දරුවා ලෙඩ වුන ගමන්ම ඔබ මොකද කරන්නෙ?

දරුවෙකු රෝගී ව්ම තරම් දෙමාපියන් අකමැති තවත් දෙයක් නැහැ. එහෙම නේද ? එහෙත් උණ, හෙම්බිරිස්සාව වගේ නිතර සාමාන්‍යයෙන් හැදෙන රෝග වලදි කොත්තමල්ලි ටිකක් තම්බල දෙන්නෙ නැතිව ඉක්මනින් දොස්තරලා ගාවට ගෙනිහින්  බෙහෙත් මල්ලක් අරන් එන්න අපේ අම්මලා පුරුදු වෙලා ඉන්නවා. සරලව ඉක්මනින් සුව කරගන්න  පුලුවන් ලෙඩකට අනවශ්‍ය තරම්  බෙහෙත් පොවලා දරුවා අපහසුතාවට ලක් කරනවා. එපමණක් නෙවෙයි මේ බෙහෙත් වල අතුරු ඵල ගැන බොහෝ විට තැකීමක් කරන්නෙ නැහැ.

ඉතින් මේ එහෙම සිතූ අම්මා කෙනෙක්ගේ අත්දැකීමක්. පොඩ්ඩක් අපි කියවල බැලුවොත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

“මගේ අත්දැකීම් එක්ක මට මෙහෙම දෙයක් කියන්න හිතුනා මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි මගෙ ලොකු පුතා ඉපදුනේ ලංකාවෙ ඒත් අවුරුදු එකහමාරෙන් එයා අපි එක්ක මේ රටට ආව. ඒ ආපු කාලේ උනක් හෙම්බිරිස්සාවක් හැදුනම GP ගාවට උස්සන් දිව්වත් හැමදේම check කරල බලල its just a virul infection කියල ගෙදර එවනව උන  තිබුනොත් විතරක් paracetamol continue කරන්න කියනව  කවදාවත් ලංකාවෙ වගෙ එක පාර  antibiotics දෙන්නෙ නෑ.

ඒත් ඒ system එක පුරුදු නැති මම දොස්තරට බැන බැන ගෙදර එනව. දවස් තුනක් වගෙ එක දිගට උන තිබුනොත් තමා අනික් testing වලට යන්නෙ. ඔය ක්‍රමේට මට පුරුදුවෙන්න ටිකක් කල් ගියා එතකන් ඉතින් දොස්තරලට බැන බැන ගෙදර ආවා. ඒත් ඉතින් කාලයක් යද්දි ලමයින්ගෙ ශරීර පිටින් එන ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න ගන්නව ඒවලට අවශ්‍ය ප්‍රතිදේහ ශරීරවිසින්ම නිපදවනව.

ඒත් ලංකාවෙ කරන්නෙ හෙම්බිරිස්සාවක් කැස්සක් ආවත් ලමයින්ට antibiotics prescribed  කරනව ඉතින් ලමයින්ගෙ ශරීර වල ප්‍රතිදේහ නිපදවීම අඩපන වෙනව එහෙම උනාම ලමයි හැමදාම  ලෙඩ්ඩු. මම නම් හිතෙන්නෙ මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනෙ ලමයෙකුට හෙබිරිස්සාවක් කැස්සක් ආව ගමන් අරන් doctor ලගට දුවන්නෙ නැතිව අවම දවසක් දෙකක් වත් බලන්න උණක් තියෙනම් විතරක් සැලකිලිමත් වෙන්න. ඔය විදියට හැදෙන නිසාද මංද මේ ලමයින්ට  අවුරුදු පහෙන් විතර පස්සෙ ලෙඩ හැදෙනව හරිම අඩුයි.

පොඩි බබාලට නම් weather changes නිසා ලෙඩ හැදෙනව මොකද එයාලගෙ immune system එක strong නැති නිසා ඒත් ඒ සාමන්‍ය කැස්සක් හෙම්බිරිස්සාවක් නම් antibiotics දෙන්නෙ නෑ. කිරි බොන පොඩිම බබාලට හෙම්බිරිස්සාවක්  හැදුනම කිරි උරන්න එහෙම අමාරුයි ඒකට වෛද්‍යනුමැතිය ඇතිව nasal spray එකක් use කරන්න පුලුවන්. ඒවගේම අපේ අම්මල ලමයින් අව්වෙන් වැස්සෙන් පරිස්සම් කලාට මේ රටවල winter එකට උශ්නත්වය මයිනස් අගයෙ තිබුනත් outdoor play time එකේ ලමයි ඉන්නෙ එලියෙ ඒ weather එකට ඔරොත්තු දෙන විදියෙ ඇදුම් අපි ගෙදරින් අන්දල යවන්නෝන ඉතින් ලමයි වයස අවුරුදු තුනේ ඉදන් ඒ weather changes වලට හුරු වෙනව.

ඔය දේවල් නිසා ලේසියකට පුතාටලෙඩ හැදෙන්නෙ නෑ අපිට හැදුනත් එයා බේරෙනව ඒ නිසා මං හිතනව එයාගෙ immune system eka very strong කියල. මම මේ කියන්නෙ සෙල්සියස් 40 ට වඩා වැඩිපුර උන ආපු ලමයෙක්ට ගෙදර තියන් ඉගුරු කොත්තමල්ලි දෙන්න කියල නෙමෙයි. සාමාන්‍ය කැස්සක් හෙබිරිස්සාවක් හැදුනම ඒක ඉක්මනට හොදකරගන්න antibiotics දෙන්න අම්මල පුරුදු වෙලා ඉන්න එක ගැන

ඒනිසා චුට්ටක් ආයෙ හිතල  බලන්න ලමයෙකුට  ලෙඩක් හැදුනම බලා ඉන්න අමාරුයි තමයි. ඒත් ඉතින් එහෙමයි කියල අපේ පුරුදු නිසා ලමයි හැමදාටම ලෙඩ්ඩු උනොත්”

– මනීශා සංකල්පනී –

ඉතින් අපිත් පොඩ්ඩක් වෙනදාට වඩා මේ ගැන හිතමු නේද ?

– ඉරේශා –

Related Articles

Don't Miss


Latest Articles