"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?"
එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන සැබෑව හිරුදිගෙන් ඇසුවා ය.විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පටන්ම ප්‍රේමයේ විවිධාකාර ගැන ඔහු දනියි. නිසල් වෙනුවෙන් ම අරගලයට එන්නට නම් හිරුදිට මිත්‍රත්වයට එහා හේතුවක් තිබිය යුතු...
හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන නඟින නිමක් නැති වේදනාව ඇයට නින්ද අහිමි කර තිබේ.
"ආදරේ මරණෙන් ඉවර වෙන්නෙ නෑ නිසල්.ජීවිතේ නැති කරගන්නෙ නැතුව ජීවත් වෙන්න මම තීරණේ...
සිතිජට ඒ ඇමතුම නිමා වූ මොහොතේ පටන් සිතට නිවනක් නොවිණ.ඔහු ඔබමොබ ඇවිද්දේ සිත් පීඩාව මකා ගන්නට ය.ආදරය සිත් පීඩාවකින් අවසන් වීම මොනතරම් අභාග්යසම්පන්නදැයි ඔහු සිතුවේ නළල ඇඟිලි තුඩු වලින් මිරිකා ගන්නා අතර ය.
"අවුලක්ද මචං?"
කසුන්ගේ අත්ල උරහිස මත පතිත වෙද්දී...
සිතිජ කූඩාරමෙන් පිටතට වී තාරකා පිරි අහස දෙස බලමින් මොහොතක් කල් මැරුවේ ය.අනාගත සැලසුම් කෙබඳු වේදැයි මිතුරු පිරිස සමඟ කතාබහ කර මඳක් නිදන්නට ගෙන පැයක් වත් නොගෙවිණ.අංජලී ඔහු අවදි කළා ය.නිහඬ කරන්නට අමතක වූ ජංගම දුරකථනය හඬ තලන්නට වූයේ එහා ඉම අංජලී වග කියමිනි.
"මිනිස්සු පාලකයන්ට වැඳගෙන හිටිය කාලේ ගියා චේතන.දැන් ඉන්නෙ අලුත් පරම්පරාවක්.ඔයාලට බත් පැකට් එකටයි,අරක්කු බෝතලේටයි රවට්ටා ගන්න බෑ.මැරෙන්නෙ එකපාරයි කියලා ඒ කොල්ලො කෙල්ලො දන්නවා."
ජංගම දුරකථනයෙන් අරගලයේ විස්තර බලන අතර නොසරුප් වදන් පිට කරන චේතනට හිරුදි පැවසුවේ සමච්චලයෙනි.ඔහු හිඳින්නේ කෝපයෙනි.ඇයට ඉන් එහා සතුටක් නොවේ.නමුත් චේතන...
එහෙම නොවෙනවා නම් මේ සොබාදහම බොරුවක් හිරූ.."
නිපුනි පැවසුවේ සැබෑ හැඟීමකිනි.හිරුදි හිනැහුණා ය.පව පින සහ සොබාදහම් නීතිය දැන් ඇය විශ්වාස නොකරන තරම් ය.එවැන්නක් තිබිණි නම් මේ කිසිදු දේශපාලකයෙකුට මෙතරම් බලයක් හිමි නොවන වග ඇය විශ්වාස කරන්නී ය.
"ඔයාට මෙතනටම වෙලා ඉන්න...
නිසල් හෙට්ටිආරච්චි එවකට සරසවි සිසුවෙක් විය.නිපුනිටත් හිරුදිට උසස්පෙළ රසායන විද්‍යාව වෙනුවෙන් නිපුනිගේ නිවසේ අමතර පන්තියක් පැවැත්වූයේ ඔහු ය.හිරුදිත් ඔහුත් අතර ගුරු සිසු බැඳීමෙන් ඔබ්බට බැඳීමක් ඇති වෙමින් පවතින බව හිරුදි ද තේරුම් ගත්තේ විභාගය අවසන්ව ඔහු දකින්නට නැති වෙද්දී ය.ප්‍රේමයෙන් බැඳී ගිය පසු ඇසට ඇස මුණ නොගැසීම...
"ඔයා බලල තියනවද තාල මූවි එක.."
ගෙනා කෙටි කෑම වර්ග ද පාන වර්ග ද අරගලයේ නිරත තරුණයන්ට ලබා දී සිතිජ සමඟ සුහද කතාබහක නිරත වෙද්දී හිරුදි විමසුවා ය.සිතිජ ඈ දෙස බැලුවේ සිනාමුවිනි.බැස යන හිරුගේ රශ්මිය මුසු මුහුදු සුළඟ යුවතියගේ හිසකෙස් අවුල් කරන්නට සමත් ය.එය...
සිතිජ ඈතින් පෙනෙන රළ පෙළ දෙස බලමින් ඇමතුමට සමු දුන්නේ ය.ඇමතුම ලැබුණේ ඇයගෙනි.අහසේ දීප්තිමත් ව බබළන චණ්ඩ රැස් පොළොවට එවන හිරු සමඟ හිනැහුණු ඔහු නැවත දුරකථනය දෙස බැලී ය.ඇගේ හඬ සෞම්‍ය ය.
"හිරූ.."
ඇය හිරු තරමට දීප්තිමත් නොවේ.සඳක් මෙන් සෞම්‍ය ය.ඇගේ...
"මං දැන් අම්මෙක්.මම ඒ කොල්ලට ආදරේ කරන් නෑ.විකාර කතා කියන්න එපා."
නිපුනි කිසිවක් පවසන්නට පෙර හිරුදි පැවසී ය.ඒ ස්වරය නොමනාපායෙන් පිරී ඇති බව වැටහුණු නිපුනි මිතුරියගේ උරහිස පිරිමැද්දේ ආදරයෙනි.ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ගිය පසු මන්දිරයක ජීවිතය පවා අපායක් වන බව නිපුනිට වැටහෙන්නේ මිතුරිය...