ළපෙති මල්

"ඔයා තේරුම් ගත්තු එක නම් ලොකු දෙයක්.." ඇඳුම් බෑගය සකසමින් කාමරයේ හුන් මන්දාරා වෙත ආ තේජන පැවසුවේ සොම්නසිනි.මෙවන්ගේ ඇමතුම පිළිගත් ඔහු පවුලේ රාත්‍රී සාදයට එක් වන්නට පැමිණියේ ය. "ඔයාලගෙ අම්මල මොකෝ කියන්නේ තේජන." මන්දාරා ඇසුවේ සැකයෙනි.ඒ ඇයට පවතින තවත් ගැටළුවකි. "මං මේ එකසිය තිස්තුන්වැනි පාරට කියන්නෙ.අපෙ අම්මලට රහල් සර්ගෙ මැරේජ් එක අවුලක් නෑ.." ඔහු...
"ඔයා ආයේ මැරි කරපු එක ලංකාට කේන්ති ගන්න හේතුවක් තමයි.එයා ගෑනියක්.ඉරිසියාව, වේදනාව ඇති වෙන්න පුලුවන්.දරුවෝ මැදිහත් කරගන් නැතුව එයා ඒ සම්බන්ධයෙන් මොනව කරත් සාධාරණයි.." සිරිමා තම පුතුට පැවසුවේ ගැහැනියක ලෙස ලංකාට දැනෙන සහ හැඟෙන දෑ තේරුම් ගනිමිනි.රහල් අඩ සිනාවක් හෙළුවේ ය. "ලංකාට ආයේ මැරි කරන්න තහනමක් නෑ කියලා මං කියලා කොයි...
දොරකඩ හුන්නේ හිමංගි ය.අක්කා ඇය කෙසේ පිළි ගනීදැයි සිතූ මෙවන් මඳක් වික්ෂිප්ත වූයේ ය. "මන්දි කෝ මෙවන්.." දෙමිතුරියන්ට ඉඩ දෙන්නට මෙවන්ට සිතිණ.ඔහු හිමංගිට ඉඩ දී කාමරයෙන් යන්නට ගියේ එනිසා ය. දරුණු නිහඬතාවයක් කාමරය පුරා පැතිර ගියේ ය.මේ කාමරයේම එහෙමෙහෙ දිව ගිය ළදැරියක මන්දාරාට සිහි විණ.ලීලා ඇයට බත් කවද්දී හිම කුමරියගේ කතාව කියා...
"තාත්තා එනවා ආච්චම්මේ.." මන්දාරා ජනේලය අසලින් මෑත් වූයේ කෙඳිරියකින් එසේ කියමිනි.පසුපස අසුනින් මෙවන් බැස ගන්නා අන්දම දුටු ඇයට සහනයක සේයාවක් දැනිණ. නමුත් ඒ සතුට පර වී ගියේ හිමංගි ද පැමිණ ඇති අන්දම දැකීමෙනි. "ආච්චම්මා පහළට යන්න.ලේලි ඇවිල්ලා.." ඇය කළකිරීමකින් පැවසුවා ය. "මං ඔයාට මෙච්චර වෙලා කිව්ව දේ ආයේ කියන්නම් බබා.කාගෙවත් තීරණ අපේ ජීවිතේ...
"ඔයා ලෙක්චර්ස් පාඩු කරගන්නෙ ඇයි බබා?" දින කිහිපයක් තිස්සේ සරසවිය පළාතේ නොගොස් හිඳින මන්දාරාගෙන් සිරිමා මහත්මිය ඇසුවේ ප්‍රවේසම් හඬකිනි. මන්දාරා බලමින් සිටි කොරියන් මාලා නාට්‍යයෙන් හිස ඔසවා මිත්තණිය දෙස බැලුවා ය. "මට හිතක් නෑ ආච්චම්මා.." ඇය කියන්නේ පහත් හඬිනි.සිරිමා යහන මත හිඳ ගත්තේ මන්දාරාගේ හිස අත ගාගෙන ය. "හිමංගි එන නිසාද?" මන්දාරා හිස වනා...
හිමංගි උණු තේ කෝප්පයක් රැගෙන පුස්තකාල කාමරයට ගියේ රහල් හිඳින්නේ එහි නිසා ය.ඔහු එනතුරු මඟ බලා හිඳින්නට තරම් ඇයට අලුත ගෙන ආ මනමාලියකගේ නුහුරු මිහිරියාවක් දැනෙන්නේ නැත.ප්‍රේමයක් ඇරඹු මුල්ම කාලයේ රහල් කළේ හිමංගි විසූ කුකුළු කූඩුවක් වැනි බෝඩිම් කාමරයෙන් ඈ මුදවා ඇයට මහල් නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී නිවහනක් රැගෙන දීම...
"ඔය කෙල්ල ඔතන වැඩට ගත්තේ රහල්ම තමා.." ලංකා පැවසුවේ දෙහි යුෂ වීදුරුව එක හුස්මට හිස් කිරීමෙන් අනතුරුව ය.ඇය සිටියේ පිපාසාවෙන් නොවේ.භීතියෙන් උගුර කට වේළි ගොස් ය. "රහල් නොදැනුවත්ව එතනට කෙනෙක් එන් නෑනෙ ලංකා.." ශිරානි එසේ පවසා ලංකාට තවත් දෙහියුෂ වීදුරුවට එක් කළා ය.ශිරානිගේ පුතු ට රැකියාවක් ලබා දෙන්නැයි පවසා රහල්ට කිහිප වතාවක්...
මෙවන් හිඳ ගත්තේ කළකිරීමෙනි.දික්කසාදය ලබා ගන්නට පෙර තාත්තා සමහර දිනවල අම්මා වෙසෙන නිවසට ආ ගිය දවස් ඇත.සෑම දවසකම අම්මා ගැටලුවක් ඇති කරන්නටත් එය සාකච්ඡා කළ යුතු බවට බෑඟිරි ගසන්නටත් පටන් ගත්තේ කෑම මේසයේ දී ය. "මෙවන්,ඔයා යන්න.ගිහින් තේජනත් එක්ක ටිකක් කතාබහ කරන්න.." ලංකා ගැන නොතකා රහල් පුතුට පැවසී ය. "මොනවද? අලුත් කුඩම්මට...
රහල් බමුණුසිංහ සිටියේ රාජකාරි අතර කාර්යබහුලව ය.ව්‍යාපාරික කටයුතු වලට හොඳ කාර්ය මණ්ඩලයක් හිඳීම ඔහුට සහනයක් විණි.ලංකා ඒවාට සහයෝගය දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූයේ විවාහ වූ අලුත පමණි.මෙවන් සහ මන්දාරා කුඩා කාලයේදීම වෙනම ජීවත් වෙන්නට පටන් ගත් රහල්ගේ ව්‍යාපාර වලට අත ගසන්නට ලංකා පැමිණියේම නැත.නමුත් ඇය එහි ආදායම් ගැන විමසිලිමත්...
"මං ඉව්වේ නෑ.ලොකු මහත්තයා උදේ කෑමට ඉන්න දවසක් නෙවෙයිනෙ අද.." මුලුතැන්ගෙයට විත් හට්ටි මුට්ටි හඬ නංවන හිමංගි ජයන්තිගේ හඬ ඇසිණ. "මෙවන් කන්නේ නැද්ද?" හිමංගි ඇසුවේ ඔලොක්කුවට ය. "පුංචි මහත්තයා ඕඩරයක් දාගනී.." ජයන්ති පවසන්නේ සමච්චලයට ය.මේ ගැහැනිය තමන්ට වෙනස්කම් කර පන්නා ගන්නා බොළඳ උත්සාහයක නිරත වී ඇතැයි සිතූ හිමංගිට පහළ වන්නේ සිනාවකි. "එහෙනම් ඉතින් කමක් නෑනෙ..ජයන්තිත්...