Stories

තාරකා උන්නෙ පිච්චි පිච්චි. ඒ වේදනාවේ ගිනි දැල් පත්තුවුනේ හිත ඇතුලෙම විතරක් වුණාට තාරකාට පෙනුනෙ තමන්වයි, දරු පැටව් දෙන්නවයි, මුලු ගෙදරයි ඒ ගින්නෙ පිච්චෙනවා වගේ. මොන්ටිසෝරි යන කවිත පුතා බත් කන ගමන් බත් ඇට මුලු මේසෙ පුරාම ඉහිරවල. උදේ ඉඳන් නැහුනට මොකෝ තාරකාට තාම හරියට මූණක් කටක් හෝදගන්නවත්, හරියකට බඩට දෙයක් දාගන්නවත්...
පෙඟුණු මල්පෙති
චරිත්‍රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත. මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ. තමාට ඇය සමග විසඳාගන්නට කෙතරම් ප්‍රශ්න තිබුණද අම්මා පිළිබඳව සිතද්දී මේ සියලු ප්‍රශ්න වැටෙන්නෙ දෙවන තැනටය.චරිත්‍රා සමග කුමනාකාරයේ ගැටලු තිබුනද මේ ඒවා පසෙක ලා ඇයට සිදු වී ඇති දේ...
නිම් නැති නිම්නය
හිරි පොද වැස්ස චිරි චිරි ගා වැටෙමින් තිබිණ. ආරාධනා හිඳ සිටියේ වැරැන්ඩාවෙන් මිදුලට පිවිසෙන දිග පඩි පෙළෙහි ගුලි ගැසී ය. එතැනටත් සුළඟ එක්ක හිරිකඩ වැස්ස හමයි. නමුත් ඕ නො නැගිට සිටියා ය. මේ වැහි සීතලේ ග්ලැසියරයක් ව මිදී යන්නට තිබුණා නම් කියා ඇයට සිතේ. සිද්ධ වෙන දේවල් ඒ තරමට...
පෙඟුණු මල්පෙති
චරිත්‍රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය. ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත. කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට බාධා පැමිණුවද ඒ සියල්ල බිඳ දමමින් ඉදිරියට යන්නට චරිත්‍රා සූදානම් ය. ළහිරු යනු අතැර ගත හැකි පුද්ගලයකු නොවේ. අනෙක් අතට තමන්ට නොපෙනෙන ඈත රටක හිඳගෙන මිහික කුමනාකාරයේ...
නිම් නැති නිම්නය
තාප්පය පුරා වැවී තිබුණ බහුමානියා මල් වැල, රෝලර් ගේට්ටුවට මත්තෙන් ද කවාකාර ලෙස ඇදී ගොස් තැඹිලි පාට මල් පොකුරු වලින් ගහන ය. ඒ මල් පොකුරු බර වී බිම බලා ගෙන සිටියේ ලැජ්ජාවට රක්ත වර්ණ වූ කොපුල් වලින් යුතු යුවතියන් සමූහයක් සේ ය. ඒ මල් පොකුරු දිගේ ඇද ගෙන ආ...
මයුරි ටවුමේ කොමියුනිකේෂන් එකේ රැකියාවට ගිහින් මේ ගෙවෙන්නේ තුන්වෙනි අවුරුද්ද. මයුරි එහෙ වැඩට යනකොට ඒක අතිශය මූලික මට්ටමේ කාරණා කිහිපයක් විතරක් තිබුණ බොහොම පොඩි ඉඩක පවත්වාගෙන ගියපු ආයතනයක්. උසස්පෙල සාර්ථකව ඉවර කරගන්න උවමනාවට වඩා  ගෙදර ආර්ථිකය ට කර තියන උවමනාව උඩට උස්සලා අරගෙනයි  මයුරි ඒ රස්සාවට යන තීරණය ගත්තේ.  නංගිලා...
පෙඟුණු මල්පෙති
මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය. රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී අමුතු ආකාරයේ හීන දකින මිහිකට ඒ සිහින සියල්ලම උදෑසනදීත් ඉතාම හොඳින් මතක තිබේ. ඇතැම් සිහින සැබෑ ජීවිතයේදී විය හැකි දේවල් දැයි සිතෙන තරමටමට අරුම පුදුම සහහත...
කවීශ්වර ගේ ඇස් කෙවෙනි මුල ලා රත් පැහැති පැල්ලමක් ඇති වූයේ ය. හුස්ම වැටෙනා වේගය ක්ෂණික ව වැඩි වී තිබිණ. උගුර කට වියළී ගිය බවක් ඔහු අත්වින්දේ ය. කවීශ්වර ගේ අත් දෙක ම බර වී තිබුණේ ස්ටියරින් වීල් එකට ය. වැලමිට සන්ධිය තෙක් නැවූ කොටු කමිස අතින් නිරාවරණය වූ...
පෙඟුණු මල්පෙති
“ඔයා ඇයි මට ආදරේ කරන්නේ” හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය. ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු සැක සහිත නිසා ඔහුට කියන්නට හේතු කාරණා නොසොයා මේ ගමන නිදහසේ ගොසින් එන්නට හැක. එය සිතට සැනසුමකි. මිහික කතා කරන සෑම මොහොතකම අවස්තාව ශේප් කරගන්නට අවශ්‍ය කරන...
නිම් නැති නිම්නය
කණාමැදිරි තිත් ගොන්නක් සරි ව විදුලි පහන් දැල්වුණ නගරය දෙස, මහල් පහළවක් ඉහළ සිට සෞභාග්‍යා බලා සිටියා ය. පසෙකින් රළ නගනා මහා සාගරය දිස් වේ. වෙරළේ සිට බලත්දී සේ නොව මේ ඉහළ මහලේ සිට බලත්දී සාගරය වෙනස් ය. රළ නැගීම ද වර්ණය ද වෙනස් ය. කාමරය දෙසින් කාශ්‍යප ගේ...