හිස්හොරි වදයෙන් මිදෙන්න ඉඟි කිහිපයක්

හිස්කබල වියළි ගතියෙන් වැඩිවුනාම තමයි හිස්හොරි ඇතිවෙන්නේ. මේ කරදරය අද ගොඩක් අයට හිසරදයක් වෙලා තියෙන්නේ. මේ කරදරයෙන් මිදෙන්න අපට ගෙදරදීම කරන්න පුළුවන් අත් බෙහෙත් කිහිපක් ගැන තමයි මේ.

ඇස්ප්‍රීන් පෙති දෙකක් කූඩු කරලා එය තමන් භාවිතා කරන ෂැම්පු වර්ගයට මිශ්‍ර කරලා හිස ගැල්වීමෙන් අපට හැකියාව ලැබෙනවා මේ කරදරයෙන් මිදෙන්න. පොල්තෙල් තේ හැඳි කිහියක් හිස් කබලට දමා හොඳින් සම්භාහනය කිරීමෙන් හිස් කබ5ලේ තියෙන වියළි ගතිය ඉවත් වෙනවා. මෙයත් හිස්හොරි කරදරයෙන් මිදෙන්න හොඳ ක්‍රමයක්.

ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් පමණ ජලය වීදුරැවකට මිශ්‍ර කරලා මේ මිශ්‍රණයෙන් සතියකට දෙවරක් පමණ හිස සේදීම මගිනුත් මේ කරදරයට තිත තියන්න අවස්ථාව ලැබෙනවා. ලෙමන් කියන්නෙත් හිස්හොරි වලට හොඳ බෙහෙතක්. ලෙමන් යුෂ තේ හැඳි දෙකක් හිසට දමා හොඳින් සම්භාහනය කරලා පසුව ජලයෙන් හිස සොදා හරින්න. මේ ක්‍රමයෙන් ඔබට ඉක්මනටම හිස්හොරි හිසෙන් ඉවත් කර ගන්න හැකියාව ලැබෙයි.

ඒ වගේම තමයි ඔලිව් ඔයිල් බින්දු දහයක් විතර හිසට දමලා හොඳින් සම්භාහනය කිරීමත් හිස්හොරි කරදරයෙන් මිදෙන්න තියෙන හොඳම ක්‍රමයක්.

 – එරන්දතී විජේකෝන් –

Related Articles

Don't Miss


Latest Articles