Tag: Life Stories

Teen girl and sister
"මොකද ඔය හැමවෙලේම නිදි..මඟුල් විසේනෙ හිත පුරා තියෙන්නෙ.හීන දැක දැක නිදි ඉතින්.." ලතිකා උඩ ගියේ තල් අත්තට බොරළු වැටෙනවා වගේ ඇහුණු සද්දෙට.මදැයි නිවාඩු දවසේ නිදා ගන්න හැදුවා.කෑගහන්නේ අම්මා නොවන බවනම් ලතිකා දන්නවා.මේ වෙඩින් එක කට උඩ තියන් ඉන්න ලතිකාට මඟුල් විසේ ගැන කෑගහන්න අම්මාට පිස්සුයැ.ඒත් ඒ සද්දෙට හොල්මන් වුණු ලතිකා...
හැත්තෑ නවවන දිගහැරුම , ටයරය පුපුරා ගිය මොහොතේ සිට විනාඩි කිහිපයක් ගත වන තුරු සියලු දෙනාම වාහනය තුළ රැඳී සිටියහ.ඉන්පසු වාහනයෙන් බහින ලෙස තාත්තාට පවසා මමද වාහනයෙන් බැස්සෙමි.වාහනයෙන් බැස ගත් මා හට දක්නට ලැබුණේ විවිධ ආකාරයේ මිනිසුන් වාහනය වටා එක්‍ රොක් වී සිටින ආකාරයයි.යම්කිසි මත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් හෝ මත්පැන්...
Couple in trouble
මාධවී ගෙදර දොර වහලා ඇවිත් වාහනයට නැග්ගා.සුදේශ් එක්ක කතා නොකර මේ ගෙවෙන්නෙ දෙවනි දවස.තමන්ට නොකියා යාලුවන් එක්ක සාදයක් පවත්වපු එකයි මාධවීගේ තරහට හේතුව උනේ. " අදත් තරහ වෙලා යන්න එපා මැණිකේ.ඒක දැන් ඉවරයිනේ " සුදේශ්ගේ කෙටි පණිවිඩය කියවලා මාධවී කට කොණකට හිනාවක් නගා ගත්තා.සුදේශ් එහෙම බැගෑපත් වෙන එකත් , ආයේ ආයෙත්...
Scared girl covering face
"මේ..ඔයා දැක්කද මේක?" මල්මි එහෙම ඇහුවේ අනුපමාගෙන්.අනුපමා පෙන්නන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එක සහ කමෙන්ට් තීරුවක්."වැඩියෙන්ම බය මොකටද" කියලා අහපු පෝස්ට් එකේ එක එක අය තමතමන්ගේ ජීවිතේ වැඩියෙන්ම බය දේ ලියලා තිබ්බා. "නෙතුකිගේ කමෙන්ට් එක." මල්මි හිනා වෙන්න පටන් ගත්තා.නෙතුකි සර්පයන්ට පුදුමාකාර බයක් දක්වන බවක් ඇය ලියලා තියෙනවා.නෙතුකි කාර්යාලයට ඇවිත් තාම වැඩි දවසක්...
හැත්තෑ අටවන දිගහැරුම , රාත්‍රී කාලයේ ගමන් කරන සෆාරි රථයේ රියදුරු සතුව විශාල විදුලි පන්දමක් ඇත.අතරමගදී හමුවන සතුන්ව එම විදුලි ආලෝකයෙන් අපට පෙන්වා ඔවුන් පිළිබඳව විස්තර කිරීමට ද ඔහු අමතක කරන්නේ නැත.Big Five , එනම් අලියා , දිවියා , සිංහයා , රයිනෝ සහ ජිරාෆ් යන සත්වයන් නැරඹීම ගමනේ ප්‍රධාන අරමුණ...
හැත්තෑ හත්වන දිගහැරුම , නවාතැන් ගැනීම සඳහා අප තෝරා ගත්තේ කබානා එකක් වැනි නිවසක් වන අතර බොහෝ අවස්ථාවන්වල දී අප නවාතැන් ගැනීමට තෝරා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි ස්ථානයන්ට ආසන්නවය.හෂාන් අප වෙනුවෙන් ඒ සියල්ල සූදානම් කර තිබුණේ ය.එවැනි ස්ථානවල නවාතැන් ගත් විට අප , අප විසින්ම ආහාර...
Couple in love
හසාරා බෑග්ස් වල තිබුණු එළවළු අරගෙන ශීතකරණයෙන් අහුරන්න පටන් ගත්තේ සෑහෙන වෙලාවක ඉඳලා.පිළිවෙළකට අහුරාගත්තේ නැත්‍නම් එළවළු පළතුරු ඉක්මනින් නාස්ති වෙනවා.මේ එහෙම නාස්ති කරන්න කාලයක් නෙවෙයි.අනිත් එක ලෝකේ පුරා කන්න බොන්න නැති මිනිස්සු ඕනතරම් ඉන්න හන්දා අපි කන බොන දේවල් නාස්ති කරන්න හොඳ නෑ කියලා අම්මා හසාරාට උගන්නලා සෑහෙන කාලයක්. "අම්මි,...
හැත්තෑ හයවන දිගහැරුම , ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා ගිය අප සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාව පුරාම ගමන් කලෙමු.එක් දිනයකදී තරඟ පැවැත්වුනු පිටියට කිලෝමීටර් දාහකට වඩා ඈතින් තවත් දිනයක තරග පැවැත්වෙන පිටිය පිහිටා තිබෙන නිසා ඒ ආකාරයට එහා මෙහා යාමට අපට සිදුවිය.එහිදී ,කිලෝමීටර් 800 යනු අප ගමන් කළ කෙටිම දුර විය.එසේ විශාල...
New born child with mother
නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන බිම බලාගත්තේ නාලිකාව අවුස්සා ගන්නේ මොකටද කියලා හිතුණ නිසා.අද බදාදා;මහජන දිනය.සමහරවිට මේ කේන්තියට හේතුව ඒක වෙන්න ඇති. "නාලිකා අක්කගෙන් වැඩක් කරව ගන්නවට වඩා මිනිස්සුන්ට සූර පප්පා කාටුන් එකේ...
හැත්තෑ පස්වන දිගහැරුම , දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ අනුව අප ශාන්ත තෝමස් විද්‍යාලයට සහ ඩී එස් සේනානායක විද්‍යාලයට අයදුම් පත්‍ර යොමු කළෙමු. ශාන්ත තෝමස් විද්‍යාලය පිහිටා තිබුණේ අප නිවස පිහිටා තිබූ ස්ථානයකට තරමක් ලඟින් වීම ද , හෂාන් ඉගෙනුම...