වැඩ කරන අතර තුර කැලරි දහනය කර ගන්නේ මෙහෙමයි

එක දිගට හිඳගෙන රැකියාවේ යෙදෙන විට ශරීරයේ කැලරි දහනය වන්නේ ඉතා සෙමින්. ඒ වගේම මේ ආකාරයට එක දිගටම හිඳගෙන ඉන්න ගමන් කෙටි ආහාර වර්ග ගන්නවා නම් මේ තත්වය තවත් දරුනු වෙනවා. මේ නිසා ශරීරයේ බර වැඩිවෙලා තරබාරුව ඇති වෙන්නත් පුළුවන්.

හැබැයි රාජකාරියේ යෙදෙන ගමන් පුංචි ව්‍යයාමයක යෙදුනොත් පහසුවෙන්ම ශරීරයේ කැලරී දහනය කර ගන්න අවස්ථාව තියෙනවා. මේ සම්බන්ධයෙන් පිටර්ස්බර්ග් සරසවිය පර්යේෂණයකුත් සිදු කරලා තියෙනවා. ඔවුන් කියන විදිහට රාජකාරියේ යෙදෙන අතර තුර විනාඩි 15 ක් හිටගෙන හිටියොත් ශරීරයේ කැලරී දහනය කර ගන්න අවස්ථාව තියෙනවා.

මේ අනුව විටින විට තමන් හිඳගෙන සිටින ස්ථානයෙන් නැගීසිට මද වේලාවක් හිටගෙන රාජකාරියේ යෙදීම මගින් ශරීරයට සිදුවන හානි අවම කර ගන්න අවස්ථාව තියෙනවා. මේ ක්‍රමය දිගටම උපයෝගී කර ගත්තෝත් හිඳගෙන සිදුකරන රාජකාරිය නිසා සිදුවන තරබාරුව නැති කර ගන්න වගේම ශරිරය නිරෝගීව තබා ගන්නත් පුළුවන්.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles