ළපෙති මල් -26

“මට ඔයාව කොහේදි හරි දැක්ක හුරුවක් තියනව..”

මන්දාරා සහ හිමංගි රහල්ගේ ව්‍යාපාර ජාලයේ කාර්යයන් සඳහා පුරුදු පුහුණු වීමට ප්‍රධාන කාර්යාලයට ගිය දා මන්දාරා එසේ පැවසුවේ ශාක්‍යාට ය.

“ඕවට අහු වෙන්න එපා ශාක්‍යා.මටත් මුලදි ඔහොම කිව්වා..”

හිමංගි සැහැල්ලුවෙන් පවසන්නී ය.ශාක්‍යා හිනැහුණේ හිත යට මහ බරක් සඟවා ගන්නා අතර ය.

“ඔයා මාව දැකල නෑ.මගෙ අම්මව දන්නව..”

නොකියන්නට  සිතා හුන් වදනක් ශාක්‍යාගේ මුවින් එළියට පැන්නේ ඇයට ද නොදැනී ය.ඇය මේ ආයතනයේ රාජකාරි අමතන්නට පෙර තාත්තා පැවසූ කාරණාව ඇයට අමතකව නොයයි.

“පුතා,ඔයාගෙ අම්මා ඇත්තටම නැති වුණේ ඇයි කියල මිස්ට රහල් දන් නෑ.ඔය ගෑනු ළමයෙක්ගෙ පැටලැවිල්ලක් ගැන ආරංචියක් ගියාට රහල් කියන්නෙ හරි වැදගත් මනුස්සයෙක්.ලංකා වගේ නෙවෙයි.ඔයාගෙ අම්මා බිනරි කියලා රහල් අඳුනා ගත්තොත් මිසක් ඔයා ඒවා මතක් කරන්න යන්න එපා..”

නමුත් රහල් ඇය හඳුනා ගත්තේ ය.

“මං දන්න එක්සලන්ට්ම ටීච කෙනෙක්ගෙ දුවෙක්නෙ.බිනරි කියන්නේ හරිම හොඳ මනුස්සයෙක්.ශාක්‍යා ඉන්ටර්විව් එක පාස් වෙන්න ඔයාගේ කොලිෆිකේෂන් වගේම බිනරිගෙ දුව වීමත් බලපෑවා.මොකද බිනරි කියන්නේ හරි අවංක ලේඩි කෙනෙක්.මං ශාක්‍යාත් එහෙම වෙයි කියල හිතනව..”

රහල් ඇයව සේවයට බඳවා ගත්තේ එසේ කියන අතර ය.ඒ විශ්වාසය කඩා දමන්නට ශාක්‍යා කිසිම මොහොතක ක්‍රියා නොකළා ය.

“මිස් මන්දාරාගේ නර්සරි ටීච මතකද? බිනරි ටීච.ඒ මගේ අම්මි.”

මන්දාරා ඈ ඉදිරිපිට හිඳින කාරුණික දෑස් ඇති තරුණිය දෙස බලා සිටියා ය.
ඇය බිනරි ගුරුතුමියගේම අනුරුවකි.

“මං මිනිස්සු මැරෙනව කියල මුලින්ම දැනගත්තෙ ටීච නිසා..”

මන්දාරා පැවසුවේ ඉහළ හුස්මක් ගනිමිනි.වීදුරු බිත්තියෙන් පෙනෙන අවකාශය දෙස ශාක්‍යා බලා සිටියේ දෑස් තෙත් පැහැයට හරවා ගෙන ය.

“මමත්..”

තාත්තා යළි විවාහ නොවූ බව ද විශ්ව විද්‍යාලයෙන් පිට වූ හැටියේ තමා ඉල්ලුම් කළ රැකියාව මෙය බවද පැවසූ ශාක්‍යා එතැනින් යන්නට නැගිට්ටා ය.

“ඒ ටීචට කැන්සර් එකක් වගේ මොකක්හරි ආවද මන්දි?”

හිමංගි ඇසුවේ කුතුහලයෙනි.ශාක්‍යා පැවසූ අන්දමට ඇගේ අම්මා ජීවතුන් අතර නොවේ.

“කැන්සර් එකක් එයාව වික්ටිම් කරගත්තද කියල මටත් හිතෙනව හිමා.ඇත්තටම..”

ළමා කාලයට වඩා බොහෝ දෑ හැඟෙන වැටහෙන වයසට පැමිණ ඇති මන්දාරා පැවසුවේ කලකිරීම පිරුණු කටහඬකිනි.හිමංගිට අඩ තොරතුරු පවසා ඇති කතාන්දරයක සම්පූර්ණ විස්තරය කියන්නට අනතුරුව ඇයට සිත් විණ.

“මේක දුවෙක් තාත්තගෙ සෙකන්ඩ් වයිෆ්ට කියන්න ඕන නැති කතාවක්.හැබැයි මං කියන්නේ මගෙ හොඳම යාළුවට..”

මන්දාරා එසේ කියා හිමංගි දෙස බලා හුන්නා ය.හිමංගි හෙළූයේ විශ්වාසනීය සිනහවකි.

“විපුල කියන්නෙ අපේ ගෙදර ඩ්‍රයිවර්.මාව මොන්ටිසෝරි ගෙනියන්න, අම්ම එහෙ මෙහෙ එක්ක යන්න හිටපු මනුස්සයා.වැඩි වයසක් එහෙම නෑ.”

මන්දාරා එදවස සිහි කළා ය.ඇය සිහිනයෙන් බියකරු ස්වප්නයක් දුටුවා ය.බිය දැනුණු බැවින් ඇය හඬාගෙන අවදි වූවා ය.අම්මා සිටියේ යහන මත ය.විපුල අංකල් ද සමඟිනි.

“අපි සෙල්ලමක් කළා බබී..”

අම්මා වහා පොරෝණයකින් සිරුර වසා ගත්තේ එබැව් පවසා ය.

“මට මොන්ටිසෝරි යාලුවෙක් හිටියා කවිඳු කියලා.එයාට මං නැතුව කිසිම දෙයක් කරන්න බෑ.දවසක් කොල්ලට චූ ගියා.බිනරි ටීච වොෂ් දාන්න බාත් රූම් අරන් ගියාම මාත් ටීචට හොරෙන් පස්සෙන් ගියා..”

මන්දාරා එසේ කියා සුසුම් හෙළමින් තරමක් වෙළා ගෙවා දැම්මා ය.කවිඳුට ඇති තමාට නැති දෑ විපුල මාමාට ද ඇති බවත් ඉන් ක්‍රීඩා කළ හැකි බවත් තමන් හෙළි කරද්දී බිනරි ගුරුතුමිය කම්පිත වූ අන්දම ඇයට මතක ය.කුඩා දැරිය කායිකව අපයෝජනය වී නොමැති බව වටහා ගත් ගුරුතුමිය මානසිකව අපයෝජනය වූ දැරිය ළමා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නට සිතමින් සිටියදී තවත් යමක් සිදුව තිබිණ.

“තාත්තාට විපුල ගැන කියල කෝල් එකක් ඇවිල්ලා තිබ්බා.අම්මා ඒ බිනරි ටීචගෙ වැඩක් කියලා වෛර බැඳගත්තට ඒක කරේ ඔය මොරීන් කියලයි තාත්තා නම් කියන්නෙ.තාත්තා සෙපරේට් වුණේ ඊටපස්සෙ..ඔයා දන්නවද හිමා,මල්ලි එතකොට හරි පුංචි.මට ඇත්තටම සැකයි මල්ලා ඔය මිනිහගෙවත් ද කියල..”

මන්දාරා එසේ කියද්දී හිමංගි වහා එයට විරුද්ධ වූවා ය.

“මෙවන් කියන්නේ සර්ගේ කාබන් කොපියක්නෙ මන්දි.එයා හිතන්නෙ සර් වගේමයි..”

තාපසාරාමයට වැටුණු ගිරා පොව්වාගේ කතාව සිහි කළ මන්දාරා කිසිත් නොදොඩා බොහෝ වෙලාවක් හුන්නා ය.

“ඒ බිනරි ටීච ඇත්තටම සූසයිඩ් කරගත්ත කියල ඔප්පු උනාද?”

හිමංගිගේ ප්‍රශ්නයට මන්දාරා හිස වැනුවා ය.

“ඒ කාලෙ නම් මට ඕව තේරුණේ නෑ.ඒත් එයා අපේ නර්සරි එකෙන් අයින් උනා.ඔය සිද්ධිය වෙලා බොහොම ටික කාලෙකින්.මං පස්සෙ දැනගත්තු විදියට ටීචටයි නර්සරි එකේ බබෙක්ගේ තාත්ත කෙනෙකුයි අල්ලලා ලොකු මඩක් ගිහින්.කැලෑ පත්තර ගහන මට්ටමට.පස්සෙ කාලෙක ආච්චම්මා කිව්වා ඒ කතාව ඇත්තටම ඇත්ත කියල හිතෙන තරම් මඩ ක්‍රියේටිව් උනාලු.ටීචගෙ ගෙදර අය පවා එයාව අයින් කරල.ශාක්‍යා පොඩියිනෙ.ශාක්‍යාගෙ තාත්තා නම් ඕවා විශ්වාස කරල නෑ..”

හිමංගි කතාවේ පූර්ව අපර සන්ධි ගැළපුවා ය.ඇය මන්දාරා දෙස බැලුවේ ඉනික්බිතිව ය.

“ඒ මඩ දරා ගන්න බැරුව බිනරි ටීච ජීවිතේ නැති කරගත්තා.ඒක ඇත්තටම බොරු කතාවක් නම් ටීච එක්ක ඒ කාලෙ වෛරෙන් හිටිය කෙනා ගැන අපි දන්නවනෙ..”

මන්දාරා හිමංගිගේ අතකින් තරයේ අල්ලා ගත්තා ය.

“මට බය ඒකයි හිමා.ඒ වගේ ගේම් ප්ලෑන් කරපු කාලෙ එයාලට සල්ලි නෑ.ඔය වගේ ගේම් ඔයාට නම් වැඩක් නෑ කියල මං දන්නව..ඒත් දැන් අම්මලා ලෝකෙ ගැන දේවල් දන්නව වැඩී..ඔයා දන්නවද ඇයි මං ආපහු ඔයා එක්ක යාලු වෙලා ගෙදර ආවෙ කියලා..”

හිමංගිට ජීවිතය ගැන මුල්ම වරට බියක් හට ගත්තේ ය.නිදි පැදුරේ සිදු වන්නට ගිය සර්ප දෂ්ටනයකින් ගැලවී ගත් දා කිරියම්මා කුඩා දැරියකට කී කතාව ඇයට සිහි විණ.

“බඩේදි මරන්න ගියාට මැරෙන්නැති උංට පණ හතක් තියනව..”

හිමංගි ඒ කතාව සිහි කරමින්ම මන්දාරාට සවන් දුන්නා ය.

“මට ඔයා එක්කම ඉන්න ඕන උනා.හිමා,ගේ ඇතුළෙ ඇරෙන්න මං ඔයා එක්කම ඉන්නං..මට ඇත්තටම අම්මවවත් එයාගෙ තුන්කට්‍ටුවවත් විස්වාස නෑ..”

මන්දාරා පැවසුවේ අනියත බියකින් හදවත හිරි වැටෙද්දී ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content