අකල් වැහි

අකල් වැහි
සිතිජ ඈතින් පෙනෙන රළ පෙළ දෙස බලමින් ඇමතුමට සමු දුන්නේ ය.ඇමතුම ලැබුණේ ඇයගෙනි.අහසේ දීප්තිමත් ව බබළන චණ්ඩ රැස් පොළොවට එවන හිරු සමඟ හිනැහුණු ඔහු නැවත දුරකථනය දෙස බැලී ය.ඇගේ හඬ සෞම්‍ය ය. "හිරූ.." ඇය හිරු තරමට දීප්තිමත් නොවේ.සඳක් මෙන් සෞම්‍ය ය.ඇගේ හඬ තුළ රට වෙනුවෙන් යමක් කිරීමේ උවමනාව බුර බුරා නැඟුණු...
අකල් වැහි
"මං දැන් අම්මෙක්.මම ඒ කොල්ලට ආදරේ කරන් නෑ.විකාර කතා කියන්න එපා." නිපුනි කිසිවක් පවසන්නට පෙර හිරුදි පැවසී ය.ඒ ස්වරය නොමනාපායෙන් පිරී ඇති බව වැටහුණු නිපුනි මිතුරියගේ උරහිස පිරිමැද්දේ ආදරයෙනි.ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ගිය පසු මන්දිරයක ජීවිතය පවා අපායක් වන බව නිපුනිට වැටහෙන්නේ මිතුරිය හන්දා ය. "සොරි කෙල්ල.ඒ වුණාට අනිත් හැමෝටම...
අකල් වැහි
හිරුදි ගැබිණියක වීමේ සාදය පැවතියේ ඇගේ කලකිරීම තවත් උග්‍ර කරමිනි.කෑමට යමක් අහිමි මිනිසුන්,උමතු වූවන් සේ දරුවන්ට ඖෂධ සොයන්නන්,ඉන්ධන වෙනුවෙන් පැය ගණනක් තිස්සේ පෝලිම්වල රැඳෙන්නන් දකින සෑම අවස්ථාවකම මේ විනාශ කරන ධනය ගැන ඇයට ඇති වන්නේ වේදනාවකි.ශෝකයකි.එහෙත් කරන්නට කිසිවක්ම නැති වීම ඊටත් වඩා වේදනාවක් බව ඇය දන්නී ය. "ඕක ඉස්සර කාලේ...
අකල් වැහි
"අපි චේතනව සර්ප්‍රයිස් කරන්න ඕන.පාටි එකක් ලෑස්ති කරලා මේ ආරංචිය කියමු.." ළසඳා සහ චේතනගේ සහෝදරිය වූ චලනි එසේ කියද්දී හිරුදි හැඟීමකින් තොරවම හිස වැනුවා ය.ඇයට මේ කිසිවක්ම අවශ්‍ය නොවේ.නමුත් රූකඩයකට චලනය විය හැක්කේ නූල් අදින විට පමණකි. "මල්ලි තාත්තා කෙනෙක් වෙන්න යන ආරංචියට මාර සර්ප්‍රයිස් වෙයි.." චලනි එසේ කියද්දී හිරුදිගේ මුහුණට සමච්චල්...
අකල් වැහි
වෛද්‍යවරයා ගර්භනී භාවය තහවුරු කරන තුරුම හිරුදිට ගැස්මක් නොතිබුණා නොවේ.ඇය බලා හුන්නේ තිගැස්මෙනි.තවත් ජීවියෙකුට ජීවිතය දීම සම්බන්ධයෙන් මේ රටේ අනෙක් මව්වරුන් කොපමණ පීඩනයකින් ඇත්දැයි ඇය සිතුවා ය.ඖෂධ හෝ රෝහල් පහසුකම් ගැන ඇයට බිය නොදැනේ.බිය දැනෙන්නේ එක් දෙයක් ගැන පමණි. මේ චේතනගේ දරුවෙකි!! සමාජ අපහාස සහ නින්දා ද සාප කිරීම් ද ඒ...
අකල් වැහි
"ඩොක්ට ගමගේ මීට් වෙන්න යමු.." ලසඳා කියන්නේ ලේලියගේ පිට පිරිමදිමින් ආදර ස්වරයකිනි.මේ ලේලියට ඇත්තේ පුත්‍ර ලාභ පමණක් බව ජොතිශ්‍යවේදියා ටක්කෙටම පැවසූ අයුරු ඇයට මතක ය.කොහොමටත් චේතන යන්නේ ඉතා වේගවත් ගමනකි.ඒ ගමනට අවශ්‍ය වන්නේ වාසනාව රැගෙන එන බිරිඳක් සහ දරුවන් ය. "ප්‍රෙග්නන්ට්ද කියලා හරියටම කියන්න බෑනේ" කුමක්දෝ හේතුවකට එයට එරෙහි වන්නට හිරුදිට සිතිණ.ඇය...
අකල් වැහි
හිරුදි නිවසට ආවේ තෙහෙට්ටුවෙනි.දේවතිලක මැදුරේ බලය හිමි ලසඳා දේවතිලක මැතිණිය හුන්නේ රූපවාහිනිය නරඹමිනි.ජනතා අරගලයේ නවතම දසුන් නොනවත්වාම හදිසි පුවත් සේ විකාශය වේ.ලසඳා හිඳින්නී ඒවා නරඹමින් ලේ කෝප කරගන්නා අතර ය. "දෙතුන් දෙනෙක් ගෙනිහින් අමතක වෙන්නැති පාඩමක් ඉගැන්නුවනම් ඔය විකාරකාරයන්ව හොයාගන්නවත් නැති වෙනවා." ඈ උස් හඬින් බැන වදින විට හිරුදි එතැන මොහොතක්...
"උදේට මොකුත් කාලා නැතුව එක පාර ශෝට් ඊට්ස් කන්න ගිහින් මොකක් හරි වුණා මහිතේ" හිරුදි එසේ කියද්දී පවා නිපුනි ඇය දෙස බැලුවේ සැකමුසුව ය.මේ එවැන්නක් නොවන බව නිපුනිට දැනෙද්දී හදවත වේගයෙන් ගැහෙන හඬ නිපුනිටම දැනේ.සිතිජ පසෙක ඇති වෛද්‍ය කඳවුර වෙත අත දිගු කළේ ය. "මෙඩිකල් කෑම්ප් එකට ගිහින් මොනවහරි බේතක් ගන්න." පළපුරුදු...
අකල් වැහි
චේතන සමඟ විවාහ වන්නට තමන්ට මුදල ගැන කෑදරකමක් දැනුණු බව සිතන්නේ මේ නොදන්නා තරුණයන් පමණක් නොවේ.ළඟම මිතුරියන් පවා එසේ සිතූ බව හිරුදිට අමතකව නොයයි.එය එසේ නොවන බව දැන සිටියේ නිපුනි පමණකි.හිරුදී දරා සිටින වේදනාවන් හරියටම දන්නී ඇය ය. "සමරවික්‍රමගේ දුව බඳින්න හිටිය කොල්ලගේ කාර් එක හිටි හැටියේ ඇක්සිඩන්ට් වුණානේ..මතකද?" තරුණයෙකු එසේ...
ගාලු මුවදොර අතුරු සිදුරු නැතිව පිරී ගොස් ය.හිරුදි රත් පැහැගත් ආකාසය දෙස නෙතු නොපියා බලා හුන්නේ හදවතේ සිතුවිලි පිටාර ගලන්නට ඉඩ දෙමිනි.සියල්ල වෙනස් වන්නට පටන් ගෙන තවම දින විස්සක්වත් ගෙවී නොමැත.නමුත් බොහෝ දේ වෙනස් වන්නට පටන් ගෙන අවසන් ය. "අව්ව සැර වැඩි හිරූ.හවස එන්න තිබ්බේ ඔයාට" නිපුනි මිතුරියගේ ඇත අල්ලා ගත්තේ...