සුහදිනි

සුහදිනි
"මං කෙනෙක්ට ආදරේ කරනවා." ඒ වචන කිහිපය තෝරා බේරා ගන්නට රන්මිණිටත් නිම්නාටත් සැලකිය යුතු වෙලාවක් ගත විය.සකී ප්‍රේමයක කිසිසේත්ම නොපැටලෙනු ඇතැයි ඔවුන් දෙදෙනා ඕනෑ තරමට අනාවැකි කියා තිබේ.ඒ ඇය අහස් ඉලංගසිංහට ආදරය කරන බව ඔවුන් දෙදෙනාට පෙනෙන්නට තිබූ නිසා ය.කිසිදා දිනාගත නොහැකි වූ ඔහුට ආකර්ෂණය නොවී ආදරය කරන්නට යාම ගැන...
සුහදිනි
"මෙයා හොල්මනක් දැකලද?" දිවා කාලය පුරා අතුරුදහන් වී සිටි මිතුරිය බෝඩින් කාමරයේ දී දුටු නිම්නා ඇසුවේ අමනාපයෙනි.සකීට පෙම්වතෙකු නැති නිසාම ඇයට හොර ගමන් නොවේ.නමුත් ඇය දිවා කාලයේ අතුරුදහන් වූයේ කොහේදැයි දැන ගන්නට නිම්නාට ඕනෑ විය. "බෙහෙත් වගයක් කුරියර් කරන්න තිබ්බ." සකී කෙටි ඉක්මන් පිළිතුරක් ලබා දුන්නා ය.බොහෝ දේ බෙදා ගත් මිතුරියන්ට බොරු...
සුහදිනි
"කියන්න සකී කියන්න..ඔක්කොම කියන්න..ඔයා දකින හීන ඔක්කෝම කියන්න" කවුරුන් හෝ හදවත තුළට වී කෑ ගසන හඬ සකීට ඇසෙයි.ඉතා ලාබාල කෙල්ලක කාලයේ පටන් ඇය සිහිනයක් දුටුවා ය.ඒ සිහිනය කුමක්දැයි තෝරා ගන්නට නොදැන සිටියද ඇය කාටවත්ම නොකියන රහසක් ලෙස එය රැක ගන්නට සිතුවා ය.සිහිනයේ සිටි තරුණයා රූපවාහිනි තිරය මත කිසිම දිනක දැක...
සුහදිනි
"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක් නොවේ. එක්තරා  මොහොතක රන්මිණි හෝ නිම්නා මේ සම්බන්ධයෙන් දිගු විස්තරයක් කළ අන්දම ඇයට සිහියේ තිබේ.ඒ ගැන අන්තර්ජාලයේ සොයා බලන්නට සිටියද සකීට ඒ කටයුත්ත ද මඟ හැරී ගියේ ය. "මට ඔයාව හොඳට දැකල...
සුහදිනි
සමහර මිතුරියන් ජීවිතය තුළ සමහර අත් වැරදීම් කර ගන්නේ ඉතා ඉක්මන් තීරණ නිසා බව සකී දැන සිටියා ය.ජීවිතය කියන්නේ ඉක්මනින් තීරණ ගත යුතු තැනක් නොවේ.ඉතා කල් බලා ගන්නා තීරණ හොඳම දේ ලබා දෙන්නට සමත් ය. "ගෑනු ළමයො? බය වෙලාද ඉන්නේ?" යක්ෂයෙකු තරම් ආවේගයක් ඇතැයි පවසන තරුණ ක්‍රීඩකයාට මේ තරම් මුදු සිනාවක්...
සුහදිනි
"අහස්!" සකී තිගැස්සී ගියේ ඒ උදෑසන ඔහු දකින්නට කොහොමත්ම බලාපොරොත්තුවක් නොවූ හන්දා ය.ඔහු එතැන විය. සරසවි මාවතට වී ඔහු ඇය එනතුරු බලා සිට තිබේ. "අහම්බයක් නෙමෙයි මං ඔයා එනකම් බලාගෙන හිටියේ."  කුමක් හෝ හේතුවක් නිසා අද දෙමිතුරියන්ව මඟ හැරීම මොන තරමට හොඳ කාරණාවක්දැයි සකී සිතුවා ය.මඟ හැරුණා ද නොවේ, කුමක් හෝ කාරණාවකට...

සුහදිනි -23

0
සුහදිනි
"උඹ කොහොමටත් මාව කියෝගන්න බව මං දන්නව මචං.පොඩි කාලේ හෝම් වර්ක් නොකර ඔබේසේකර මිස්ට උගුල් අටවන්න ප්ලෑන් කරපු කාලේ ඉඳලා උඹ මාව කියෝනව.ඒ නිසා මේ පාරත් උඹ මාව කියෝනව." අහස් එසේ කියන්නේ හැඟීම්බරව ය.සැබෑවකි.හොඳ මිතුරෙකුට මිතුරා කියවා ගැනීම අපහසු නොවේ.සියුම් අහස්ට ඔහු කුමන මොහොතක් පසු කරමින් සිටිය ද ආදරය කළේ...
සුහදිනි
"ලෝක යුද්දෙ පටන් ගන්න යන්නේ.උඹ කෝලිට දාන බෝල් වගේ නෙවේ මේවා" සියුම් ඇඳ මත නාද දෙන අහස්ගේ ජංගම දුරකථනය ඔහු අත තැබී ය.ඒ තිරය මත සාරණ්‍යා යැයි සටහන් වී තිබේ.අහස් ඇය සමඟ ප්‍රේමයෙන් සිටි කාලයේ නම් ඇයගේ අංකය සටහන් වූයේ සුරතල් නමකින් බව සිහිව සියුම්ට සිනාවක් නැඟිණ. "ආන්සර් නොකර හිටපං" ඔහු ඊළඟ...
සුහදිනි
"මටයි කියල කිසිම පෞද්ගලික ජීවිතයක් නැද්ද?" අහස් සිටියේ කෝපයෙනි.ඉතා තදබල කෝපයෙනි.සියුම් දෑත් බැඳගෙන කල්පනාවට වැටිණ.විශ්ව විද්‍යාලයේ නැගණියක ගැටළුවකට මැදි වී තියේ.ඇයට අහස් මුණ ගැසුණේ සියුම් හන්දා වීම ම සියුම්ට මෙය දිගුදුර කල්පනා කරන්නට කාරණාවකි. "උඹට ටිකක් හරි අවුල් ෂේප් කරගන්න කාලේ හම්බ වෙනකොටම ආයේ බාල්දියක් දාගන්නවනෙ බං." සියුම් කියන්නේ සිතට ආ මුල්ම...
සුහදිනි
"දකින දකින තැන ඒ ළමයා එක්ක කතා කරන්න ඕනමයි කියලා එකක් නෑ අහස්" සකී රෝහලේදී හමු වූ කතාව අසා සිටි සියුම් පැවසුවේ සරදමට ම නොවේ.සකී කියන්නේ අහිංසක දැරියක බව ඔහු හොඳින් දැන සිටියේ ය.අහස්ගේ ජීවිතයට මැදිවන්නට එවන් යුවතියකට නොහැකි ය.ඔහු නරක නොවන බව ඇත්තකි.නමුත් සාරණ්‍යාගේ ගැටළුව සේම අහස් ට සමාජයෙන්...