ගෙදරදීම chocolate lava cake හදා ගනිමු

රසවත් lava cake කවුරුත් කන්න ලොකු පොඩි කවුරුත් කැමතියි. ගෙදරදීම පහසුවෙන් හා ඉක්මණින් chocolate lava cake සාදා ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුකිං චොකලට් 100 gm
  • dark චොකලට් කැබලි කිහිපයක්
  • සීනි 100 gm
  • බටර් 100 gm
  • බිත්තර 2
  • පිටි 100 gm
  • බේකිං පවුඩර් හැඳි 1
  • ලුණු පින්චක්

සාදා ගන්නා ආකාරය:

බඳුනක් ගෙන එයට චොකලට් හා බටර් දමාගෙන double boil  කරගන්න. නැති නම් මයික්‍රොවේව් එකේ උණු කරගන්න. මෙය  වෙනත් බඳුනක් ගෙන එයට සීනි හා බිත්තර දමා හොඳින් ගසා ගන්න. පසුව මෙම මිශ්‍රණ දෙක හොඳින් එකට කලවම් කරගන්න

මෙයටම බේකිං පවුඩර්, ලුණු සහ පිටි කලවම් කරන්න. හොඳින් මිශ්‍ර වූ පසුව මිශ්‍රණය කෑලි නොසිටින සේ පෙරා ගන්න.

මෙම මිශ්‍රණය ශීතකරණය තුළ විනාඩි 5 ක් තබන්න. බටර් තවරගන්නා ලද කුඩා ෆොයිල් කප් වලට දමා ගන්න. කප් එකේ භාගයක් පමණ පුරවා එයට dark චොකලට් කැබල්ල බැගින් මැදින් තබන්න. උඳුන සෙල්සියස් අංශක 200ට රත් කර ගෙන විනාඩි 10 ක් පුළුස්සා ගන්න.

මෙය whipped cream, වැනිලා අයිස් ක්‍රීම්, කස්ටඩ් සහ ස්ට්‍රෝබෙරි සමඟ පිළිගන්වන්නත් පුළුවන්. සාදයක් රසවත් කරන්න සුදුසු රසම රස chocolate lava cake අනිවාර්යයෙන්ම ඔබත් ගෙදරදී හදල බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles