අකල් වැහි -2

චේතන සමඟ විවාහ වන්නට තමන්ට මුදල ගැන කෑදරකමක් දැනුණු බව සිතන්නේ මේ නොදන්නා තරුණයන් පමණක් නොවේ.ළඟම මිතුරියන් පවා එසේ සිතූ බව හිරුදිට අමතකව නොයයි.එය එසේ නොවන බව දැන සිටියේ නිපුනි පමණකි.හිරුදී දරා සිටින වේදනාවන් හරියටම දන්නී ඇය ය.

“සමරවික්‍රමගේ දුව බඳින්න හිටිය කොල්ලගේ කාර් එක හිටි හැටියේ ඇක්සිඩන්ට් වුණානේ..මතකද?”

තරුණයෙකු එසේ ඇසුවේ සිතල වතුර උගුරකින් සප්පායම් වන අතර ය.ඒ වතුර බෝතලය උදුරා පානය කරන්නට තරම් සිතක් හිරුදිට ඇති වේ.නිසල්ගේ නිසල සිරුරට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව සිහි වෙද්දී හිරුදී පින්සලක් අතට ගත්තේ උමතුවකිනි.

“චේතන මන්ත්‍රීතුමා! නිසල්ට සාධාරණයක් වෙන්නේ කවද්ද?”

ඇය එසේ ලියද්දි නිපුනී තම මිතුරියගේ උරතලය පිරි මැද්දේ ආදරයෙනි.නිසල් සහ හිරුදිගේ ආදරය තරම් මුදුමොලොක් ප්‍රේමයක් නිපුනි මලයාලම් සිනමාවේවත් විඳ තිබුණේ නැත.එය එතරම් ම සුන්දර ප්‍රේමයකි.

“චේතන බැරිනම් ප්‍රසිඩන්ට් හරි ඔයාට ප්‍රපොසල් ගෙනාවාවේ.අපි බඳිනවා.අපි ඉක්මනින්ම ලංකාවෙන් යං” ජිවත් වීමේ සිහින දකිමින් සිටි නිසල් මත්පැන් පානය කර රිය ධාවනයේ නොදෙන බව හිරුදී පමණක් නොව මිතුරු පිරිසම දැන සිටිය හා.නමුත් මරණ පරීක්ෂණයේ එසේ ලියවී තිබිණ.

සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

එකල හිරුදිගේ ප්‍රියතම ගීතය වූයේ එය ය.ඇය මහ පොළොවෙහි ජිවත් වන්නට වඩා රුචි වුවා ය.ජිවිතයේ දුහුවිල්ලට ඇස බොඳව යා හැකි වුවත් ඇය නිසල් සමඟ මහා පොළොවෙහි ජීවිතය වඩා රුචිකමකින් බාර ගත්තා ය.චේතන ගිනි තැබුවේ එවන් ලෝකයකි.තමන්ව ඕනෑවටත් වඩා අදහන මිනිසුන්ට පවසන සියලුම අසත්‍ය රටම පිළි ගන්නා වග ඔවුන් සිතුවද එය එසේ නොවන බව හිරුදී දන්නී ය.නිසල් අනතුරකින් මිය ගිය පුද්ගලයෙකු නොවේ.ඝාතනයට ලක් වූයේ ය.

“ඔය ගෑනි කොහොමද දැන් නැහැ චේතනයා එක්ක ඉන්නේ.අර කොල්ලා මතක් වෙනකොට.සමරවික්‍රමගේ දුව.භාග්‍යා නේද නම කියන්නේ”

තරුණියක දහදිය වැකුණු මුහුණ පිස දමන අතරේ කියයි.ඔවුන් හිරුදිගේ සුන්දර ජීවිතය බොහෝ ඉරිසියා කරන බව චේතන කියන්නේ හිරුදී රවටා ගන්නට හිතෙන මොහොතක ය.නමුත් හිරුදිට ඔවැනි කතා ගැන අබමල් රේණුවක සත්‍යතාවයක් නොදැනේ.

“ඒ ගර්ල් සතුටින් ඉන්නවා කියල මම හිතන් නෑ.මොකද චේතනා බඳින්න ඇත්තේ කෙල්ලක් නෙවෙයි.කේන්දරයක්.”

හිරුදිගේ කටහඬ බොඳව යයි.ඒ හඬ හන්දාම ඇය හෙළිදරව් වේදැයි බියක් දැනෙද්දී නිපුනිට නැවතත් පිටව යාමේ උවමනාව තදින් දැනෙන්නට විය.නමුත් හිරුදී හරිබරි ගැහෙන්නේ යන්නට උවමනා නැති හදයකිනි.”ඔහු” නැවත කරලියට ආවේ ඒ මොහොතේ ය.

“ඇත්ත නංගි .අපි තරමටම ඔය ගෑනු ළමයි පවා වින්දිතයෝ.උන්ට ලැබෙන දරුවෝ පවා වින්දිතයෝ.අපි හිතුවට ලෝකේ තියන හැම සැප සම්පතම ලැබෙන නිසා උන්ට මාර ජිවිතයක් ඇති කියල ඊට වඩා අපි හොඳින් ඉන්නවා වෙන්න පුළුවන්”

ඔහු මෙතන නායකයෙකු බව හිරුදිට දැනෙයි.ඔහුගේ සම අව්වට දුර්වර්ණ ය.දහදිය සුවඳ මිස ඔහු ලඟින් විලවුන් සුවඳ හමා නොයේ.ඔහු ෆේස්බුක් මත මොනවාදෝ ලියයි.ඒ දුරකථනය මහා මිලක එකක් නොවේ.

“ඔයාගේ නම මොකක්ද?”

හිරුදී එසේ අසද්දී ඔහු හිනැහුණේ ය.

“මම සිතිජ.”

ඒ පිළිතුර ඇසෙද්දී එතන සිටි තරුණ පිරිස හිරුදී දෙස බැලුවේ පුදුමයෙනි.සිතිජ හෙට්ටිගේ නොදන්නා කෙනෙකු සමාජ මාධ්‍යවල සිටිය නොහැකි තරම් ය.මේ නීති ශිෂ්‍යයා එපමණකට අසාධාරණය වෙනුවෙන් හඬ නගමින් හින්දින්නෙකි.

“මම ලංකාවට ආවේ ළඟදී.මම සෝෂල් මිඩියා යුස් කරන්නෙත් නැහැ.මගේ පර්සනල් ප්‍රශ්නයක් නිසා.අනේ සමාවෙන්න සිතිජ.මම ඔයාව නොදන්නා එක මගේ වරදක්”

හිරුදී ඔහුට “පළමු බොරුව” එසේ පැවසුවා ය.මේවා කෙලවර වන තැනක් නොදැනම ඇයට ආවේ දරුණු සිතුවිල්ලකි.ඇගේ සිතුවිලි අනුව අහිංසක නමුත් එය මේ මොහොතට දරුණු වැඩි සිතුවිල්ලකි.

“ඔයාලට අවශ්‍ය දේවල් කියන්න.මම ගෙනල්ලා දෙන්නම්.සල්ලි වුනත්”

මුදලට වඩා භාණ්ඩ වල අත්‍යවශ්‍යතාවය පැවසු සිතිජ සමහර ගනුදෙනු වල අවසන් සතයටම බිල්පත් සකසන ආකාරය දෙස බලමින් හිරුදී බොහෝ වෙලාවක් ගෙවා දැමී ය.ඔහු සිත් පැහැර ගන්නාසුළු යෞවනයෙකි.තරුණයෙකු ආකර්ෂණය වන්නට ඔහු චේතන මෙන් මිලාධික සන්නාම වල ඇඳුම් අඳිමින් හොඳම අවර්ගයේ විලවුන් පාවිච්චි කරමින් එවැනි කිරිපාට හමක් පවත්වා ගන්නා යෞවනයෙකු වීම අත්‍යවශ්‍ය නැති බව හිරුදිට සිතෙයි.

ඔහු මෙතරමට අවංක වීම සෑහේ.

“ඔයාගේ නම මොකක්ද නංගි”

එසේ ඇසුවේ තවත් යෞවනයෙකි.”හිරූ” හිරුදී වහා එසේ පැවසුවා ය.වික්ටර් දේවතිලකගේ ලේලිය භාග්‍යා සමරවික්‍රම දේවතිලක යනුවෙන් මිසල මෙවැනි නමකින් ලෝකයා හඳුනන්නේ නැත.

“චේතනගේ කසාදෙට නමේ ආසම නැති කෑල්ලත් පාවිච්චි කරන්න වුණු අවාසනාවන්තියක් මම”

ඇය සිතිජ දෙස බලමින් සිතින් මිමිණුවා ය.නමේ හැටියට ඇය වාසනාව උසුලන බවසිතන්නේ අනික් මිනිසුන් ය.එය එසේ නොවන බව දන්නා එකම පුද්ගලයා ඇය ය.හිරුදිට සිතන්නට බොහෝ දේ විණ.හිස කරකවා එද්දී කුස තුළින් ආ කැළඹීම සියල්ල අවුල් කරමින් තිබිණ.භුමිය අපිරිසුදු නොකරන්නට සිතූ හිරුදී පසෙකට ගියේ වමනය පාලනය කර ගනිමිනි.

“හිරූ..ඇයි කෙල්ලේ මේ..”

වහා එතනට දිව ආ සිතිජ හෙට්ටිගේ අත වතුර බෝතලයක් වූ හන්දා එය අතට ගත නිපුනි විමසුවා ය.සිතිජ එතන නොවූවානම් මිතුරියට සත්‍යය පවසන්නට හිරුදී ක්‍රියා කරන්නට තිබිණ.නමුත් සිතිජ දෙස නෙත් කොනින් බැලූ ඇය “දෙවැනි බොරුව” පැවසුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles