Stories

නිම් නැති නිම්නය
ඉතින් ඊට පස්සේ ඉර නො පෑයුවේ කවීශ්වර ගේ ලෝකයට පමණක් නොවේ. සැනසුම් පායට මත්තෙන් අහස අඳුරේ ගිලී ගියේ ය. එ'අඳුර ගජධීර යුවළ ගේ හදවත් මත්තේ ද කළු වලාකුළු වියනක් තනන්නට සමත් වූයේ ය. පුරුද්දට වාගේ තුන් වේල කෑවාට බීවාට, නො පිරුණු කොනක් ඔවුන් ගේ ආත්මයන් හි තමන් ම නො...
මසින්ත ඔහුගේ පැරණි පෙම්වතිය හමුවූ බව මම දැනගත්තේ ඇය වට්සැප් දැමූ සටහනකිනි. ඉන් පසුව දමා තිබූ පින්තූරයකිනි.  ඇය මගේ  වට්සැප් ගිණුමේ උන්නේ නැත. චාරුණි උන්නාය. ස්ක්‍රීන්ශොට් දෙක එවන්නට පෙර චාරුණී මට නොසෑහෙන්න උපදෙස් දුන්නාය. ඒ හැම එකකම කීවේ " මිනිස්සු බලෙන් නවත්තගන්න අපිට බෑ.. යන්න ඕනි උන්ට යන්න දෙන්න"...
පෙඟුණු මල්පෙති
තමා දෙස දෑස් විසල් කරගෙන හිඳින ඒ තරුණයාත් ඔහුට එහයින් සිට තමා දෙස බලා සිටින චරිත්‍රා දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යා කල මිහික අනතුරුව එක එල්ලේම නම නොදත් තරුණයා දෙස බලා සිටින්නට විය. මේ ඇයගේ පෙම්වතාය. මුහුණු පොතේ හුවමාරු වූ ජායාරූපයේ හුන් සුන්දර කඩවසම් තරුණයාය. ඔහුද තමා තරමට උස මහතය. එහෙත් තමාටත්...
නිම් නැති නිම්නය
සුනාමි තත්වයන් වුණත් කලින් දැනුම් නොදී පැමිණිය හැකි ය. ආරාධනා පත් ව සිටියේත් එබඳු අහඹු මොහොතකටයි. පෙර සූදානමක් නැතිව පැමිණෙන එවන් ව්‍යසනයක දී කුමක් කළ යුතු දැයි ක්ෂණික ව අවබෝධ කොට ගත නො හැකි ව සිතිවිලි ගල් ගැසීම ස්වභාවයයි. කවීශ්වර ගේ යෝජනාව ඉදිරියේ ආරාධනා ද එසේ ගල් ගැසුණා ය. සිය...
සාරණ්‍යා අනන්ත එක්ක යාලු වුණේ අනන්ත විවාහක බව දැනගෙනමයි. අනන්තගේ කඩවසම් පෙනුම, වත් පොහොසත්කම් ඉස්සරහ සාරණ්‍යා අන්ධ වෙලා වගේ හිටියේ. ඒ හැටි දැනුම් තේරුම් නැති අම්මට අනන්ත ගැන මහ බොරු ගොඩක් කියලා අම්මාව අනන්තට කැමති කරගන්නත් සාරණ්‍යාට වැඩි කාලයක් ගියේ නැහැ.  අනන්ත සාරණ්‍යාට කිට්ටු වුණේ සඳුනි එක්ක ජීවිතේ නීරස වෙලා...
පෙඟුණු මල්පෙති
කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්‍රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය. ඉරක තිබෙන්නේ රශ්මියකි. එහෙත් මේ මොහොතේ ඒ ඉරෙන් නිකුත් වෙමින් තිබුනේ සිසිලසයි. මෙතෙක් වේලේ හිත ඇතුලේ හිර කරගෙන හුන් කඳුලු ගංගාව ලහිරුගේ පපුව මත්තේ ගලා යන්නට ඉඩ හැර චරිත්‍රා ඉකි බිඳිමින් හැඬුවාය. ළහිරුගේ...
පෙඟුණු මල්පෙති
මිහික උන්නේ බියෙනි.  චරිත්‍රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි. කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්‍රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ සේ සිතන අයෙකු බව මිහික හොඳින්ම දනී. ඉතින් එවන් අයෙකුට මෙවන් දෙයාක් දරා ගැනීමේ කිසිදු හැකියාවක් නැත. දෑස්වලින් කඳුලු කඩා වැටෙන්නේ ආදරය නිසාද බිය නිසාද යන්න මිහිකට...
පෙඟුණු මල්පෙති
නාන කාමරයේ වතුර මල යටට වි චරිත්‍රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය.  හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක සහිතය. ඒතරම්ම කම්පාවක් මේ ජීවිතය තුල තමා විඳ දරාගෙන නැති බව චරිත්‍රා දනී. කවිනිගේ ඒ ඇමතුමත් අනතරුව තමා විසින් නිර්මාණය කල ව්‍යාජ ගිණුමෙන් ගොස් තමාගේ ගිණුම පරීක්සා...
නිම් නැති නිම්නය
බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්‍යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා මැදියමේ ඔහු ආරාධනා ට දුන් ඇමතුම හේතු කොට ගෙන සෞභාග්‍යා ගේ කන්දොස්කිරියාව පටන් ගත්තෙන් ඉන් මිදෙනු වස් කාශ්‍යප කළේ ඉක්මනින් ම ගෙදරින් පැන ගන්නා එක...
පෙඟුණු මල්පෙති
චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක්‍ යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන වතාවටත් සිතුනි. එහෙත් එය ගිණුමක් හැක් කල නිසා පල වූවක්ද යන්නට වඩා මිනිසුන්ට වැදගත් වී තිබුනේ එහි පැහැදිලිව පෙනෙන්නට තිබුන චරිත්‍රාගේ මුහුණයි. කොහේදෝ මන්දා හෝටලයක කාමරයක් යැයි...