සිරුරට හිතකර මෝර තෙල් ගැන ඔබත් දැනුවත් ද?

අධික තෙල් භාවිතය සිරුරට කොහොමටවත් හිතකර වන්නේ නැහැ. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන  තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි.

මෝර තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමටත් දැනටමත් ඔබ අවධානය යොමු නොකළ ඇතැම් තත්වයන් වෙනුවෙන් මෝරතෙල් ගුණදායක බව අවබෝධ කරගන්නටත් මෝරතෙල්වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන ඇතුළත් මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි.

ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කිරීම

මෝර තෙල්වල අන්තර්ගත විටමින් ඩී මගින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරනවා. වයස්ගතවීමත් සමඟ දුර්වල වන ඇටමිදුළු ශක්තිමත් කිරීමට මෝරතෙල් උපකාරී වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෝරතෙල් වයස්ගත පුද්ගලයන්ට වගේ ම ක්‍රීඩකයින්ටත් අතිශයින් වැදගත් වන බවයි සඳහන් වෙන්නේ.

පියයුරු පිළිකා මර්දනය කිරීම

පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකරගන්නට මෝරතෙල් ගුණදායක බව සෞඛ්‍ය පර්යේෂණවලින් මේ වනවිට තහවුරු වී තිබෙනවා. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ මෝරතෙල්වල පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් අන්තර්ගත වන බවයි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට අතිශයින් ගුණදායක තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් හඳුන්වා දෙනවා.

හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කිරීම

මෝර තෙල්වල ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති නිසා ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇතිවීම අවම කරනවා. ඒ වගේ ම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමබර ව පවත්වාගන්නටත් එය උපකාරී වෙනවා. අනෙක් තෙල්වර්ග වලට සාපේක්ෂව මෝරතෙල් ශරීරයට අතිශයින් හිතකර බවයි සෞඛ්‍ය පර්යේෂකයින් සඳහන් කරන්නේ.

මානසික සෞඛ්‍යයට හිතකරවීම

ඔමේගා 3 පෝෂණ සංඝටකය මනසෙහි සංකූලතා අවම කරන්නට සම්‍ත් බව ඔබ දැන සිටියා ද? සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝරතෙල් භාවිතයෙන් අඩු කරගත හැකියි. එමෙන්ම දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූලබව පාලනය කිරීමට ද මෝරතෙල් උපකාරී වෙනවා.

දියවැඩියාව ඇතිවීම පාලනය කිරීම

බටහිර වෛද්‍ය අධ්‍යයන මගින් හෙළි වී ඇත්තේ මෝරතෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව බොහෝසෙයින් පාලනය කළ හැකි බවයි. ශරීරයේ ඉන්සියුලීන් මනාව පාලනය කරන්නට ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් වෙනවා. මේ නිසා මෝරතෙල්වල අඩංගු විටමින් ඒ මගින් දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරගත හැකියි.

 – නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles