ළපෙති මල්

තේජන පසුදා උදෑසන මෙවන් හමු වීමට ආවේ රහල් නිවසේ නැති බව සැක හැර දැන ගැනීමෙන් පසුව ය.රහල් සමඟ සමීප ඇසුරක් තිබුණ ද මේ මොහොතේ මන්දාරාගේ මානසික මට්ටම ගැන ඔහු හා කතා කරන්නට තේජනට තිබුණේ දෙගිඩියාවකි.නමුත් මෙවන් සමඟ කතාබහ කරගන්නට දේ තේජනට තිබිණ. "අනේ! එන්න මහත්තයා.කෝ පුංචි නෝනා.." ජයන්ති තේජනව පිළි ගත්තේ...
"මෙච්චර දෙයක් වෙලා අම්මා ඩිනර් ගන්නව" ලංකා නිවසට ගොඩ වූයේ එසේ කියන අතර ය.සිරිමා නෑසුනු කන්ව ඉඳි ආප්ප කිහිපයක් පිඟානට බෙදා ගත්තා ය. "ලීලෝ..මේ ලංකා මැඩම්ට පිඟානක් ගේන්න.." ඇය අනතුරුව කීවා ය. "අම්මට මේවා ගාණක් නැද්ද අම්මා..මට මෙවන්ව එතන තියන්නත් බයයි." ලංකා පවසන්නේ හැඬුම්බර හඬකිනි.මිනිසුන් ගැන අධ්‍යනය කරන්නට හොඳින් දන්නා සිරිමාට ලේලියගේ විප්‍රකාර එතරම්...
සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්‍රිය වෙනුවෙන් දැල්වුණු දහසක් නියොන් එළි දෙස මන්දාරා බොහෝ වෙලාවක් බලා සිටියා ය.ගෙතුළ නිහඬ ය;නිස්කලංක ය.ලීලාගේ සේසේ පැමිණ මන්දාරාගේ දෙපා අතර දැවටෙන්නට පටන් ගත්තේ ය.මන්දාරා සේසේ ඔසවා උකුල මතට...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?" තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව කොපමණ සිහින තිබේදැයි ඔහු සිතී ය. "ලබන අවුරුද්දෙ අපි මැරි කරල ඇමරිකා යනවනෙ.මං තාත්තට කියන්නං.අපි දැන්ම යං." මන්දාරා අයදින්නට වූවා ය.යමක් කමක් ඇති පවුලක තරුණයන්ට වැළඳෙන සුලබම...
ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්‍රදර්ශනාගාරයේ සිට රූපලාවණ්‍යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ මේ පස්මහල තුළ බව ලංකා දැන සිටියා ය. "සෙනුල්‍යාගේ එපොයිමන්ට් එක තියනව මැඩම්.." ඇය රූපලාවණ්‍යගාරයට පිවිසෙද්දීම පිළිගැනීමේ කවුළුවේ හිඳින යුවතිය ලංකාට සිහි කළා ය. "සෙනුල්‍යා ආවද?" ලංකා ඇසුවේ පිළිතුරු...
"හෙලෝ අක්කා..කොහොමද?" රහල් විසින් නිවසට හැරලවා යාමෙන් පසු ආලින්දයේ මඳක් සක්මන් කරන්නට සිතා එළියට ආ හිමංගිගෙන් මෙවන් ඇසුවේ සුහදව ය.හිමංගි නෙතු නගා ඔහු සමඟ හිනැහුණා ය.නෙත් විසල් වූයේ ඒ ආසන්නයේ හිඳිමින් ඕපාදූප ඇහිද ගන්නට වෙර දැරූ ගෘහ සේවිකා ජයන්තිගේ ය.හිමංගි ගැන සම්පූර්ණ වාර්තාවක් සකසා ලංකාටත් මන්දාරාටත් ලබා දීම තමන්ගේ එකම...
"මන්දි ඉන්නෙ දුකෙන් ආච්චම්මා.." මිත්තණියගේ නිවසට ගොඩ වූ හැටියේම ඇඳ බදා ගත් මන්දාරාට එසේ බොහෝ වෙලාවක් ඉන්නට ඉඩ දුන් තේජන පැවසුවේ ළතැවිල්ලේ ය. "මිනිහෙක්ට ආයේ බඳින්න බැරිකමක් නෑනෙ දරුවෝ.." සිරිමා බමුණුසිංහ කියන්නේ හැත්තෑපස් වයසැති වියපත් ගැහැනියකට බලන්නට බැරි තරම් විසල් කෝණයකිනි.තේජන ගැස්සී ගියේ ඒ වචන ඇසූ පසුව ය. "මං ඇත්තටම හිතාගෙන හිටියේ ආච්චම්මා...
හිමංගි විදුලි සෝපානයට ගොඩ වූයේ බර වූ සිතකිනි.තට්ටු එකොළහක් යන්නට ගත වන්නේ ඉතා කෙටි වෙලාවකි.ඇය ඒ කෙටි වෙලාව කල්පයක් සේ ගෙවා දැම්මා ය. මහල් නිවාස සංකීර්ණයක එකොළොස්වැනි මහලක නිවසක් ස්ථිරව අයත් කරගත් ප්‍රීතිය ඇය හරියට විඳ ගත්තේ මීට මාස කිහිපයකට එහා දිනෙක මේ නිවසට ඇතුළු වූ මොහොතේ ය.අද උදෑසන මේ...
"මගේ ඔලුව තවම පැටලිලා වගේ.." මන්දාරා පැවසුවේ ටැක්සියට නැග ගත් ගමන් ය.තේජන මඳ වෙලාවක් ඈ දෙස බලා සිටියේ ය. "පැටලෙන්න තරම් දෙයක් නෑ බලන් ගියාම.." ඔහු කියන්නේ නිස්කලංකව ය.මන්දාරා ඔහු දෙස බැලුවේ අප්‍රසාදයෙනි.මෙවැනි පැටලිලි ලෝකයාට කුණු රහ කතන්දර ය.කාලාන්තරයක් තලු මරන්නට හැකි ප්‍රවෘත්ති ය. "මේක නූල් බෝලයක් තේජන.ඔයා කොහොමද ඔච්චර සිම්පල් විදියට දකින්නේ.." මන්දාරා...
පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණ.හිමංගා ඒ හිරිපොදට හොඳටෝම තෙමීගෙන කොරිඩෝවට ඇතුළු වූවා ය.අද නෑවිත් හිඳින්නට ඇයට නොසිතුණා නොවේ.නමුත් මේ දේශනය මඟ හැර ගත නොහැකි ය. "අන්න නැන්දම්මා එනව.." වැහි පොද නිසා කොරිඩෝව මඳ අඳුරු ය.අසංවර කොලුවෙකුගේ කටහඬ පැතිරී ගියේ ය.හිමංගා හිස කෙලින් තබා ගත්තා ය.මේ තීරණය ගත්තේ මෙවැනි දෑ අසන්නට බලාගෙන...