මල බද්ධය ට විසඳුම්

මේ නම අප කවුරුත් දන්නවා වගේම එහි අපහසුවත් නොදන්නා කෙනෙක් ඉන්නවානම් ඉතාමත්ම කලාතුරකින් වෙන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ ඉතාමත්ම අපහසුවෙන් මලපහ කිරීමට සිදුවීමයි.

මල බද්ධය ට හේතු

  • කුසට සරිලන  ලෙස ප්‍රමානවත්  ආහාරයක් නොගැනීම.
  • පලතුරුවර්ග අඩුවෙන් ආහාරයට ගැනීම.
  • අඩුවෙන් ජලය පානය කිරීම.
  • අන්ත්‍ර, ගුද මාර්ගයේ හටගන්නා කුඩා ගැටිති නිසා.
  • නිතර වාඩිවී සිටීම නිසා.
  • වේගයෙන් යන වාහනවල අසුන්ගෙන යාම.
  • ගුද මාර්ගයේ කෙලවර නාඩි තෙරපීමකට ලක් වීම.
  • වැසිකිලි යාමට උවමනා වුවත් විවිධ වැඩ නිසා එය කල් දැමීම නිසා.
  • මානසික හේතූන් නිසා.

රෝගීන්ට අහිතකර ආහාර වර්ග

  • කෝලි කුට්ටු, අලු කෙසෙල්, චොක්ලට් කුඩු සහිත කිරි පැකට්, කෝපි, තේ, චොක්ලට් අඩංගු පාන වර්ග, චොක්ලට් කේක් සහ බිස්කට්

බෙහෙත් වලින් තොරව  වලක්වා ගන්නා ක්‍රම

  • වැල, වරකා, කොහිල දලු, කොහිල අල, ගස්ලබු, ඇඹුල් කෙසෙල්, කතුරු මුරුන්ගා, කන්කුන්, සියඹලා, අලිගැට පේර වැනි ආහාර
  • ඇහැල දලු, කරවිල දලු, එරබදු දලු, ඇත්තෝර දලු, දවසකට මේස හැන්දක් ආහාරයට ගැනීම
  • දිනපතා ස්නානය කිරීම
  • සව්, බාර්ලි, කොත්තමල්ලි, පත්පාඩගම්, බෙලි පාන ලබාගැනීම දියර ගතිය වැඩි කැකිරි, දියලබු ආදී ආහාර ගැනීම

– ඉරේශා –

 

Related Articles

Don't Miss


Latest Articles