ළපෙති මල්

"හිමංගි මන්දාරාව හොඳට බලා ගන්න පාටයි.." තේජනගේ අම්මා වජිරා වීරරත්න මහත්මිය හිමංගිට පැවසුවේ සුහද සිනාවකිනි.හිමංගි ඇයට පෙරළා හිනැහුණා ය.අතීතයේ ඇයට 'ආන්ටි' ලෙස ඇමතූ බව හිමංගිට සිහි විණ.නමුත් තවදුරටත් එසේ පවසන්නට නොහැක.ඇය එනිසා ආමන්ත්‍රණයක් නොමැතිව "වාඩි වෙන්නැයි" පැවසුවා ය.අනතුරුව නැන්දණියට හා ලේලියට ඉඩ දී පහත මාලයට ආවා ය. "මොනවද පුතේ බොන්නේ?" වජිරා මන්දාරාගේ...
මන්දාරා හදිසියේ රෝගාතුර වූවා ය.පැතිරෙමින් තිබූ වෛරස් උණ රෝගයක ගොදුරක් බවට තමන් පත්ව ඇතැයි ඇයට හදිසියේ සිතුණේ තදබල හිසරදය නිසා ය.හිමංගි සමඟ විශ්ව විද්‍යාල දේශනවලට සහභාගී වෙමින් සිටිය ද තමන්ට තවදුරටත් මෙතැන රැඳෙන්නට නොහැකි බව ඇයට සිතිණ. "හිමා..මං ගෙදර යන්නං?" මන්දාරා එසේ ඇසුවේ හිඳින්නට අසීරු නිසා ය. "ඔයා තනියම යන්න? යං ඉතිං...
රහල් සහ මිතුරා වෙනුවෙන් තේ පිළියෙළ කළ හිමංගි එය මන්දාරාට ලබා දුන්නා ය.අමුත්තා වෙත යන්නට ඇයට සිතක් නැත.ඔහු තමන්ට දුව ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන හිමංගිට දැනෙන්නේ සසැලෙන සිතිවිලි ය.තමන්ගේ මිතුරු මිතුරියන් හිඳින්නේ සැමියාට අංකල් යැයි අමතන වයසක ය.ඔහුගේ මිතුරන්ට තමා දියණියකි. "මේ ඉන්නේ අපේ මන්දාරා.." සුනෙත් හිනැහී තේ කෝප්පය අතට ගත්තා...
"මට ඔයාලා දෙන්නට කියන්න වැදගත් කාරණාවක් තියනව.." දෛනික වැඩ අවසන් වන්නට ස්වල්ප මොහොතකට පෙර මෙවන් - තේජන දෙමස්සිනාවරුන් කාර්යාලයට කැඳ වූ රහල් පැවසී ය.රහල්ට ඉතා පිළිවෙළ රාජකාරි අවශ්‍ය බව දන්නා තේජන කැළඹී ගියේ ය.මෙවන් බලා සිටියේ කුහුලෙනි. "මන්දාරාත් හිමංගිත් මට වඩා ඔයාලට බොහොම කිට්ටු නිසා මේ කියන්නේ. මට හිතෙනව හිමංගි එයාගෙ...
"මට ඔයාව කොහේදි හරි දැක්ක හුරුවක් තියනව.." මන්දාරා සහ හිමංගි රහල්ගේ ව්‍යාපාර ජාලයේ කාර්යයන් සඳහා පුරුදු පුහුණු වීමට ප්‍රධාන කාර්යාලයට ගිය දා මන්දාරා එසේ පැවසුවේ ශාක්‍යාට ය. "ඕවට අහු වෙන්න එපා ශාක්‍යා.මටත් මුලදි ඔහොම කිව්වා.." හිමංගි සැහැල්ලුවෙන් පවසන්නී ය.ශාක්‍යා හිනැහුණේ හිත යට මහ බරක් සඟවා ගන්නා අතර ය. "ඔයා මාව දැකල නෑ.මගෙ අම්මව...
හිමාලි පසුදා අවදි වූයේ තද හිසේ කැක්කුමකිනි.වෙලාව උදෑසන දහය ද පසුව ගොස් හමාර ය.රවී නිවසේ නැති බව ඇයට විශ්වාස ය.ඔහුට අවශ්‍ය වූයේ ආදරය සහ යුතුකම් දන්නා බිරිඳක නොවේ.රූමත් භාර්යාවකි. "ඒ මනුස්සයා කුස රජ්ජුරුවො වගේනෙ අප්ප.." මිලමුදල් උතුරා යන ජීවිතයක් දෑස් මායිමේ පෙනෙද්දී පවා ඔහුගේ මංගල යෝජනා සෑම එකක්ම යුවතියන් ප්‍රතික්ෂේප කළේ...
ලංකා අඩ මත් ගතියකින් රාත්‍රී අහස දෙස බලා හුන්නා ය.ආකාස පියස්සෙහි ඇති අසුනකට වී හිමාලි ඇය දෙස බලා සිටියේ සමච්චල් බැල්මකිනි.මොරීන් එනතුරු කල් මරන්නට නුවුමනා බව ඉනික්බිති ඇය සිතුවා ය.මොරීන් මුළුතැන්ගෙය තුළ ය.ඇය ජයන්ති සමඟ එක් වී ආහාර පිසින්නී ය. "ශිරානි එන් නෑනෙ.." හිමාලි අසන්නේම ඔලොක්කුවට ය. "එයා එන් නෑ.හෙට අසපුවට යන...
"මොකටද මං එන්නේ? බැනුම් අහන්නද? මූසලී කියල අහගන්නද? මොකටද එන්නේ..ආ..මොකටද එන්නෙ?" හිමංගි අසන්නේ ආවේගයෙනි.ඇගේ ආවේගයට ඉඩ දී බලා හිඳින්නට නොහැකි වූ මන්දාරා අඩියක් පෙරට තැබුවා ය.නමුත් මෙවන් අක්කා වැළක්වූයේ ය. "අනේ බලන්න එන්නම නල්ල මලේ කිරියම්ම.කෙල්ලට කන්නවත් දුන්නද? අපේ සුමනෙයි අයියයි මැදිහත් නොවුණනං මේකි ටවුමෙ ඉස්කෝලෙවත් යන් නෑ.." හිමංගිගේ නැන්දා ඉඟටියේ අත්...
"ලංකායි එයාගෙ යාලුවොයිනම් දැක්කත් නොදැක්ක වගේ ඉන්න තරමට තමයි හොඳ.." හිමාලි මුණ ගැසුණු පුවත ගැන හිමංගි රහල්ට පැවසූයේ රාත්‍රියේ ය.ඔහු දුන්නේ එවැනි සරල පිළිතුරකි. "අනිත් එක හිමා,මම ඇත්තටම ඔය හිමාලිටනම් කැමතිම නෑ.හිමාලි කියන්නෙ ඔයාලා වගේ තරුණ ළමයි එච්චර කතාබහට යන්න ඕන චරිතයක් නෙවෙයි.." ඕනෑම මිනිසෙකු ඇසුරු කර ඔහුගේ හෝ ඇගේ ජීවිතය තුළ...
හිමංගිව ගමට ගොස් එන්නට පෙළඹවූයේ මන්දාරා ය.හිමංගි ඒ තීරණය ගැන සිටියේ දෙගිඩියාවෙන් ය.කිරියම්මා තමන්ට මොන ආකාරයකින් ප්‍රතිචාර දක්වාවිදැයි ඇයට සැබෑවටම තිබුණේ කුකුසකි. "මං සෑහෙන කාලෙකින් ගමේ ගිහින් නෑ මන්දි.." ඇය මන්දාරාට පැවසුවේ ළතැවිල්ලේ ය. "අපි කිසිම දේකට පරක්කු නෑ හිමා.අපි ගිහින් එයාව බලල එමු.." එසේ කී මන්දාරා කියන්නට සිතා හුන් තවත් කාරණාවක් එක්...