Tag: අහිමි සිහින
ඒ වනවිට මට කාගේවත් නැතිවෙන ගරු නම්බු නාමයක් ගැන කැක්කුමක් තිබුණේ නෑ.සුධාරක සුව කරගන්නට නැති වේදනාවත් මිනිස්සුන්ගේ අහස පොළොව නුහුලන වංචාකාරී වැඩත් අතරේ කලකිරීම සහ වේදනාවේ උග්‍ර අවස්ථාව මා ඉක්මවමින් සිටියා.
වසර ගණනාවක් මා ළඟ සුරක්ෂිතව තිබූ දිල්හානිගේ සරණාගත වීසා අංක සහිත ලිපිලේඛන රටින් පලා යෑම සඳහා ඇය සැදූ ව්‍යාජ...
තමන්ගේ ළඟම ඥාතියා ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් රෝහලක සයනයක් මත ජීවිතය අවිනිශ්චිතව සිටිද්දී ඔබ කරන්නේ කුමක්ද? ඔව් ඔබ ඒ ජීවිතය බේරාගන්නට ඕනෑම දෙයක් කරාවි.මහපාරට වී රෝගීන්බේරා ගන්නට හිඟමන් යදින්නන් අප ඕනෑතරම් දැක තිබෙනවා. ඒවා සියල්ලම සත්‍යය නොවිය හැකි වුණත් එකක් හෝ සත්‍යයක් විය හැකියි.ඒ වගේ තමන්ගේ ආදරණීයයාගේ ජීවිතය වෙනුවෙන් ඔබ...
අප චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් නරඹද්දී තත්පරයක් හෝ ඇස ඉවතට නොගන්නා සිදුවීම් සහිත කොටස් පැමිණෙන්නේ කතාව අවසන් වෙමින් පැවතෙද්දී.
"මෙගා නාට්‍යයක් වගේ කතාවක්."
මගේ කතාව කියවන ඔබ සමහර දෙනෙක් එසේ පැවසූ අන්දම මට මතකයි.සමහර මෙගා නාට්‍යය මේ ලෝකයේ සිදුවන ඒවා දැයි ප්‍රශ්න කළ මුත් මගේ කතාව කියවද්දී ජීවිතයට බොහෝ දෑ සිදුවිය හැකි...
අපි ලියන කොතෙකුත් දේ තිබුණත් අත්සනක තරම් බලයක් ඒ කිසිවකට ලැබෙන්නෙ නැහැ කීවොත් සත්‍යයක්.කෙනෙකුගේ අත්සනක් ඒ තරමටම නෛතික කටයුතු වලදී වැදගත්.ජීවත්ව ඉන්නා විට මෙන්ම මරණයෙන් පසුව ද වැදගත් වන මේ අත්සන තබන සෑම මොහොතකම එය නිවැරදි ලෙසත් වගකීමෙනුත් තැබීම ඔබ ඉතා සිහියෙන් හා බුද්ධිමත්ව සිදුකලයුතු කාර්යයක්.
ඔබ කෙදිනකවත් හිස් කඩදාසි...
Roller Coaster එකක ගමනක් බඳු ජීව්තයක්!
ජීවිතය පැහැදිලි දිය පොකුණක් නොවන බව ඇත්ත.නමුත් රෝලර් කෝස්ටරයක ගමන ද පහසු වන්නේ නෑ.අප තෝරා ගන්නා දේ නිසා ද දෛවය තීරණය කරන දේවල් නිසාද අපට සමහර දේවල් දරාගන්නට ම සිදු වෙනවා.මම එවැනි දේ දරා ගනිමින් සිටියා.වසරක් තිස්සේ ඔබ මේ කතාව කියවමින් හැඳිනගත් අනික් මිනිසුන්...
කතාවෙන් මඳක් බැහැරවෙලා පෙර කොටසේ මා පැවසූවේ කොලයක අත්සන් කළ පමණින් ජීවිත දෙකක් ඒකාත්මික නොවන බවක්.එයට ජීවමාන සාක්ෂියක් ලෙස රට දැය රකින්නට ජීවිතයම කැප කළ තම කුටුම්භය වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කළ අහිංසක මිනිසෙකු වූ සුධාරක ඔබට උදාහරණයකට ගත හැකියි.
විවාහ සහතිකයක් මිනිසෙකුගේ ජීවිතය අපායක් කරන්නට පාර කැපූ සැටි...
මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය වුවත් දෙන්නට නොපැකිළුණු ගැහැණියක ලෙස මේ කාරණාව ඔබ සමඟ කතා කරන්නට මට ඇති අයිතිය ගැන දිගින් දිගටම මා විවේචනයේ යෙදුණු ඔබ සමහරක් ප්‍රශ්න කරන්නට ඉඩ ඇති බව...
සුධාරක දකින්නට දියණියත් සමඟ ගොස් පැමිණීම මගේ සිතට විශාල සහනයක් ගෙන ආ මොහොතක්.සෑම මොහොතකම යමක් සිදු වෙමින් පැවති ඒ කාලයේ ඊළඟ තත්පරයේ කුමක් සිදු වේදැයි කියන්නට මම දැනගෙන හිටියේ නෑ.එහෙත් මා අතහැර දැමූ සුධාරකගේ ඥාතීන් අතරින් ඔහුගේ එක නංගි කෙනෙක් මට නැවත ළං වෙමින් සිටියා.
"රෑ වැටුණු වලේ ආයේ ආයේ...
සුධාරක දකින්නට යන්නැයි සුධාරකගේ අම්මාට රාජකාරි වාහනයක් ඉල්ලාගෙන තිබුණේ ඒ කාලයේදී.අම්මාගේ ආදරය ඒ වගේ කාලයක දරුවෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි. පුතා ඉතාම අසීරු කාලයක් ගත කරන මොහොතේ ඇය සුධාරක සමඟ මවක් ලෙස රැඳේවිදැයි මගේ ද විශ්වාසයක් තිබුණා.
මොන පිස්සුද!!
මේ අතිශය අසීරු කාලයේවත් ඇයට එවැන්නක් උවමනා වූයේ නැහැ.ඇය සුදාරක දකින්නට ගොස් තිබුණේ...
තමන්ගේ කෙනෙක් රෝගී වී පසු වෙද්දී "හොඳම වෛද්‍යවරුන් ලවා" තමන්ගේ සමීපතමයාට ප්‍රතිකාර කරවීමට කිසිවෙකුත් පැකිලෙන්නේ නෑ.නමුත් සුධාරකට එවැනි වාසනාවක් ලැබුණේ නෑ.ඔහු රෝහලේ සාමාන්‍ය වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා.මේ සියල්ලම ගැන හිතද්දී මට හිතෙන්නේ එක් දෙයයි.
අපේ ජීවිතය තුළ සිදුවන සමහර දේ දෛවයට පිටින් මෙහෙයවන්නට හැකියාවක් නෑ.
ඔහු සිටින තත්ත්වය ගැන එවකට...