Pantry එක නිසි ලෙස සංවිධානය කරගනිමු

පිංතූරවල තියෙන විදිට ‍ලස්සන Pantry එක තියාගන්න තියෙනව නම් කියල හිතන කාන්තාවෝ කෙතරම්ද? ගෙදර ඉන්න හැමෝම එක්ක සහ තියෙන වැඩ එක්ක කොහොමටත් ඒක හීනයක්. නමුත් ඉඩ අඩුවෙන් භාවිතාකරළ කෘමි කරදරවලින් තොර කාර්යක්ෂම Pantry එක් මෙන්න මේ විදිහට ලබාගන්න පුළුවන්.

අවශ්‍ය ආහාර කාණ්ඩවලට වෙන්කරගන්න

කල් ඉකුත්වන්නට ආසන්න, එකම වර්ගයේ සහ අතිරික්ත වශයෙන් කාණ්ඩගත කරගන්න. භාවිතයට නුසුදුසු කල් ඉකුත්වූ ආහාර සියල්ල ඉවත් කරන්න. මතක ඇතිව අතිරික්ත ආහාර එකම වර්ගයේ දෑ එකම තැනක සිටිනසේ අසුරාගන්න. එනම් සීනි පැකට් දෙකක් මිලදී ගෙනාවොත් එම පැකට් දෙකම එකම තැනක තියන්න. ඔබට පහසුවෙන්ම එවිට ගෙදරට අවශ්‍ය අඩුවැඩිය තීරණයකරන්න පුළුවන්.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න

හාල් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අතට හසුවන මානයෙන් තැන්පත් කරන්න. කෑන්, සෝස් ආදිය සඳහා වෙනම ඉඩක් වෙන්කරන්න. බේක් කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය ආදිය සඳහා වෙනම ඉඩක් වෙන් කරන්න.

ලස්සන නෙමෙයි වැදගත්

ලස්සනට දිලිසි දිලිසි තිබීම නෙමෙයි Pantry ඓකෙන් අපී බලාපොරොත්තු වෙන්නෙ. කාර්යක්ෂම Pantry එකක් පවත්වගන්න, ඔබට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසට පෙනෙන සහ අතට හසුවන මානයෙන් තබාගන්න.

 අවශ්‍ය නම් පමණක ලේබල් කරන්න

පරිප්පු දාන භාජනේ සිට හැම දේම ලේබල් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ. අවශ්‍ය නම් කුළු බඩු ලේබල් කරගන්න. නැති නම් විනිවිද පෙනෙන බඳුන්වලට දමාගන්න.

වැඩි කැටයම් අනවශ්‍යයි

වැඩියෙන් සංවිධානය කරන්නට යාමත් කාළය නාස්තිනරීමක්. Pantry එක සංවිධානයට ඔබටම අවේණික පුංචි ක්‍රමවේදයක් සකසාගන්න.

මේ වදිහට Pantry සංවිධානයකරගතහොත් ඉක්මනින්ම Pantry එක අස්පස් කරල හොඳ විවේකයක් ලබාගන්නත් පුළුවන්වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles