ළපෙති මල් -18

දොරකඩ හුන්නේ හිමංගි ය.අක්කා ඇය කෙසේ පිළි ගනීදැයි සිතූ මෙවන් මඳක් වික්ෂිප්ත වූයේ ය.

“මන්දි කෝ මෙවන්..”

දෙමිතුරියන්ට ඉඩ දෙන්නට මෙවන්ට සිතිණ.ඔහු හිමංගිට ඉඩ දී කාමරයෙන් යන්නට ගියේ එනිසා ය.

දරුණු නිහඬතාවයක් කාමරය පුරා පැතිර ගියේ ය.මේ කාමරයේම එහෙමෙහෙ දිව ගිය ළදැරියක මන්දාරාට සිහි විණ.ලීලා ඇයට බත් කවද්දී හිම කුමරියගේ කතාව කියා දුන්නා ය.හිම කුමරියට කුඩම්මා විස සහිත ඇපල් ගෙඩියක් දුන් කතාව ලීලා කියද්දී ආච්චම්මා එයට එරෙහි වූ අන්දම මන්දාරාට මතක ය.

“පොඩි උංට කියාදෙන්න අප්‍රමාණ කතන්දර තියෙද්දී ලීලෝ ඕවා කියා දෙන්නම එපා..”

නමුත් මන්දාරාට ඒ කතාව තවම සිහි වේ.සන්සුන් දෑසින් තමන් ඉදිරිපිට හිඳ ගත් හිමංගි දෙස වරක් බැලූ මන්දාරා මේ සිටින්නේ ද තමන්ගේ කුඩම්මා බව සිහි කළා ය.

“මන්දි,ඇයි ඔයා ලෙක්චර්ස් නොඑන්නේ?”

මන්දාරා පියවි ලෝකයට ආවේ හිමංගිගේ වචන ඇසෙද්දී ය.ඇයට හිමංගිට බැන වදින්නට තරම් සිතේ.නමුත් බැන වැදී ප්‍රශ්න විසඳීම අසීරු ය.ඒ වෙනුවට තද බැල්මක් පා වූයේ එනිසා ය.

“ලෙක්චර්ස් පාඩු කරගන්න එපා මන්දි.ඔයා අකමැති නම් මම එනවට මම නවතින්නං.මට ඩිග්‍රිය ඕන නෑ..”

මන්දාරා හිමංගි දෙස බලා හිනැහුණේ අවඥාවෙන් ය.මන්දාරාට ඇතැම් මොහොතක ලංකාගේ බැල්ම සහ හැසිරීම එයාකාරයෙන්ම පිහිටන ආකාරය සිතමින් හිමංගි නිහඬව සිටියා ය.

“ඔයාට දැන් මොකටද ඩිග්‍රි..කම්පැනි එකක් අයිතියිනෙ.”

හිමංගිට එවැනි විශාල ව්‍යාපාර ජාලයක හිමිකාරිය වීමේ සිහින ද නොතිබුණා නොවේ.නමුත් ළමා වියේ එකිනෙකාගෙන් තැලීම් පොඩිවීම් සහ අපහාස විඳිමින් උස්මහත් වූ හන්දා ඇය රහල්ට ළං වෙද්දී ආත්මාර්ථකාමී හැඟීම් බොහෝ විය.නමුත් රහල්ගේ ආදරය ද මෙවන්ගේ සහ සිරිමාගේ මනුෂ්‍යත්වය ද තමන් තුළ හිඳින ආත්මාර්ථකාමී ගැහැනිය පලවා හරින බව ඇය තේරුම් ගත්තා ය.

දැන් ඇයට උවමනා ළමා කාලයේ නොවිඳි පවුල යන සුන්දර තැන ගොඩ නගා ගන්නට පමණි.එතැනට මන්දාරාද අවශ්‍යම බව හිමංගි සිතුවා ය.

“මං කම්පැනි එකේ වැඩවලට යන් නෑ මන්දි.සර් මෙවන්ටයි තේජනටයි දෙන්නටම එන්න කිව්වා.ඔයා ඕකේ වුණාම ඔයා එක්ක එන්නම් කියලයි තේජන කියන්නේ..”

මන්දාරාට ඒ කතාව වඩා තදින් දැනිණ.නමුත් ඇය හිමංගිට රිදවිය හැකි තවත් විදියක් කල්පනා කළා ය.

“ඔයා කොහොමත් ලෙක්චර්ස් පාඩු කරගන්න එපා.ඔයාට ස්කොල් එක අරන් දුන්නු සෝෂල් සර්විස් එකට කරන වැරැද්දක් ඒක..”

රජයේ විශ්ව විද්‍යාලයකට උසස් පෙළ පළමු ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවූ හන්දා දෙවැනි වර විභාගය ලියන අතරේ හිමංගි සමාජ සේවා ආයතනයක උදව් පැතුවා ය.ඇයට පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ ඒ ආකාරයට ය.අතීතයේ ඒ ගැන සතුටු වූ මන්දාරා දැන් එය තමන්ට රිදවන්නට හසුරවන බව වැටහුණ ද හිමංගි කෝප නොගත්තා ය.

“මං ඒ සල්ලි ගෙවන්න ඕන.මං සර්ට කිව්වා.තව ළමයෙක්ට ස්කොල් එකක් දෙන්න පුලුවන් වෙන්න අපි ඒක ගෙවමු කියලා..”

මන්දාරාට හිමංගි ගැන යළිත් පහන් හැඟීමක් හට ගත්තේ ඒ වචන ඇසීමෙනි.

“ආපහු ගෙදර යං මන්දි.ඔයා ඉන්න කැමති එහෙනෙ.ලංකා මැඩම්ගෙ ගෙදර කොහොමත් ඔයා ඉන්න කැමති තැනක් නෙවෙයිනෙ…”

හිමංගි ඉල්ලා සිටියා ය.හිමංගිට තමන් පිටු දකින්නට හේතුවක් නැති බව මන්දාරාට වැටහුණේ ඒ වචන හින්දා ය.ඇය ලා සිනාවක් හිමංගිට තිළිණ කළා ය.

“හිමා…”

පුංචි අම්මා වූ පසු ඇයට නම කියන්නට හැකිදැයි මන්දාරා සිතන්නී ය.එහෙත් පුරුදු ඇමතුම පහසුවකි.

“ඔයා ඇයි අම්මට මැඩම් කියන්නෙ.එහෙම කියන්න එපා.තාත්තට හරි නෑනෙ..
අඩුම තරමෙ මිසිස් මායාදුන්නවත් කියන්න.එහෙම ඕන නෑ.නම කියන්න අනේ..”

තමන්ට බොහෝ ආදරය කරන තමන් වෙනුවෙන් පෙනී හිඳින මන්දාරා යළි පැමිණ ඇති බව වැටහුණු හිමංගිට සැනසීමක් දැනිණ.ඇය මන්දාරා සමීපයෙහි හිඳ ගත්තා ය.

“මැඩම් තව වෛර බඳියි ඕව කියල..මේ විදිය හොඳයි..”

මන්දාරා මුහුණ රැලි ගන්වා හිමංගි දෙස බැලුවා ය.තාත්තාගේ නව බිරිඳ අම්මාට එසේ බාල්දු වීම ගැන ඇගේ මනාපයක් නැත.

“ගෙදර යං..මට තනියම උයන්න පිහින්න එහෙමත් කම්මැලි..”

හිමංගි තවත් ආරංචියක් ගෙන ආවා ය.ජයන්ති වැඩ නොකර හිමංගි සේවයේ යොදවා ඇත්දැයි මන්දාරා යළි කෝප වූවා ය.

“ජයන්ති මට රණ්ඩු කරන්න ගත්තනෙ.මං මෙවන් එක්ක යාළු වෙයි කියල කෑගහනව.මෙවන්ට තේ එකක් හැදුවත් අවුල්.මාව මෙවන්ට ජෝඩු කරන්න ගත්තු එකට මෙවන්ට කේන්ති ගියා.සර් කිව්වා ජයන්තිට යන්න කියලා.ඔයාට අවුරුදු තුනේදි වැඩට ආව ගමන් කියලා බැනල බැනලා ගියේ.සර් නැති තැන බැන්නා මට.සර් සෑහෙන සල්ලියක් එහෙමත් දුන්නා.ඔක්කොම අරන් ඔයාලගෙ අම්මා ගාවට ගිහින්ලු..”

අම්මාගේ දික්කසාදයෙන් පසු ජයන්ති තාත්තාගේ නිවසේ සේවිකාවම වූයේ අම්මාගේ ඔත්තුකාරිය ලෙස සේවයේ නිරත වීමට බව මන්දාරා හෙළි කළේ සිනාමුසුව ය.

“මල්ලි දාලා යන්න බෑ ගගා කිව්වට ඇත්ත ඒකයි.ඒත් අර එයාගෙ බොරු හුරතලේවත් ඔයාට දාන්න හිත හදාගන්න බැරි වෙන්න ඇති.”

එසේ කී මන්දාරා නැවතත් හිමංගිට අසතුටු බැල්මක් හෙළුවා ය.

“ඔයා අපේ අම්මට මැඩම් ගාන එක ඉවසියෑකි.තාත්තට සර් කියන්නෙ ඇයි අනේ…මරු වයිෆ්..”

ආමන්ත්‍රණයක් කියන්නේ කෙනෙකුට පැවසීමට වඩාත් පහසු දෙයට බව රහල් පැවසූ බව හිමංගි සැනසිල්ලේ හෙළි කළා ය.

“අනේ මන්දා..ඔයාව හදන්න අමාරුයි.මං ගෙදර  එන්නං. එතකොට ඔයාගෙ මෝඩ වැඩ නවත්තන්න ලේසි..”

බොහෝ කාලයකට පසු තම මිතුරිය තමන්ට අමතන හඬක් ඒ වචන කිහිපයකට පසු හිමංගිට ඇසිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...