ඊෂා පෙන්වන්නේ කුමක්දැයි බලන්නට මට ඇති වූයේ බියකි.සියල්ල සුන්දරව සහ සන්සුන් ව සිදු වීම ඇරඹූ මොහොතේම තිවංකි යළි සියල්ල අවුල් කරන්නට සැරසෙනවාවත් දැයි සසැලුණු මා හදවතේ ඇති සියලුම ධෛර්යය යොදවා එදෙස බැලීමි.
එය වීඩියෝවකි.ටෙලි නාට්‍යයක් රූගත කරන තැනක සිදුවූවක් ලයිව් ෆේස්බුක් වීඩියෝවක් ලෙස මුදා හැර ඇත. ඉමහත් ජනප්‍රියත්වයක් අත් කරගනිමින්...
මගේ හිතෙහි ගැස්මක් ඇති විය. එය අනියත ගැස්මක් ද නොවේ. යුගාන්ත ගේ මව ගැන මම දනිමි. පසුව ඉවසා ගත්තත් ඈ මගේ සත්කාර සංග්‍රහ ඉවසූයේ කැමැත්තකින් නො වන බව මම දනිමි. මේ ගෙදරට කැටිව එත්දී ට වඩා තරමක් දැන් ඇය ට සුව ය. ඒ ලැබූ සුවයත් එක්ක, මතුවට මා ප්‍රතික්ෂේප...
අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?"
හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය.
"අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.."
අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ.
"අම්මේ.. මට අහසට...
"හතරදෙනා ලොකු ප්ලෑන් එකක් වගේ.."
ඔහු පැමිණියේ එහෙම කියාගෙන ය.නයනා ආන්ටි අමෝද අයියාට පුළුල් සිනාවක් හෙළුවා ය.
"ප්ලෑන්ස් මොකුත් නෑ කියලා හිතාගෙන හිටිය කාලේ ඉවරයි.මට දැන් හරියට ප්ලෑන්ස් තියනවා. කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි බලාගන්නවා කියන්නේ අම්මා කෙනෙක්ට ලේසි වැඩක් නෙවෙයිනෙ.."
ඇය එසේ කියන්නේ ඊෂාගේ කෙස් වැටිය පිරිමදින අතර ය.මම ඇය දෙස නොබලා...
මන්දාරම් අඳුරක් හැන්දෑවේ තැවරී තිබිණ. කෙනෙක් මූසල පාට කියා කියන්නේ සොබා දහමේ ඒ ස්වභාවයටයි. නමුත් පුංචි සාවියේ පටන් ම මම අහසේ මන්දාරමත් එක්ක හිතින් බැඳී සිටි බව මතක ය. අදත්, අහස අඬන්නට සැරසෙන වෙලාවට එකත්පස් වී හිත දැහැන්ගත වෙයි. නමුත් මේ වෙලාවේ යුගාන්ත සිටියේ මා හමු වෙන්නට ඇවිදිනි. සම්මුඛ...
ප්‍රමුදි කලබලකාරියක නොවේ. ඇය විස්තරය කියන්නට ගත්තේ නැවතිල්ලේ ය. එහෙත් සෑම මොහොතකම අන් අයට ගරහන, ඕපාදූප හොයන, කෙනෙක් මානසිකව පහත හෙළීම පිණිස ඕනෑම දෙයක් කරන නෙත්මි සහ මලීෂා ප්රමුඛ කෙලි රෑන බොහෝ අය පිළිකුල් කරන බව ප්‍රමුදිගේ කතාව අසා හිඳිද්දී පැහැදිලි ය.
"ඒ කතා කරපු විදිය හරි කැතයි තමයි.ඒත් මෙච්චර...
සුබ පතන්නන් සේ ම සුබ පැතුම් ගෙන එන්නට අකමැති පුද්ගලයන් ද සුබ මොහොතවල් වල දී අපට හමු වන්නට පුළුවන. මේ සුබ හෝරාවේ කේන්තියෙන් පුපුරමින් එහි පැමිණ සිටියේ ලොකු මාමා හා නැන්දා ය. ඔවුන් දුටු අත්තම්මා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.
"ආයෙ මෙහෙ පස් පාගන්නෑ කියල ගිය ඈයො මේ ඇවිත්...
මට ඇය ගැන තැකීමට ඕනෑ වූයේ නැත. නෑසුණු ලෙස පඩිපෙළ නගින්නට ගිය මගේ මාර්ගය ඈ අහුරා ගත්තා ය.මලීෂා ද ලක්මි ද නෙත්මිට සහය දෙන්නට මෙන් පසෙක සිටිය හ. මා කෝපයෙන් දැවෙමින් හුන් බව සහතික ය.
"මොනවා අහන්නද?"
මගේ හඬ නොසැලකිලිමත් විය. ඊෂා සමඟ හිඳින කඳුකර දැරිය තනිව අල්ලාගෙන බියට පත් කරන...
ඇතැම් විට අම්මා අසංක සමගින් කතා බහ කරන්නට ඇත. මට කී දේ, ඔහු ඇය ව විවාහ කර ගත්තේ ව්‍යාජ විවාහ සහතිකයක් මත බව අම්මා ටත් ඔහු පවසන්නට ඇත. ලජ්ජාව නිසා හෝ දරා ගැනීමට අසීරු වේදනාව නිසා ඕ තනිව හා නිහඬව ඒ ආරංචිය විඳ දරා ගන්නට ඇතැයි මම සිතමි. අනාගතයට...
මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත් පාඩම් වැඩ එතරම් පහසු වූයේ නැත.ඊෂා කම්මැලිකම පොරවාගත් කුසීත කෙල්ලකි. ඉතින් අපට අසීරු පාඩම් කියා දෙමින් දිනුක නිතරම අප සමඟ හුන්නේ ය. අමෝද අයියාගෙන් පාඩම්...