fbpx

ළපෙති මල් -01

පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණ.හිමංගා ඒ හිරිපොදට හොඳටෝම තෙමීගෙන කොරිඩෝවට ඇතුළු වූවා ය.අද නෑවිත් හිඳින්නට ඇයට නොසිතුණා නොවේ.නමුත් මේ දේශනය මඟ හැර ගත නොහැකි ය.

“අන්න නැන්දම්මා එනව..”

වැහි පොද නිසා කොරිඩෝව මඳ අඳුරු ය.අසංවර කොලුවෙකුගේ කටහඬ පැතිරී ගියේ ය.හිමංගා හිස කෙලින් තබා ගත්තා ය.මේ තීරණය ගත්තේ මෙවැනි දෑ අසන්නට බලාගෙන ය.සැඟවීම හෝ පලා යාම තෝරා ගන්නට දැන් ප්‍රමාද වැඩි ය.

“තේජන, උඹලගෙ නැන්දම්මා එනව..නැගිටපං..”

තවකෙකු පවසයි;කොල්ලන් උස් හඬින් හිනැහේ.වඩා යහපත් සමාජයක් ගොඩ නැගීම ගැනත් තෝරා ගැනීම් සහ ආදරය ගැනත් සමාජ ජාලා වැසී යන තුරු පතරංග ලියන යෞවනයන් සියල්ලන්ම ඒ අසංවර හිනාවේ කොටස්කරුවන් ය.

හිමංගා නොසැලී එතැන පසු කළා ය.

“හිමා!”

ඇයට නවතින්නට සිදු විණ.ඇය නැවතුණේ පසුපස නොබලා ය.

“නම කියන්නේ..ආන්ටි කියපං.නැත්තං මැඩම් කියපං..නැත්තං උඹ මන්දාරාගේ අම්මාට කියනව වගේ අම්මා කියපං..”

ඒ හඬ කසුන්ගේ බව හිමංගා සිතී ය.සරසවියට පිවිසි දා පටන් දෙවසරකටත් වැඩි කාලයක් ඔහු තමන්ගේ ආදරය අයැදුවේ ය.ඒ ආදරය වෙනත් තැනක නතර වීම ඔහුට හිත හදා ගන්නට අසීරු කරන්නට ඇත.

නැත! ඔහුට මේ වියවුල තමන් නතර වූ තැන සම්බන්ධයෙනි.

“ඔයාට ඕන දේ වුණානෙ හිමංගි.අඩුම තරමෙ මන්දිගේ මානසිකත්වෙ ගැන හිතලවත් ඔයාට දැන් කැම්පස් නෑවිල්ල ඉන්න බැරිද? ඔයා යුනිවර්සිටි ෆීස් ගෙවන්නෙ පාට් ටයිම් කර කර වගේ බයිල දැන් කියන්න එපා.දැන් ඔයාට එහෙම ඕන නෑනෙ.ඔයාට ආත්ම ගරුත්වයක්වත් විලි ලැජ්ජාවක්වත් නැතුව ඇති.ඒත් මන්දාරාට ජීවිතේ එපා කරන්න එපා.මං එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හැටියට නෙවෙයි මේ කියන්නෙ.ඔයාගෙ යාලුවෙක් හැටියට..”

තේජන ඒ කතාව කියන්නේ දෑත් එක් කරගෙන ය.හිමංගි කිසිත් නොකියා එතැනින් ඇවිද ආවා ය.

“ඔයා අද ලෙක්චර්ස් ආවද?”

ඇගෙන් එසේ ඇසුවේ මාස කිහිපයකට පෙර මේ දවස එළඹෙන බව කියද්දී පවා ගහක් ගලක් සේ එය අසා හුන් දුලාෂා ය.ඇය “සමාජෙට බම්බු ගසන්නැයි කියා ජීවිතය විඳින්නට”මිතුරියට මතක් කළා ය.හිමංගි එදා ද කළේ හිනැහීම ය.
සැබෑවටම තමන් හිඳින්නේ ජීවිතය විඳිමින්දැයි ඇය ඒ මොහොතේ ද සිතුවා ය. මේ මොහොතේ ද සිතන්නී ය.

“පොතේ හැටියට ඔයා හනිමුන් යන්න එපැයි..”

දුලාෂා සැහැල්ලුවෙන් කියන්නී ය.අනතුරුව හිනැහෙන්නී ය.

“රෙජිස්ට්‍රේෂන් එක ගන්න තිබ්බ එකක්නෙ.ඒක ගත්තා.අපි ගෙදර ගියා..”

හිමංගි වචන අහුලා ගත්තා ය.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“හරි බං..දැන් ගොඩක් කපල්ස් ඉතින් ලිවින් ටුගෙදර් ඉඳල තමයි මැරි කරන්නෙ.මං වුණත් එච්චරනෙ..ඒත් මං සංදේෂ්ට කියල තියෙන්නෙ හනිමුන් එක බාලිවත් යන්න ඕන කියල..”

දුලාෂාට සියල්ලම සැහැල්ලු පියාපතක් බඳු කතා ය.හිමංගි කිසිත් නොකියා අසා හුන්නා ය.ඇගේ දෑස කෙනෙකු ලුහුබඳිමින් තිබිණ.

මන්දාරා පැමිණියේ දෑස් රත් පැහැයට බර කරගෙන ය.බොහෝ වෙලාවක් හැඬූ ලකුණු ඒ දෑස්වල ලියැවී තිබිණ.ඇය හිමංගා වෙත කුණාටුවක් සේ පැමිණියා ය.

“ඔයාට එහෙම නොකරන්න තිබ්බ.ඇයි ඔයා මැරි කරේ..”

ඈ ඇසී ය.ඒ හඬ වඩාත් ළං වූයේ ඉකියකට ය.

“ඕ මයි ගෝඩ් මන්දි..ඔයා නිකං ඉන්දියන් සෝප් ඔපෙරාවල කෙල්ලක් වගේනෙ..හිමංගි මැරි කරපු එක තමයි ලස්සනම දේ.එයා මැරි නොකර හිටියනම් ඒක එයාට වගේම ඔයාටත් හොඳ නෑ..”

දුලාෂා වහා මැදිහත් වූවා ය.නමුත් මන්දාරා ඇය දෙස බැලුවේ අකුණු සැර බැල්මකිනි.අනුන්ගේ කෙහෙල්මල් වලට පැටලීමට වඩා පසෙකට වී හිඳීම හොඳ බව සිතූ දුලාෂා උරහිස් හකුළා කට පියා ගත්තා ය.

“මං අවුරුදු ගාණක් අපේ ගෙදර වගේම තාත්තිගෙ ගෙදරත් ජීවත් වුණා හිමංගි.පහුගිය මාස කීපෙක ඔයා අමුතු නාඩගමක් ප්ලේ කරනකොට මං හිතුව ඒක ඉක්මනින් නතර වෙයි කියල.ඔයා හිතන්නෙ දැන් ඔයා දිනුම් කියලද? ඒ මගෙ ගෙදර.ඔයා කොහොමද ඒක ඔයාගෙ ගෙදර කරගත්තේ..”

මන්දාරා කියවා යන්නට පටන් ගත්තා ය.හිමංගි කිසිත් නොකියා අසා හුන්නා ය.මන්දාරාට අවශ්‍ය නිවෙස නම් පැමිණ එහි නවතින්නැයි කියන්නට ඇයට ඕනෑ විය.නමුත් මන්දාරා එය හිතවත්කමින් බාර නොගන්නා බව ද ඇය දනියි.

“ඔයා මේ කියන්නෙ ඔයාට ආයේ හිමා ඒ ගෙදරට එන්න දෙන එකක් නෑ කියලද..මේ සින්ඩරෙල්ලගෙ කුඩම්මා නෙවේ ළමයො..ඔයාගෙ තාත්තගෙ වයිෆ්..”

දුලාෂා ඇය ලෝකය දකින සැහැල්ලු හඬින්ම කියවා ගියා ය.අත ඔසවා මුහුණට පහරක් ගසන්නට මන්දාරාට සිත් විණ.නමුත් ඒ පහර දුලාෂාට ද හිමංගිට දැයි ඇයට සිතා ගත නොහැකි ය.ලෝකයෙන් සැඟවී පලා යන්නටත් හඬන්නටත් කෑගසා වැලපෙන්නටත් මන්දාරාට උවමනා ය.ඇය නික්මුණේ ඉකිලමිනි.තේජන ඇයව ප්‍රවේසමෙන් අල්ලා ගනිද්දී පවා ඇය සිටියේ ඉකි ගසා හඬමිනි.

“එයත් එක්ක කතා කරන්න දෙයක් ඔයාට නෑනෙ මන්දි..මම එයාට ඊයෙත් කිව්වා ඔය තීරණේ ගන්න එපා කියල.එයාගෙ ඇස්වල ඒක අහන පාටක් තිබ්බෙ නෑ.ආදරේ කියන්නෙ සල්ලි කියලා පටලා ගන්න ගෑනුන්ට හොඳ නරක පේන්නේ නෑ.අඬන්න එපා.ඔයා හිමංගි කියලා ගෑනියෙක්ව දන්නෙත් නෑ.ඔයාගෙ තාත්තා ජීවතුන් අතරත් නෑ…”

ඔහු වඩා ළතෙත් හඬකින් කියමින් ඇගේ හිස පිරිමැද්දේ ය.මන්දාරා මෙතැන හඬන්නට යාම කතන්දර වලට තටු රැගෙන පියාඹන්නට හැරීමක බව ඔහුට අනතුරුව සිහි විණ.

“අපි ගෙදර යං..අම්මි ළඟට යං..”

මන්දාරා එසේ ඉල්ලන හඬ තේජනට ඇසිණ.ඔහු ඇගේ අත අල්ලා ගත්තේ ප්‍රවේසමිනි.

තාත්තාගේ ආදරය අහිමිව ගිය කෙල්ලක ජීවිතය පුරා දරා ගන්නා අන්දම ඔහු සිතන්නට පටන් ගත්තේ ය.

“මන්දි, ඔයාට මං ඉන්නව.මට තාත්තෙක් වෙන්න බෑ තමයි.ඒත් ඔයාගෙ ළමයින්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න මට පුලුවන්.එයාලවයි ඔයාවයි මං මඟින් අතාරින්නේ නෑ.දැන් අඬන්න එපා.හිමංගිට මොකුත් නොවුණු ගාණට අද ලෙක්චර්ස් එන්නත් පුලුවං..ඔයා මෙතන අඬලම ලෙඩ වෙන්න හදනවා.දැන් ඇඬිල්ල නවත්තන්න..”

තේජන ආදරණීය තරවටුවක යෙදෙන්නට පටන් ගත්තේ ය.නමුත් මන්දාරා යථා තත්ත්වයට ගන්නට පහසු නොවේ.මේ සිදුවීම මෙතැනින් අවසන් වේයැයි තේජනට කිසිම අදහසක් නොවී ය.මෙය වළකා ගන්නට තැනූ සැලසුම් ද ඇටවූ උගුල් ද පැටලී ගැලවී ගොස් අවසන් ය.

අවුරුදු විසි පහක කෙල්ලකට තරම් නොවන පරිද්දෙන් හිමංගි තමන්ගේ සැලසුම් ක්‍රියාවට නගා අහවර ය.දැන් මන්දාරාට ඇත්තේ පරාජය බාර ගන්නට ය.ඇගේ අම්මා වාගේම නිහඬව දරා ගන්නට ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x