කාන්තා සිරුරේ ආකර්ෂණීයතම ශරීරාංග

කාන්තාවන් දෙවියන් වහන්සේගේ සුන්දරතම මැවීම බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. නමුත් කාන්තාවන්ගේ සිරුරේ ආකර්ෂණීයතම අංග වනුයේ මොනවාදැයි යන්න නිතර කතා බහට ලක්වන්නකි.  මේ Cosmopolitan සඟරාවට අනුව කාන්තාවන්ගේ ආකර්ෂණීයතම ශරීරාංගයි

මෙම ලැයිස්තුවට අනුව අටවන තැන හිමි වනුයේ පිටටයි (Back). කුදු නොවුණු මනා පිටක් කාන්තාවන්ගේ ආකර්ෂණීයතම අංගයකි.

හත්වන තැන හිමි කරගනුයේ උදරයයි. මෙයින් අදහස් කරනුයේ අධික ලෙස ව්‍යායාම කර කෘත්‍රීමව (abs) සකස් කල උදර නම් නොවේ.

කන සහ බෙල්ල අතර ඇති අකු ඇටය (Collarbone) ලෙස හඳුන්වන සුමුදු කොටසට හිමිවන්නේ හය වන ස්ථානයයි. මෙය සම්බන්ධයෙන් කාන්තාවන්ට එතරම් අවබෝධයක් නැති නමුත් පිරිමින් ඉතාමත්ම ආකර්ෂණීයතම ශරීරාංගයක් ලෙස මෙම කොටස සලකනවා.

පස්වන තැන හිමිවන්නේ කවියන්ගේ වර්ණනාවට නිරන්තරයෙන් ලක්වන උකුළටයි. මෙහිදී උකුළේ දිග පළලට වඩා ඇඳුමක් තුළින් අලංකාරව දිස්වන ස්වභාවයට පිරිමින්ගේ අවධානය දිනාගනියි.

බොහෝ දෙනා සිතන්නේ කාන්තාවන්ගේ ළමැද වඩාත්ම ආකර්ෂණීයතම අංගය බවයි. නමුත් මෙම ලැයිස්තුවට අනුව නම් එයට හිමිව තිබුණේ හතරවන ස්ථානයයි.

මනාව වැඩුණු තට්ටම් කාන්තාවට ආබරණයක්. මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගනුයේ තට්ටම් (Butts) ය.

කාන්තාවන්‍ගේ පියකරු මුවට, විශේෂයෙන්ම පියකරු දත් සහ රුවැති දෙතොල් ඇති අලංකාර මුව මඬල දෙවන ස්ථානයට පත්ව තිබුණා.

බොහෝ දෙනා පුදුමයට පත්කරමින් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබුණේ ඇස්ය. දීප්තිමත්, කතානරන නෙතු සඟලකට වශී නොවන්නේ කවුරුන්ද?

ශරීරයේ බර පිළිබඳව පමණයි බොහෝ කාන්තාවන් සැලකිලිමත් වනුයේ. නමුත් මේ ලැයිස්තුව සැලකිල්ලෙන් කියවා බැලුවොත් කාන්තාවකගේ ආකාර්ශණීය බව වඩා වෙනස් මගක් ගක්නා බව පෙනේවී.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles