ, සොබා දහම සියල්ල දන්නා...
අමෝද අයියා වහා ආපසු හැරුණේ කිසිවක් අමතක ව ගිය බවක් හඟවමිනි. "මොනවද අනේ ඔයාලා මේ බලන මලකෝලං.. වැඩකට නැති මිනිස්සු ඇවිල්ලා ඕප දූප කියෝනවා.. ඔයාලත් බලනවා.." මල්ලිලාත් නංගිලාත් කලබලව ගිය හ. සේවකයන් ලෙස අප කිසිදා ඔවුන්ට සලකන්නේ නැත. එහෙත් පාඩම් කරන්නැයි නිතරම මගෙන් බැනුම් අසන නිසා ඔවුහු මට තරමක් බියක් දක්වති....
අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ වෙනකක් නිසා නොව මගේ ආදායම් පවා කලමණාකරණය කරන්නට ඇයට වන අවශ්‍යතාවය හින්දා කියා මම සිතුවෙමි. නමුත් තුෂී මා නො දකින පැත්තක් දැක තිබුණා ය. "යුගාන්ත එක්ක...
අම්මා කාලයකට පසු සිටියේ සන්තෝසයෙනි. මා සති කිහිපයකට පසු නිවසට පැමිණීම සේම ගෙදර පාළුව නැති වන තරමට හිනා හඬ පැතිර යාම ඇයගේ හිත වසා ගත් අඳුරු වලාකුලු පහව යන්නට හේතු වන්නට ඇත. ඈ වේලු මාමාගේ බිරිඳ වූ මීනම්මා නැන්දා සමඟ ලහිලහියේ උයමනේ යෙදුණා ය. ඊෂා තේ පානය කළ සැනින් කළේ...
මා පැළ තවානට වී පැළ කිහිපයක් වර්ග කරමින් සිටිනා අතර වාරයක අසංක හෙමි හෙමිහිට ඒ දෙසට පැමිණියේ ය. මම ඒ ගැන ඒ හැටි තැකීමක් නො කළෙමි. ඔහු ඇවිත් මට කිට්ටුවෙන් ම සිට ගත්තේ ය. "වැඩද…" මම හැරී බලා සිනහවක් නගා ගතිමි. "ඔව්" "උදව්වක් ඕනනං කියන්න. දැං මං ඉන්නවනෙ"යළිත් මම සිනහවක් පෑවෙමි. ඊට වැඩියෙන්,...
බොහෝ වෙලාවක් යනතුරු ම කාරය තුළ කිසිවෙකුත් වදනකුදු දෙඩුවේ නැත. ඊෂා මගේ අතකින් අල්ලා ගත්තා ය. හිතේ ආවේගය නිසා අමෝද අයියාට මලිඳු ගැන කියවාගෙන යාම ගැන ඈ ශෝකයෙන් පසු වන බව මට වැටහිණි.නමුත් මට කෝපයක් දැනුණේ නැත. ඒ ඇගේ අයියා ය. මා හඬන කාරණය ඔහුට හෙළි නොකර සිටියානම් එය...
කාමරයේ හැර දමා තිබූ ජනේලයේ තිර රෙදි ඉහළ නංවමින් අකීකරු සුළඟක් ඇතුළට ආවේ ය. ඒ තෙත සුළං කෝඩයෙන් මා හිරි වැටී ගියත්, එකී සිසිලස හදවතට දිව්‍යමය සුවයක් දැනවී ය. තුෂී යුගාන්තට ඇමතුම ගත්තේ ස්පීකර ක්‍රියාත්මක කොට ය. එනිසා දුරකතනය හැඬවෙන හඬ මට ද ඇසෙමින් තිබිණ. ගතට දැනුණ ඒ තරම්...
අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන මැසේජ් කියවමින් ඊෂාත් දිනුකත් සිටියේ විනෝදයෙනි.ඊෂා පුදුමාකාර ප්‍රීතියකින් ඉපිලෙමින් සිටීම නිසාම මලිඳුට නොකියා හදිසියේ ගමේ යාම ගැන හිත හදා ගන්නට මට සිදු විණි. දිනුක සැබෑවටම කවුරුන්දැයි...