ලෙඩ රැසකට ගුණ දෙන බාර්ලි වලින් රසවත් පානයක්..

අප ධාන්‍ය ඇසුරෙන් සාදා ගන්නා ආහාර වගේම දේශීය ඔසු ගුණයෙන් යුතු ශාකසාර ආහාර පිලිබඳ නිරතුරුවම කතා කළා. එහි අරමුණ කෘතීම රසායනයන්ගෙන් තොරවස්වාභාවික රසයෙන් ගුණයෙන් ඉහළ රැසක් ආහාර ඔබට හඳුන්වා දීමයි. නිරෝගි දිවියකින් ඔබට ඔබේ වටිනා කාලය වැය කරමින් කියවන මේ ලිපිවල වන්දිය ලබාගන්නට පුලුවන් බව අමතක කරන්නත් එපා.

බාර්ලි ආයුර්වේදයට අනුව බාර්ලි කියන්නෙ වසර දස දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක් සහිත ධාන්‍ය වර්ගයක්. වසර දහස් ගණනකට පෙර අප රටේද බාර්ලි වගා කල බවට සාක්ෂි හමුවී තිබෙනවා. බාර්ලි කරල වී කරලට ඉතාමත්ම සමානයි. ලාංකිකයන් අතර වඩාත්ම ප්‍රචලිත බාර්ලි පානයයි. ඉතින් අපි බලමු කොහොමද මෙය සකසා ගන්නේ කියලා වගේම ගුණ කොහොමද කියලත්

  • තම්බාගත් බාර්ලි හොඳින් නිවෙන්නට හැර ලෙමන් හෝ දොඩම් යුෂ මිශ්‍ර කර රසවත් කරගන්න පුලුවන්.
  • බාර්ලි වලට එළකිරි මුසු කරගත් විට රසවත් පානයක් සාදා ගන්න පුලුවනි. එහෙත් රෝගීන් සඳහා එළකිරි මුසු බාර්ලි සුදුසු වන්නේ නැහැ.
  • බාර්ලි කබලේ බැද, බාර්ලි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ජලය එකතු කර රසවත් කැඳක් සාදාගන්න පුලුවනි.
  • සුප් සාදන විට බාර්ලි ටිකක් එකතු කරගන්නට පුලුවනි නම් උකු බව,රසවත් බව, පෝෂණය ඉහළ යනවා.
  • කෙටි කෑම වර්ග සාදා ගැනීමට බාර්ලි පිටි යොදා ගන්නට පුලුවනි. තිරිඟු පිටි සමග සමානව බාර්ලි පිටි මිශ්‍ර කලයුතු වෙනවා. ඒ වගේම මේ දෙවර්ගය මිශ්‍ර කරගැනීමෙන් බාර්ලි රොටී සාදාගන්නට පුලුවනි.
  • බාර්ලි ඇට පැළ කර වෑංජනයක් ලෙසද සකසා ගන්න පුලුවනි.
  • බාර්ලි අස්වැන්නෙන් වැඩි කොටස මෝල්ට් සෑදීම සඳහා බාවිතා කරනවා. ඖෂධීය ගුණ
  • අධික දාහය සහ පිපාසය වලකාලයි.
  • ශරීරයේ හටගන්නා දැවිල්ල සමනය කරයි.
  • තද උෂ්ණත්වය නිසා ශරීරරයට සිදුවන හානිය අවම කරයි.
  • දියවැඩියාව රෝගීන්ට ඉතාමත්ම ගුණයි.
  • මුත්‍රා දාහය, මුත්‍රා අඩස්සිය, මුත්‍රා ගල්, ආදී මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග සුවපත් කරයි.
  • රක්ත දෝෂ නසයි.
  • සෙම අඩුකරන ගුණයෙන් යුතුයි.
  • ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට බාර්ලි ආශ්‍රිත ආහාර මනා මෙහෙයක් ඉටු කරයි.
  • මල බද්ධය නවතාලයි.
  • පිත්තාශය තුළ ගල් හටගැනීමේ අවදානම පහ කරයි.
  • අස්ථි දිරායාම පාලනය කරයි.
  • ආම්ලිකතාවය සුව කරයි.
  • ප්‍රතිශක්තිකරණය පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නට සමත් ගුණාංග වලින් යුක්තයි.
  • ඇමයිනෝ අම්ල සහ විටමින් රැසකින් සමන්විතයි.
  • ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පියයුරු පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වැළැක්වීමට උපකාර කරයි.

– ඉරේෂා –

 

Related Articles

Don't Miss


Latest Articles