ඉන්දියානු පාතාලයේ අග රැජින – හසීනා පාකර්

අසල්වැසි ඉන්දියාව තුළ විවිධාකාරයෙන් ප්‍රසිද්ධියට පත් චරිත සිටිනවා. එය හොඳ ආකාරයෙන් මෙන්ම නරක ආකාරයෙන් වුවත් විය හැකියි.අද අපි ඔබට කියන්න යන  කාන්තා චරිතය ප්‍රසිද්ධ වුයේ හොඳ විදිහට නම් නෙවෙයි. මේ  ඉන්දියාවේ බලවත්ම පාතාල නායිකාව හෙවත් ඉන්දියානු පාතාලයේ අග රැජින වූ හසීනා පාකර් ගේ ජීවිත කතාවයි.

පාකර් ගේ පවුල් පසුබිම

ඇය මහාරාෂ්ට ප්‍රාන්තයේ  12 දෙනෙකුගෙන් යුතු මරාති පවුලක හත් වැන්නිය  ලෙස උපත ලබා තිබෙනවා . ඇගේ පියා ඊබ්‍රහිම් කස්කාර් මුම්බායි පොලිසියේ කොස්තාපල් කෙනෙක්. මව අමීනා ගෘහණියක්. හසීනා ලොවම හඳුනන්නේ ඉන්දියානු පාතාල ලෝකයේ ඩොන් හෙවත් ලෝකයේ තෙවැනි අත්‍යවශ්‍යම අපරාධකරු වන ඩාවුඩ් ඊබ්‍රහිම් ගේ නැගණිය ලෙසයි.

පාතාලය වෙත යොමු වූ ආකාරය

 හසීනා පාතාල ලෝකයට පිවිසීමට  ප්‍රධාන සිදුවීම සිදු  වුයේ ඇගේ සැමියා වූ ඉස්මයිල් පාකර් ඝාතනය කිරීමයි.1991 වසරේදී එය සිදු කරනු ලැබුවේ එවකට ඩාවුඩ් ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ අරුන් ගවුලි විසිනුයි. එවකට ඩුබායි හි සිටි ඩාවුඩ් සිය ගෝලයන් ලවා එම මිනීමැරුමේ පලිය ගනු ලැබුවේ නම් රෝහලේදී අරුන් ඝාතනය කිරීමෙනුයි. එය ඉන්දියාව සසල කළ අපරාධයක් ලෙස එවකට සැලකුණා.

ඩාවුඩ් ගේ නාමය හේතුවෙන් හසීනා වෙත විශාල බලයක් ගොඩනැගුණු අතර ඩාවුඩ් ඇයව ආරක්ෂා කිරීම සඳහා සිය කල්ලියේ සාමාජිකයන් ද යොදවා තිබුණේ ඇයට දැක්වූ ආදරය හේතුවෙන්.

ඇය සිය බලය පැතිර වූයේ නග්පාදාහි ගෝල්ඩන් හෝල් නම් මහල් නිවාසයක වෙසෙමින් වූ අතර නොයෙක් වර්ගයේ මිනිසුන් ආපා හෙවත් ‘අක්කා’ වෙත සිය ගැටලු ඉදිරිපත් කරනු ලැබුවේ නීතියට වඩා ඉක්මනින් වඩා සාධාරණ විසඳුමක් ඇගෙන් ලැබුණු බැවිනුයි. එම නිවසද ඇය බලහත්කාරයෙන් අත්පත් කරගත්තක් වන අතර සෑම දිනකම එහි සිය ගණනක පිරිසක් රැඳී සිටි බවත් සඳහන් වන වනවා.

මුම්බාය කේන්ද්‍ර කරගනිමින් ඉන්දියානු  පාතාලයේ රැජින වූ ඇය සහ කල්ලිය සතුවූ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 5000 ඉක්මවන බව ගණන් බලා තිබෙනවා. ඉදිකිරීම්, ඉඩකඩම් වල හිමිකම්, කළු සල්ලි මෙන්ම ඉන්දියානු සිනමාපටවල දේශීය සහ විදේශීය ප්‍රදර්ශන අයිතිය හිමිකර ගැනීමද ඇගේ අදායම් මාර්ග වූ බව පැවසෙනවා.

හසීනා පාකර් 2014 වසරේදී මියගියේ හෘදයාබාධයක් හේතුවෙන් වන අතර ඇයට අයත් දේපළ ධනය රාජසන්තක කළ  බවත් පැවසෙනවා.

Related Articles

Don't Miss


Latest Articles