අකලට කොණ්ඩය සුදුවනවාට ස්වාභාවික සත්කාරයක්

හැමෝම කැමතියි ලස්සනට කොන්ඩේ තියාගන්න. නමුත් ඔබේ කොන්ඩය අතරින් පතර සුදු කෙස් කිහිපයක් මතු වී ආවොත් ප්‍රශ්නයක්. මෙවැනි අවස්ථාවක දි බොහෝ දෙනා යොමුවන්නේ කෘතීම ඛෙහෙත් වර්ග භාවිතයට යොමුවීමයි. එය එතරම් යහපත් ප්‍රතිඵල ගෙනදෙන්නේ නැහැ. එසේ කෘතීම ඛෙහෙත් වර්ග භාවිතා නොකර, අකලට සුදු වෙන කොණ්ඩය නැවත කළු කරගන්න නිවසේදීම කර ගත හැකි මෙම ස්වාභාවික ප්‍රතිකාර කිහිපය අත්හදා බලන්න.

අකලට කොණ්ඩය සුදු වෙන්නේ ඔබේ කොන්ඩයට අවශ්‍ය තරම් නිසි පෝෂණයක් ඔබේ ආහාර තුළින් ලැඛෙන්නේ නැති නිසා. දිනපතා කැරට් වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. ඔබ දිනපතා කැරට් යුෂ වීදුරුවක් බොන්න පුරුදු උනොතින් හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ඇති වෙන්න ලැබේවි. ඒ වගේම ඔබේ සමත් වෙනදාට වඩා පැහැපත් වෙන්න පටන් ගනීවි.

ළූණු යනු කොන්ඩයට සැබැවින්ම ඉතාමත් ගුණදායක ඔසුවක්. ළූණු වලට සුදු කොණ්ඩය කළු කරන්නට හැකියාව ඇත. එමෙන්ම අධික ලෙස කොණ්ඩය ගැලවී යන අවස්තාවලදී ද ළුණු මගින් එම තත්වය මග හරවා ගත හැකි වෙනවා. මෙහිදී  සම්පුර්ණයෙන් හිසේ ගෑමට තරම් අවශ්‍ය ළූණු ගෙඩි ප්‍රමානයක් අර ගෙන ඒවාහි පොතු ඉවත් කර ගන්න. ඉන්පසුව හොදි අඹරා ගෙන හිසෙහි ගා විනාඩි 30ක් පමණ සිටින්න. පසුව හොදින් හොඳින් සෝදා හරින්න. මේම සත්කාරය නිවැරදිව දිගින් දිගටම් කරොත් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කළු කර ගත හැකියි.

ශ්‍රී ලාංකික අපිට  පොල් තෙල් වල තියෙන උසස් ගුණය ගැන අමුතුවෙන් පැහැදිලිකරදිය යුතු නැහැ. ඉතා ඉහළ මට්ටමේ පෝෂණයක් ඇති පොල් තෙල් සමග ලෙමන් යුෂ මිශ්‍ර කර ඔලුවේ ගෑමෙන් ඔබට විශ්මිත වූ ප්‍රතිපල ලබා ගැනීමට හැකිය. එම නිසා ඔබටත් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කළු කරගැනීමට අවශ්‍ය නම් පොල්තෙල් සමග ලෙමන් මිශ්‍රණය හිස්කබලේ හොදින් වදින සේ ආලේප කර සම්බාහනය කර බලන්න.

කොණ්ඩය අධික ලෙස ගැලවී යන ඇයට මෙන්ම අකලට කොණ්ඩය සුදු වෙන අයටත් කරන්න පුළුවන් තවත් ස්වාභාවික සත්කාරයක්- එඩරු තෙල් සත්කාරය. කොණ්ඩයට අවශ්‍ය තරම් එඩරු තෙල් ටිකක් ගෙන හිස්කබලට හොදින් දැනෙන සේ සම්බහනය කරන්න. මෙය රාත්‍රියේදී සිදු කර උදෙන්ම සෝදා හරින්න. එවිට වඩාත් ඉහළ ප්‍රතිඵල ඉක්මනින් ලබාගත හැකිවේවි.

මෙලොව, අකලට කොණ්ඩය සුදුවන ප්‍රශනය ඇති එකම කෙනා ඔබ නොවෙයි. එනිසා ඔබේ කොණ්ඩයට මේ වගේ ප්‍රශනයක් අවාම ඉක්මන් කෘතීම විසදුම් හොයන්න ගොස් ඉතුරු වී ඇති කළු කෙස් නැති කර ගන්න එපා. හැකි තරම් ස්වාභාවික දේවල් වලින් ප්‍රශ්නය විසඳාගන්නට වඩාත් උනන්දුවන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles