ලස්සනට විතරක් නෙවේ අමතර ආදායමක් සමඟ ගෙවත්ත හැඩ කරගන්න

ඇන්තූරියම් ශාකයට සමාන ලේඩි ජේන්, මෙරට ජනප්‍රිය මල් වර්ගයක්. ඉතින් ඔබ ගෙවත්ත අලංකරණයට වගේම නිසි ලෙස කළමනාකරණය කළොත් අමතර ආදායමක්ද ඔබට ගෙන එන්නට ලේඩි ජේන් ඔබට අත්වැලක් වේවි. ඒ වගේම ඕනෑම ප්‍රදේශයක වගාකර ගැනීමේ හැකියාවද මේ පැලය සතු වෙනවා.

බීජ තවාන් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉවත දැමූ කිරි හට්ටියක් හෝ පැතලි බඳුනක්
  • කොන්ඩිස් ද්‍රාවණය
  • ආවරණය කිරීම සඳහා වීදුරු කැබැල්ලක්
  • යෝගට් හැන්දක්

තවාන් මාධ්‍ය

  • උළු කැට කැබලි කිහිපයක්
  • දිරා ඇති පත්‍ර කිහිපයක්
  • දිරූ කොළ පොහොර කොටස් 2
  • ගොම පොහොර කොටස් 1
  • වැලි කොටස් 1/2
  1. පළමුව බඳුන හොඳින් සෝදාගන්න
  2. අඩිය සිදුරු කරගන්න.
  3. සිදුර නොවැසෙන ලෙස අඩියට උළුකැට කිහිපයක් දමන්න. ඒ මතට දිරූ කොළ දමන්න.
  4. තවාන් මාධ්‍ය බඳුනෙන් තුනෙන් දෙකකට පුරවා ගන්න.
  5. එම මාධ්‍ය මත සිහින්ව කඩාගත් උළු කැබලි තට්ටුවක් අතුරන්න.
  6. පිරිසුදු ජලයෙන් සහ කොන්ඩිස් ජලයෙන් හොඳින් සෝදා ගත් බීජ මාධ්‍යයේ උළු කැට තට්ටුව මත අතුරන්න.
  7. බීජ සෝදන විට යෝගට් හැන්දකින් පරිස්සමින් එහි සිවිය ඉවත් කරන්න.
  8. බඳුනේ බාගයක් පිරෙන්නට වතුර දමා වීදුරු කැබැල්ලෙන් වසා තබන්න. සති දෙකකින් ජලය ඉවත් කර නැවත වසා තබන්න.
  9. මාසයකට පසු විදුරු කැබැල්ල ඉවත් කරන්න.

මාස තුනකට පමණ පසු බීජ පැළ තත්වයට පත්වේ.

තවාන් පැළ බඳුන පිරිසුදු වැලි කොටස් 4, කුඩා පොල් ලෙලි කැබලි හා හලා ගත් කොහුබත් කොටස් එකක් දමා සකසා ගන්න. පොහොර කැට 8 -10 පමණ දමන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles