Tag: Life Stories

හැත්තෑ හතරවන දිගහැරුම , කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන් ද විශාල වශයෙන් උත්සාහ කළහ.නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන ලෙසත් ,පුහුණුවීම්වල නිරත වන ලෙසත් ඔවුන් නිතර නිතර හෂාන්ට පැවසමින් ඔහු සමඟ සිටිමින් ඔහුට විශාල සහයෝගයක් ඔවුන් ලබා දුන්හ.නමුත් අප හෂාන් ව පුහුණුවීම්...

වාසනාව

0
"මේ ෆ්‍රොක් එක කොහොමද සඳුන්.." අමාලි එහෙම ඇහුවේ ඒ අලුතින් ගත්තු ගවුමක් හන්දා.සඳුන් ඇයව වටයක් කරකවලා අරගෙන තුරුළු කරගත්තේ ආදරෙන්. "හරි ලස්සනයි අමා..ඇත්තටම ඔයා කොහොමටත් ලස්සනයිනෙ." සඳුන් එහෙම දවසට විසිතිස් පාරක්වත් කියන බව අමා දන්නවා.ඒත් ඒ කතාව ආයෙ ආයෙම අහනකොට ඇයට දැනෙන්නේ හරි ආසාවක්.සඳුන්ගේ දෑසට පෙනෙන ප්‍රියතම රූපය වීම ඇයට ගෙනෙන්නේ පුදුමාකාර...
හැත්තෑ තුන්වන දිගහැරුම , ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවේ නියැලීමට නම් මානසික ඒකාග්‍රතාවය ඉතා වැදගත්ය.පිටත ලෝකයට පෙනෙන සැපපහසු ජීවිතය පිටුපස ක්‍රීඩකයකුගේ අසීමිත වෙහෙස මහන්සිය සහ කැප කිරීම නොඅඩුවම ඇත. හෂාන් ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපකිරීම් ඉතා හොඳින් තේරුම් අරගෙන සිටි මා ඔහුට ඒ සඳහා ඉඩ සලසමින් නිවසේ කටයුතු, දරුවන්ගේ කටයුතු සහ අනෙකුත් වගකීම්...
හැත්තෑ දෙවන දිගහැරුම , අලුත් නිවසේ පදිංචි වීම නිමිත්තෙන් උත්සවයක් ගැනීමට අපට අවස්ථාවක් නොලැබුණු නිසා දරුවන් දෙදෙනාගේ පලවන උපන්දිනය ඉතා හොඳින් සැමරීමට අප සූදානම් වූයෙමු.එහි සංගීතය සැපයීම වෙනුවෙන් එකල සිටි ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම වූ ජයන්ත රත්නායක අයියාගේ සංගීත කණ්ඩායමට අප ආරාධනා කළෙමු. කුඩා කල සිටම ජයන්ත අයියා ඇතුළු පවුලේ සැම...
හැත්තෑ එක්වන දිගහැරුම , වර්තමානයේ දී මෙන් නොව , එකල කුරුඳු කර්මාන්තය එතරම් පහසු එකක් වූයේ නැත.කුරුඳු තලන මිනිසුන් ප්‍රමාණය ඉතා අඩු වූ බැවින් ඔවුන්ට තිබූ ඉල්ලුම ඉතා ඉහල විය.හොඳම වර්ගයේ කුරුඳු නිෂ්පාදනය කරන ආකාරය , අවුරුද්දකදී කුරුඳු තැලිය යුතු වාර ගණන ආදී බොහෝ කාරණා ද මා ඉගෙන ගත්තෙමි. ඒ...
හැත්තෑවන දිගහැරුම , දකුණු ඉන්දීය කොදෙව් සංචාරයේ එක් තරග වාරයක දී වේග පන්දු යවන්නෙක් වු Courtney Walsh යැවූ බෝල පහරක් වැදීම හේතුවෙන් හෂාන්ගේ වැලමිට අසල මැණික් කටුව පුපුරා ගොස් තිබුණි.මා එම තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටි අතර හෂාන්ගේ අතෙහි බෝලය වැදී ඔහු අත දෙස බලමින් වේදනාවෙන් සිටිනවා මා දුටුවෙමි.ඔහු අප නවාතැනට...
හැට නවවන දිගහැරුම , මා දිනක් දරුවන් දෙදෙනා ද රැගෙන වෛද්‍යවරයා වෙත ගිය අවස්ථාවේදී එහි සිටි හෙදියක් , මා ඉතා කෙට්ටු වී ඇතැයි පැවසුවාය.පැය දෙකකට වරක් දරුවන් දෙදෙනාට මාරුවෙන් මාරුවට මා මව් කිරි ලබා දුන් නිසා මගේ ශරීරයේ බර බොහෝ සේ අඩු වී තිබුණි.ඒ තත්ත්වය යටතේ දරුවන් හට පිටිකිරි ලබාදීම...
"අප්පේ ඉතිං..කළුකුමාර දෝසෙ කියන්නෙ සුළුපටු දෝසයක්ද නංගි.." එහාවැටේ සිරිමලී නැන්දාගේ කටහඬ ඇහෙනකොට පාරමී ලැප්ටොප් එක වහලා නැගිට්ටේ ඒ ඕපාදූපේ අහන්න හිතාගෙන.වෛද්‍ය උපාධිය හදාරමින් ඉන්න තමන්ට වඩා බොහොම ඉක්මනින් රෝග නිර්ණය කරන සිරිමලී නැන්දාගේ ආටෝප කතා අහන්න කොහොමත් පාරමී හරිම කැමතියි. "මටත් තිබ්බෙ ඔය සන්තෑසියනෙ.ජීවිතේම කඩාකප්පල් වෙනව ඉතිං.." ලොකු නැන්දගෙ කටහඬත් ඒ එක්කම...
හැට අටවන දිගහැරුම , දරුවන් රැගෙන ආපසු නිවසට පැමිණීමෙන් පසුව මා ඉතාම කාර්යබහුල වූයෙමි.අම්මා සහ නංගී අපේ නිවසේ නැවතුනු අතර අල්ලපු නිවසේ සිටින හෂාන්ගේ අම්මාගේ සහ තාත්තාගේ ද සහයෝගය අපට හිමි විය.සීසර් සැත්කමෙන් පසුව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දුන්නද ,රෝහලෙන් පැමිණි දා සිටම විවේක ගැනීම සඳහා වේලාවක් මට නොතිබුණි.දරුවන්ගේ...
හැට හත්වන දිගහැරුම , දරු ප්‍රසූතියෙන් පසුව ආපසු නිවසට ඒමට අපට හැකියාවක් තිබුණේ නැත.ඒ වන විට නිවසේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර නොතිබීම එයට හේතුවයි.අප දරුවන් වෙනුවෙන් වෙන් කරවූ කාමරයට ලස්සන පිංතූර ඇතුලත් කරමින් නිමා කරමින් තිබූ නිසා ඒ කටයුතු අවසන් වූ පසු දරුවන් නිවසට රැගෙන යාම අපගේ අදහස විය.එම නිසා...